ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා සභාපතිත්වයෙන් යුතුව කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සඳහා ජනාධිපති ගෝඨාභය මහතා විසින් සාමාජිකයෝ හත් දෙනෙක් අද (31) පත්කරනු ලැබූහ.
සෙසු සාමාජිකයන් ලෙස පත් කරනු ලැබ සිටින්නේ මහා භාණ්ඩාගාරයේ ලේකම් එස් ආර් ආටිගල, ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම,ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති සාලිය වික්‍රමසූරිය,ඕරල් කෝපරේෂන් සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ කුෂාන් කොඩිතුවක්කු, මර්කන්ටයිල් ඉන්වෙස්මන්ට් ඇන්ඩ් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජෙරාඩ් ඔන්ඩච්චි සහ මැක්ලරන්ස් සමූහයේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ රොහාන් ද සිල්වා යන මහත්වරුන්ය.










