ශානි අබේසේකර මහතාව වාහනයකින් හප්පා ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධ තොරතුරු අනාවරණය වී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධරීන් විසින් පසුගිය දා අධිකරණයේ පැවැති නඩු කටයුත්තක දී ඉදිරිපත් කර ඇති බවත් මෙය බරපතල කරුණක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (9) පාර්ලිමේන්තුවේදී පැවසීය.Sri Lanka Latest News
එතුමාගේ ජීවිතය ආරක්ෂා කිරිමට අදාළ විධිමත් ආරක්ෂාවක් ලබා දීම රජයේ වගකීම බැවින් එම ආරක්ෂාව තහවුරු කරන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.










