• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජනපති ජපන් මුදල් ඇමැති සුසුකිව හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News

January 12, 2024
in Exclusive
Reading Time: 6 mins read
A A
ජනපති ජපන් මුදල් ඇමැති සුසුකිව හමුවෙයි! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට දළ දේශිය නිෂ්පාදිතයේ දර්ශක සහ උද්ධමන දර්ශකවල ධනාත්මක ප්‍රවණතා පෙන්වා දුන් ජපාන මුදල් අමාත්‍යවරයා එම ප්‍රගතිය ශ්‍රී ලංකාවට උදා කර ගැනීමට හැකි වූයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවැරදි ආර්ථික වැඩපිළිවෙළ නිසා බවද සඳහන් කළේය.

මෙම ආර්ථික ප්‍රගතිය සාක්ෂාත් කර ගැනීමේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙතින් ප්‍රදර්ශනය වූ නායකත්වය පිළිබඳව ගෞරවය පළ කළ අමාත්‍යවරයා “ඔබේ රටේ ආර්ථික තත්ත්වය සැලකිය යුතු දියුණුවක් අත්කරගෙන ඇති බව මට වැටහෙනවා. ඉතින් ඒ ඔබතුමාගේ ශක්තිමත් නායකත්වය නිසා බව මම විශ්වාස කරන අතර ඔබතුමා දැක්වූ එම නායකත්වය පිළිබඳව මා තුළ විශාල ගෞරවයක් පවතිනවා” යැයි ද පැවසීය.

ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා (H.E. Mr. SUZUKI Shunichi) මේ බව සඳහන් කර සිටියේ ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේදීය.

ජපානය සහ ශ්‍රී ලංකාව අතර ආර්ථික සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීමේ අරමුණින් ජපාන මුදල් අමාත්‍යවරයා මෙරට දෙදින නිල සංචාරයක නිරතව සිටියි.

ශ්‍රී ලංකා ආර්ථිකය යළි නඟා සිටුවීමේ දී ආර්ථික ස්ථායීකරණය සහ ණය තිරසාරභාවය පිළිබඳ අවධානය යොමු කරමින් සුවිශේෂී ආර්ථික ප්‍රතිසංස්කරණ රැසක් මේ වන විට රජය ආරම්භ කර ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවසීය.

ජාත්‍යන්තරයේ සියලු රටවල් සමග පවතින ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම එම සංවර්ධන න්‍යාය පත්‍රයේ ප්‍රධාන අංගයක් බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එසේම ශ්‍රී ලංකාවේ ණය ප්‍රශස්තකරණ වැඩසටහන සාර්ථක කර ගැනීමට ජපාන රජය ලබාදුන් සුවිශේෂී සහාය පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී කෘතවේදීව සිහිපත් කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වැඩසටහනේ පළමු සමලෝචනය ශ්‍රී ලංකාව සාර්ථකව අවසන් කිරීම මෙහිදී ඇගයීමට ලක් කළ ජපාන මුදල් අමාත්‍යවරයා එහිදී ශ්‍රී ලංකාව විසින් සිදු කරන අභියෝගාත්මක ආර්ථික ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තර ප්‍රජාවගේ ප්‍රසාදයට ලක්ව තිබෙන බව ද සඳහන් කළේය.

ශ්‍රී ලංකා ආර්ථිකය තුළ පවතින වත්මන් ධනාත්මක තත්ත්වය පිළිබඳව මෙහිදී සුබවාදී ලෙස අදහස් පළ කළ ජපාන මුදල් අමාත්‍යවරයා නිල සහ පෞද්ගලික ණය හිමියන් සමඟ පවතින ජාත්‍යන්තර විශ්වාසය ඉහළ නැංවීමට එමඟින් හැකියාව ලැබෙන බවද සඳහන් කළේය.

නිවැරදි මූල්‍ය ප්‍රතිපත්ති හේතුවෙන් උද්ධමනය සැලකිය යුතු ලෙස අඩුවීම. සංචිතවල සාර්ථක වැඩිවීමක් සහ ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම වැනි ජයග්‍රහණය පෙන්වා දුන් අමාත්‍යවරයා ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා රජයේ කැපවීම ද අගය කළේය.

එසේම පසුගිය වසරේ තුන්වන කාර්තුවේ දී පෙන්නුම් කළ ශ්‍රී ලංකා ආර්ථික වර්ධනයේ ධනාත්මක ලක්ෂණ පිළිබඳවද සිහිපත් කළ ඒ මහතා ශ්‍රී ලංකා ආර්ථිකය ඉදිරියේ දී ඉතා සුබවාදී තත්ත්වයක් කරා ගමන් කරනු ඇති බවද සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු ජපාන මුදල් අමාත්‍ය සුසුකි ෂුනිචි මහතා මෙසේද පැවසීය

“ශ්‍රී ලංකාව විසින් සිදු කළ අනෙකුත් සියලුම ප්‍රතිසංස්කරණ පිළිබඳවද අපට දැඩි පිළිගැනීමක් තිබෙනවා. මම ඒ වෙනුවෙන් සුබ පතනවා. ශ්‍රී ලංකාව මෙම අතිශය දරුණු අර්බුදයෙන් ගොඩ ඒමට අවශ්‍ය සියලු ශක්තින් යොදා ගනිමින් සාර්ථකව කටයුතු කරන බව එයින් පෙනී යනවා.

රජයේ ආර්ථික ප්‍රතිසංස්කරණ වැඩසටහන ක්‍රියාත්මක වීමට පටන් ගෙන ඇති බව මෙන්ම ආර්ථිකය ස්ථාවර වෙමින් පවතින බව පෙන්වන ඉතා දිරිගන්වන සුබවාදී ලකුණු තිබෙනවා. ඒ නිසා ඇත්ත වශයෙන්ම මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රතිපත්ති – නැඹුරු විචල්‍යයන් සම්බන්ධයෙන් ද සියලුම ධනාත්මක ලක්ෂණ දක්නට ලැබෙනවා.

රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීම සම්බන්ධයෙන් සැලකීමේදී 2022 දෙවන භාගයේ මාණ්ඩලික මට්ටමේ ගිවිසුමට එළැඹීමෙන් පසු ඔබ විසින් ක්‍රියාත්මක කළ ප්‍රතිපත්ති ක්‍රියාත්මක වන බව දක්නට තිබෙනවා. එමඟින් අපේක්ෂිත බලපෑමක් සිදු වී තිබෙන බව සංඛ්‍යාත්මක දත්ත මඟින් පෙන්නුම් කෙරෙනවා. එයින් ඔබ අර්බුදයෙන් මිදීමට අවශ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමට කටයුතු කරන බව
පෙන්නුම් කෙරෙනවා. එය සැබවින්ම හොඳ ආරංචියක්.

තොරතුරු තාක්ෂණය, සමුද්‍රීය ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර රැසක් ඔස්සේ ජපානය සහ ශ්‍රී ලංකාව අතර සබඳතා තවදුරටත් පුළුල් කර ගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා වූ අතර ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන වෙනුවෙන් ජපාන රජයෙන් ලබාදිය හැකි පූර්ණ සහාය ලබාදෙන බව ද ජපාන මුදල් අමාත්‍යවරයා පැවසීය.

ණය ප්‍රශස්තකරණ වැඩසටහන මෙම වසරේ පළමු කාර්තුව තුළ අවසන් කිරීම ශ්‍රී ලංකාවේ ඉලක්ක බව ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලියේ ප්‍රගතිය පිළිබඳ සඳහන් කරමින් මෙහිදී ශ්‍රී ලංකා නියෝජිත පිරිස විසින් ජපාන නියෝජිත පිරිස දැනුවත් කරන ලදී.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොල ප්‍රතිසංවර්ධනය කිරීම වැනි ව්‍යාපෘති කෙරෙහි ද මෙහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර ජපාන රජයේ ආධාර යටතේ ක්‍රියාත්මක දැනට අතරමග නැවති ඇති සංවර්ධන ව්‍යාපෘති කඩිනමින් යළි ආරම්භ කිරීම පිළිබඳව ද සාකච්ඡා කෙරිණි.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආර්ථික කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ආර්.එච්.එස් සමරතුංග, මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2024-01-12

SendShareShare
Previous Post

කැලණියෙන් මතුවූ ‘බෝධිසත්වයා’ට උසාවියෙන් විදෙස් ගමන් තහනමක් පනවයි! I Sri Lanka Latest News

Next Post

ජනපති හමුවූ ජපන් මුදල් ඇමැති විපක්ෂනායක සජිත්වත් හමුවන්න එයි! සජිත් තනියම ‌නෙමෙයි රටේ ආර්ථිකය හදන කබීර්-හර්ෂ-ඉරාන්-ගොඩහේවා-පල්ලෙවත්ත ඇතුළු ‘ටීම්’ එකම අරන් එයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.