• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්‍රිකට් අතුරු කමිටුවලයි ක්‍රීඩා ඇමැතිගේ බලතලයි ඉස්සරහට අහෝසියි! ජනාධිපති ක්‍රිකට් ලෙජන්ඩ්ස්ලා වටකරගෙන කෝල්ට්ස් ක්ලබ් එකේ 150වැනි සමරුවට එක්වෙයි! ක්‍රිකට් හදන සැලැස්මත් එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

December 9, 2023
in Exclusive
Reading Time: 5 mins read
A A
ක්‍රිකට් අතුරු කමිටුවලයි ක්‍රීඩා ඇමැතිගේ බලතලයි ඉස්සරහට අහෝසියි! ජනාධිපති ක්‍රිකට් ලෙජන්ඩ්ස්ලා වටකරගෙන කෝල්ට්ස් ක්ලබ් එකේ 150වැනි සමරුවට එක්වෙයි! ක්‍රිකට් හදන සැලැස්මත් එළියට දමයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. Sri Lanka Latest News

2030දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තිබිය යුත්තේ කොතැනද කියා දැක්මක් තමා සතු බවද පැවසූ ජනාධිපතිවරයා, පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.5ක් වෙන් කළේ එම නිසා බවත් එය ඉදිරියේදී වසරකට බිලියන 02 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවත් පවසයි.

මෙම මුදල් පරිපාලනය සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම ස්වාධීන භාරයක් වෙත පැවරීමට අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා සියලු කටයුතු විනිවිදභාවයෙන් පවත්වාගෙන යමින් අපේක්ෂිත අරමුණු ඉටු කරගැනීම ඉන් බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

එසේම ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ඉදිරියේදී ගෙනඑන නව නීති මඟින් අතුරු කමිටුවල සහ ඇමතිවරයාගේ බලතල අහෝසි වන බව සඳහන් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රීඩාව වාණිජකරණය වෙනවා නම් එය දේශපාලනයෙන් තොරව තබාගැනීමේ අවශ්‍යතාවයද අවධාරණය කළේය.

රටේ නව ආර්ථිකයක් ගොඩනඟමින් සමෘද්ධිමත් ජාතියක් බවට පත්වීමේ සැලසුම් රජය මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බවත් ක්‍රිකට් ඇතුළු අනෙකුත් ක්ෂේත්‍රවලද දක්ෂතා දක්වන ජාතියක් බවට ශ්‍රී ලංකාව නැවත පත්විය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ (08) පස්වරුවේ කොළඹ කෝල්ට්ස් පිටියේ පැවති කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ 150 වන සංවත්සර සැමරුම් උත්සවය අමතමිනි.

1996 ලෝක කුසලානය දිනු කණ්ඩායමේ සාමාජිකයන් වෙත සහ 2011 පන්දුවාර 20 (T20) ලෝක කුසලානය දිනු කණ්ඩායමේ සාමාජිකයන් වෙත කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ සාමාජිකත්වය පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදුවිය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ යාවජීව සාමාජිකත්වය පිරිනැමීම එහි සභාපති නිශාන්ත රණතුංග මහතා අතින් සිදු කෙරුණි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද පැවසීය.

“මෙවර අයවැය විවාදය තුළද ප්‍රධාන ස්ථානයක් ක්‍රිකට් ක්‍රීඩාව ලබාගෙන තිබෙන බව අපට පෙනෙන්න තිබෙනවා. මෙවර අයවැය විවාදය ප්‍රධාන වශයෙන්ම ක්‍රිකට් ගැන මිස අයවැය ගැන නොවෙයි, ඒ කියන්නේ විපක්ෂයට ආණ්ඩුව සහ අයවැය යෝජනා පිළිබඳ විවේචනය කරන්න දෙයක් තිබුණේ නැහැ.”

“මේ අතර හිටපු ක්‍රීඩා අමාත්‍යවරයා වෙනුවට නව අමාත්‍යවරයෙක් පත් වුණා. ක්‍රිකට් ක්‍රීඩාව තුළ පෙර පැවති තත්ත්වය නැවත ඇති කරන්නේ කෙසේද කියා මේ වනවිට එම අමාත්‍යවරයා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය (ICC) සමග සාකච්ඡා කරමින් සිටිනවා. ඒ සියල්ල කඩිනමින් නිරාකරණය වී අපට නැවතත් ලෝකය සමග කටයුතු කරන්න ලැබේවා කියා අපි ප්‍රාර්ථනා කරමු.”

“2030දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තිබිය යුත්තේ කොතැනද කියා දැක්මක් මට තිබෙනවා.” 

“මෙරට ක්‍රිකට් ක්‍රීඩාව මෙහෙයවීමේදී ඊට රජයේ වැඩි මැදිහත්වීමක් සිදු නොකර සිටීම අපේ අරමුණයි. ඒ වගේම ඉදිරියේදී ගෙන එන නව නීති මඟින් අතුරු කමිටුවල සහ ඇමතිවරයාගේ බලතල අහෝසි වෙනවා.
අපි මෙම මුදල් පරිපාලනය සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව වැඩිදියුණු කිරීම ස්වාධීන භාරයක් වෙත පවරනවා. ඉතිරි කොටස පැවරෙන්නේ පාලක මණ්ඩලයට ඇති සංවර්ධන සැලසුම්වලටයි. ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීමට අමාත්‍යාංශයට ද බලතල තිබෙනවා.”

“අපි අඛණ්ඩව ක්‍රිකට් ක්‍රීඩක සංචිතය නිර්මාණය කළයුතුයි.” 

“ඒ වගේම දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩා සංකීර්ණය ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් ලෙස දියුණු කිරීමට අප කටයුතු කරනවා. ඒ සඳහා අපි ක්‍රිකට් පාලක මණ්ඩලය එක් කර ගන්නවා.”

“ආර්ථිකය කියන්නෙ මුදල්. ක්‍රීඩාව වාණිජකරණය වෙනවා නම් අපි එයටත් ඇතුළත් වෙමු. ඒ වගේම ක්‍රීඩාව වාණිජකරණය වෙනවා නම් එය දේශපාලනයෙන් තොරව තබා ගනිමු.”

SendShareShare
Previous Post

හප්පලා පුච්චලා මරලා ඉවර කරපු ඉතිහාසයක් තියෙනවා! ශානි අබේසේකරවත් හප්පලා මරන්න හදනවා කියලා නීතිපති දෙපාර්තමේන්තුවම අධිකරණයට තොරතුරු වාර්තා කරලා! වහාම ශානිගේ ජීවිතයට ආරක්ෂාව දෙන්න! විපක්ෂනායක අද ශානි ගැනත් පාර්ලිමේන්තුවේ කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

අලුත්ම තීරණයෙන් දැන් උදේ ඉඳන් රෑ වෙනකම් හොඳටම බොන්න පුලුවන්! බාර් ඇරලා තියෙන්නේ! I Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.