පස් වසරක තම ධූර කාලයෙන් ගතවී ඇති වසර දෙකක තුල කිසිදු රටකින් විදේශ ණය ලබාගෙන නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ජාතික පාසල් 1000 ක් දායාද කිරීමේ ජාතික වැඩසටහන සදහා අද සියඹලාණ්ඩුව ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමිනි.
තම ධූර කාලය තුළ ගොවි ජනතාවට නොමිලේ කාබනික පොහොර බෙදා දෙමින් අනුරාධපුර , පොළොන්නරුව ආදි ප්‍රදේශවල පැතුරගොස් තිබු පිළිකා වැනි දරුණු රෝග සම්බන්ධයෙන් තිත තැබීමට උත්සාහ කළ අයුරු ද ජනපතිවරයා මෙහිදි මතක් කර සිටියේය.
එමෙන්ම හිටපු රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ඉවත් කිරීම සම්බන්ධයෙන් ද අදහස් කිහිපයක් ජනපති වරයා විසින් පළ කළේය.
පවත්නා රජයේ අමාත්‍ය ධූරයක් දරමින් රජය විවේචනය කිරීම සම්බන්ධව අප්‍රසාදය පළ කල ජනාධිපතිවරයා එසේ රජය අසමත් වන්නට හේතු වන්නේ එම රජයේ අමාත්‍යධූර දරන පුද්ගලයන් රජය සමත් නොකිරීම නිසා බවද පැවසීය.
එවැනි පුද්ගලයන් රජයෙන් ඉවත් කිරීම සුදුසු බව පවසා සිටි ජනපතිවරයා මේ වන විට බොහෝ දෙනා ඇමතිධූර ඉල්ලා සිටින බවත් එසේ සියල්ලන්ටම ඇමති ධූර ලබාදිය නොහැකි බවත් සදහන් කර සිටියේය.
වැඩක් කිරීමට අවශ්‍ය අයට තනතුරු තිබුනත් නොතිබුනත් එම වැඩ කොටස ඉටු කිරීමට හැකිබවත් එතුමා වැඩි දුරටත් කියා සිටියේය.











