• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කිරිමැටියාන බෞද්ධ බාලිකාවේ තෙමහල් ගොඩනැගිල්ල විවෘත කරන්න ජනපති යයි! අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන බවත් කියයි! PHOTOS I Sri Lanka Latest News

June 15, 2024
in Exclusive
Reading Time: 7 mins read
A A
Share on WhatsAppShare on Facebook

අනාගතයට ගැළපෙන දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය රට තුළ නිර්මාණය කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.Sri Lanka Latest News

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ හලාවත කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසලේ අභිනවයෙන් ඉදිකරන ලද තෙමහල් ගොඩනැඟිල්ලේ පළමු අදියර සිසු අයිතියට පත් කිරීමේ උත්සවයට එක්වෙමිනි.

දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද අධ්‍යාපනය වෙනුවෙන් ලබාදිය යුතු ප්‍රතිපාදන වෙන් කිරීමට රජය කටයුතු කළ බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා රටේ ශක්තිය අධ්‍යාපනය වන බවද අවධාරණය කළේය.

අද පස්වරුවේ කිරිමැටියාන බෞද්ධ බාලිකා ජාතික පාසල වෙත පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාව සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගනු ලැබීය.

විදුහල් භූමියේ පිහිටි බුදු මැදුර වෙත ගොස් මල් පූජාකර ආශිර්වාද ලබා ගත් ජනාධිපතිවරයා අනතුරුව සමරු ඵලකය නිරාවරණය කර අභිනව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළේය.

නව පන්තිකාමර නිරීක්ෂණය කිරීමට ද එක් වු ජනාධිපතිවරයා සිසු දරුවන් සමඟ සුහද කථා බහක ද නිරත විය.

අපොස උසස් පෙළ විභාගයෙන් ඉහළ දක්ෂතා දැක්වූ විද්‍යාලයේ සිසුවියන් වෙත තිළිණ ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු වූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ද සිහිවටන තිළිණයක් පිළිගැන්විණ.
මෙම නව ගොඩනැඟිල්ලේ පළමු අදියර වෙනුවෙන් රුපියල් මිලියන 450ක මුදලක් වැය කර තිබෙන අතර, එම මුදල රජය සහ දෙමාපියන් විසින් ලබා දී තිබිණි.
ගොඩනැඟිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණ කර දෙන ලෙස සිසුවියන් කළ ඉල්ලීම අනුව අදියර දෙකක් යටතේ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් සම්පූර්ණ කර දීමට කටයුතු කරන බව ද ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළේය.
ආණ්ඩුවක වගකීම වන්නේ රට සංවර්ධනය කිරීම බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙය සටන් පාඨ කියමින් කාලය ගත කිරීමට හැකි යුගයක් නොවන බවද අවධාරණය කළේය.
රට දියුණු කිරීමට නම් අලුත් මාර්ගයක ගමන් කළයුතු බවත් ඒ සඳහා අවශ්‍ය ආර්ථික පරිවර්තනය ඇති කරමින් රට සීග්‍ර දියුණුවක් කරා ගෙන යාමට රජය ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙල සමඟ දේශපාලනයෙන් තොරව සියලුදෙනා එක්විය යුතු බව ද සඳහන් කළේය.
මාදම්පේ ආර්ථික කලාපය නැවත ආරම්භ කිරීමටත්, සංචාරක, ආර්ථික සහ තොරතුරු තාක්ෂණ නගරයක් ලෙස එම ප්‍රදේශය සංවර්ධනය කිරීමටත් රජය සැලසුම් කර ඇති බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය
දුෂ්කර ආර්ථික තත්ත්වයක් හමුවේ වුවද රටේ දරුවන් වෙනුවෙන් නවීන අධ්‍යාපනයක් ලබා දීමට රජය කැපවී කටයුතු කර තිබෙනවා. අතීතයේ අධ්‍යාපන ක්‍රම පිළිබඳ දැන් කථා කර ඵලක් නැහැ. අප අනාගතය දෙස බලමින් දකුණු ආසියාවේ හොඳ අධ්‍යාපන ක්‍රමයක් මේ රට තුළ ඇති කළයුතුයි. අපේ රටේ ශක්තිය අධ්‍යාපනයයි. සෑම විටම අපේ රට තුළ හොඳ අධ්‍යාපන ක්‍රමයක් පැවතුණා. පසුගිය කාලය තුළ අධ්‍යාපනය වෙනුවෙන් අප හැකි අයුරින් ප්‍රතිපාදන ලබාදී තිබෙනවා.
මම භාරගනු ලැබුවේ බංකොළොත් රටක්. ඒ වන විට දේශපාලන පක්ෂ කැඩී ගොස් තිබුණා. ඒ නිසා අප කණ්ඩායමක් එක් වී ආණ්ඩුවක් නිර්මාණය කර රටේ ආර්ථිකය ඉදිරියට ගෙන ආවා. දැන් අප අනාගතය පිළිබඳව සිතිය යුතුයි. දැන් අපි ආර්ථික ප්‍රශ්න ක්‍රමයෙන් විසඳා ගනිමින් ඉදිරියට පැමිණෙමින් සිටිනවා.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊයේ සිදු කළ ප්‍රකාශය අනුව අපට සාර්ථක ලෙස ඊළග කාර්තුවේ මුදල් ලැබී තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකාවට නිල වශයෙන් ණය ලබා දී තිබෙන රටවල කමිටුව ලබන සතියේ රැස් වෙනවා. එම රැස්වීමෙන් පසු අපට බංකොළොත්භාවෙයන් ඉවත්වීමට හැකියාව ලැබෙනවා. වසර දෙකක් ගතවීමට පෙර මෙම තත්ත්වය උදාකර ගැනීමට හැකිවීම පිළිබඳ මම ආඩම්බර වෙනවා.
අපට එයින් සෑහීමකට පත් විය නොහැකියි. අප ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන එකඟතාවත් සමඟ ඉදිරියට යා යුතුව තිබෙනවා. තව වසර දෙකකින් විරැකියාව 5%ක් දක්වා අඩු කරගත යුතුයි. ඒ වගේම අපේ ආදායම් ද වැඩිකර යුතුයි. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක කිරීමට වැඩසටහනක් ඉදිරිපත් කර තිබෙනවා. මේ රට දියුණු කළ හැකිවන්නේ එම වැඩසටහන ඉදිරියට ගෙන ගියහොත් පමණයි. අපි අලුතින් සිතිය යුතුයි. එහිදී අලුත් තාක්ෂණය අධ්‍යාපනයට ඇතුළත් කිරීමට අප කටයුතු කර තිබෙනවා.
ආණ්ඩුවක වගකීම වන්නේ රට සංවර්ධනය කිරීමයි. සටන් පාඨ කියමින් කාලය ගත කළ යුගය දැන් අවසන්. අපට නැවතත් එම යුගයකට යන්න බැහැ.
මාදම්පේ ආර්ථික කලාපය නැවත ආරම්භ කිරීමට අප තීරණය කර තිබෙනවා. ඒ වගේම වෙළඳ කලාපයක් සහ ආයෝජන කලාපයක් ආරම්භ කිරීමට බිංගිරිය ප්‍රදේශයේ අක්කර දාහක් ලබාගෙන තිබෙනවා. ඒ වගේම ඉරණවිල සංචාරක කලාපයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා. එවිට සංචාරක ආර්ථිකය සහ කර්මාන්ත ආර්ථිකය මේ ප්‍රදේශයට ලැබෙනවා. ඒ වගේම තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය ලැබුවන්ට අවස්ථාව ලබාදීම වෙනුවෙන් තොරතුරු තාක්ෂණ නගරයක් මාදම්පේ ප්‍රදේශයේ ඇති කිරීමට ද බලාපොරොත්තු වෙනවා.
ඒ වගේම රජය ආරම්භ කර ඇති කෘෂි නවීකරණ වැඩපිළිවෙළ අනුව ගම්මානවලට නවීන කෘෂිකර්මාන්තය හදුන්වා දෙනවා වගේම එම කටයුතු කරගෙන යාමට තරුණ තරුණියන්ට අවශ්‍ය මුදල් ලබා දෙනවා. ඒ සමග ධීවර කර්මාන්තය ද දියුණු කළ විට මේ ප්‍රදේශයේ නව ආර්ථිකයක් ඇති කළ හැකියි. අප 1977 දී ගම්පහ ප්‍රදේශයට අලුත් ආර්ථිකයක් ලබා දුන්නා. දැන් එම වැඩසටහන මෙම ප්‍රදේශයේ ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අනුව හලාවත සිට කුලියාපිටිය දක්වා විශාල දියුණුවක් ඇති වෙනවා.
රට දියුණු කිරීමට නම් අප අලුත් මාර්ගයක ගමන් කළයුතුයි. ඒ සඳහා අවශ්‍ය ආර්ථික පරිවර්තනය ඇති කර, රට තුළ සීග්‍ර දියුණුවක් ඇති කිරීම වෙනුවෙන් ආර්ථික පරිවර්තන නීතිය ගෙනවිත් තිබෙනවා. ඒ නිසා දේශපාලනයෙන් තොරව මෙය සම්මත කර ගැනීම සඳහා සියලුදෙනාගේ සහාය අපේක්ෂා කරනවා. මේ කාලයේ සාම්ප්‍රදායික දේශපාලනය කරන්න බැහැ. කුමන දේශපාලන පක්ෂයකට අයත් වුවත් සියලුදෙනා එකතු වී රටේ සහ දරු පරපුරේ අනාගතය වෙනුවෙන් මෙම ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමට වැඩ කළයුතුයි.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා
තාක්ෂණවේදය විෂය ධාරව අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉල්ලුම් කරන ලෙසත් එය ලබන සතිය වනවිට අමාත්‍යාංශ මට්ටමින් සම්මත කර දීමට කටයුතු කරන බවටත් මා ඔබගේ විදුහල්පතිනියට පොරොන්දු වුණා. ඊට අදාළ විද්‍යාගාර ලබාගන්නේ කෙසේද යන්න සම්බන්ධව ප්‍රශ්නයක් තිබෙනවා. ප්‍රායෝගික පරීක්ෂණ නාත්තන්ඩිය ධම්මිසර විද්‍යාලයෙන් සිදු කර ගැනීමට අවස්ථාව ලබා දිය හැකියි. ඊළඟ සති දෙක තුළ ගුරු පුරප්පාඩු සඳහා බඳවා ගැනීමට අප කටයුතු සූදානම් කර තිබෙනවා. එම ගුරු පුරප්පාඩු මේ පළාතෙන්ම පියවීමට කටයුතු කරනවා.
දරුවන් 300කගෙන් ආරම්භ කළ මෙම පාසල මේ වන විට දරුවන් 3000ක් අධ්‍යාපනය ලබන පාසලක් බවට පත්කිරීම ගැන සතුටු වෙනවා. විද්‍යාපිඨ ජාතික අධ්‍යාපන ආයතනය බිහි කළේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන ඇමැතිවරයා ලෙස කටයුතු කළ සමයේදීයි. එතුමා අධ්‍යාපනයට කළ සේවාව ප්‍රශංසනීයයි. නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී කිසිම දරුවෙක් සාමාන්‍ය පෙළ විභාගය අසමත් කරන්නේ නැහැ. ඔවුන්ට අනාගතයට සරිලන දැනුම ලබාදීමට අප කටයුතු කරනවා. කළුලෑල්ල වෙනුවට ඩිජිටල් ලෑල්ලක් ලබාදීම සුහුරු අධ්‍යාපනය නොවෙයි. එතනින් එහා ගිය වැඩපිළිවෙළක් අපට තිබෙනවා. තොරතුරු තාක්ෂණය හා කෘත්‍රිම බුද්ධිය සමඟ අධ්‍යාපනය ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා. ඒ සඳහා ගුරුවරු පුහුණු කිරීම දැනටමත් ආරම්භ කර තිබෙනවා. ජාත්‍යන්තර පාසල්ද ජාතික පාසල්ද කියා වෙනසක් නොමැතිව මේ කටයුතු සිදු කරනවා. අධ්‍යාපනය සඳහා වෙන්වූ විශ්වවිද්‍යාලයක් ආරම්භ කරනවා. අධ්‍යපනය ජාත්‍යන්තරකරණය කිරීමට මෙමඟින් හැකියාව තිබෙනවා.

ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා
පුත්තලම දිස්ත්‍රික්කයේ එකම බෞද්ධ පාසල වූ මෙම බෞද්ධ බාලිකා ජාතික පාසලේ අඩුපාඩුවක්ව තිබූ පාසල් ගොඩනැගිල්ලක් ලබාදීම සම්බන්ධව සතුටට පත් වෙනවා. මහජන නියෝජිතයෙක් වශයෙන් එදා සිට මේ දක්වා මේ පාසලට උදව් කිරීමට හැකිවීම පිළිබඳවද සතුටට පත් වෙනවා.
එදා මේ රට ඉතා දුෂ්කර තත්ත්වයකට පත්ව තිබූ අවස්ථාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට හැර ගියේ නෑ. අභියෝග වලින් පැන ගියේ නැහැ. රට කෙරෙහි අවිශ්වාසයක් තිබූ ජනතාවට විශ්වාසයක් ඇති කිරීමට මේ වන විට ජනාධිපතිතුමාට හැකියාව ලැබී තිබෙනවා. එම කාර්යභාරය පිළිබඳව පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාවගේ ප්‍රණාමය ජනාධිපතිතුමාට හිමිවෙනවා.
එදා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අධ්‍යාපන අමාත්‍යවරයාව සිටි කාලයේ ගත් තීන්දු තීරණ නිසා අද රටේ අධ්‍යාපනය ඉහළට ඔසවා තැබීමට හැකිව තිබෙනවා. ඒ වගේම ආණ්ඩුව විසින් ආරම්භ කර ඇති වත්මන් ක්‍රමවේදයම ඉදිරියට යා යුතු බව සමාජයේ මතයක් ඇතිව තිබෙනවා. මේ ක්‍රමයද බිඳ වැටුණොත් රට යළි අගාධයට ඇද වැටෙනවා.
පළාතේ මහා සංඝරත්නය ද, වයඹ පළාත් ආණ්ඩුකාර නසීර් අහමඩ්, වෙන්නප්පුව එක්සත් ජාතික පක්ෂ සංවිධායක බුද්ධික සේසත්පුර, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් ජේ. එම්. තිලකා ජයසුන්දර, හලාවත කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක ප්‍රසාද් රත්නායක, වයඹ පළාත් අධ්‍යාපන ලේකම් නයනා කාරියවසම්, විද්‍යාලයේ විදුහල්පතිනි දුලිකා ප්‍රියදර්ශනී යන මහත්ම මහත්මීන්, අධ්‍යාපන බලධාරීන්, රාජ්‍ය නිලධාරීන්, විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, සිසුවියන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-06-14

SendShareShare
Previous Post

සමහරු කියනවා IMF එක නැතිව යමු කියලා! ඒ මෝඩ කතාවලට නම් රැවටෙන්න එපා! හැබැයි රටට-ජනතාවට වාසි විදිහට IMF ගිවිසුම වෙනස් කරන්න සාකච්ඡා කරන්න ලෑස්තියි! ඒක අපි IMF එකට දැනුම් දුන්නා! ඒ අයත් ඒකට එකඟයි! විපක්ෂනායකගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

Next Post

දැන් ඉන්නේ රට පැනලා! මෛත්‍රී ජනාධිපති සමාවක් දීපු රෝයල් පාර්ක් මිනීමරුවට මොකද කරන්නේ? පොලිස් ඇමැති ටිරාන් නීතිපතිට ලියුමක් ලියයි!  I Sri Lanka Latest News

MORE NEWS

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!
Exclusive

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.