• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ ලොකුම ශ්‍රමදානය නොවැම්බර් 14 වැනිදා අපි කරනවා! අපෙන් අහනවා හොරු අල්ලුවද කියලා! අපි හොරු අල්ලනවා! හැබැයි අල්ලද්දී කෙඳිරිගාන්න එපා! මාස 3න් මාස 6න් ආණ්ඩුව වැටෙනවලු! බලන් ඉන්න! රට හදලා තමයි අපි මේක අතාරින්නේ! මේ අවුරුදු පහේ ඩිජිටල් ලංකාවක් ගොඩනගනවා! ජනාධිපති අනුර දේශපාලන වේදිකාවක කරපු පළමු කතාව! Sri Lanka Latest News

October 27, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
Share on WhatsAppShare on Facebook

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහ මැතිවරණ ඡන්ද ව්‍යාපාරයට එක්වෙමින් මේ වනවිට දිස්ත්‍රික්ක මට්ටමින් රට පුරා දේශපාලන රැලිවලට සහභාගි වෙමින් සිටී. එසේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු පළමු වරට මහ මැතිවරණය ඉලක්ක කරගෙන දේශපාලන වේදිකාවට ගොඩවූයේ තංගල්ලෙනි. මේ, තංගල්ල වේදිකාවේදී ජනාධිපතිවරයා කළ කතාවය. (Sri Lanka Latest News)

අපි කවුරුත් දන්නවා නොවැම්බර් 14 වැනිදා තමයි මහා ශ්‍රමදානය පැවැත්වෙන්නේ. ඒ කියන්නේ මේ රටේ ජනතාවට දීර්ඝ කාලයක තිස්සේ වුවමනාවක් තිබුණා මේ කැත, පිළුණු වුණු අප්‍රසන්න පාර්ලිමේන්තුව වෙනුවට පිරිසිදු පාර්ලිමේන්තුවක්. අපි ජනාධිපතිවරණය ජයග්‍රහණය කළාට පසුව ඉතා කෙටි දවසකින් අපි පාර්ලිමේන්තුව විසුරුවා හැරලා නොවැම්බර් මාසේ 14 වැනිදට පාර්ලිමේන්තුව පිරිසිදු කිරීමේ කාර්යභාරය මේ රටේ ජනතාව අතට අපි දීලා තියෙනවා. හැබැයි ජනතාව නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුව පිරිසිදු කරන්න කලින් සමහර අය ස්වේච්ඡාවෙන්ම පිරිසිදු වෙනවා. එහෙම නේද? විශේෂයෙන්ම හම්බන්තොට. අවුරුදු 88කට පස්සේ. පොඩි කාලයක් නෙවෙයි හොඳේ. අවුරුදු 88කට පස්සේ නම නෑ ඡන්ද පත්‍රිකාවේ. දැනට හරියටම ගණන් හිලව් හදන්න බැරි වුණත් නිකන් අපි හොයලා බලපුවාම දැනෙනවා 60කට වැඩි පිරිසක් ස්වේච්ඡාවෙන්ම පිරිසිදු වෙලා තියෙන බව. දැන් ඉතුරු කාර්යය නොවැම්බර් මාසේ 14 වැනිදා මේ රටේ ජනතාව අකුරට ඉටුකරන බවට අපට විශ්වාසයි. ඒ මොකද අපි ජනාධිපතිවරණයෙන් ලබාගත්තු ජයග්‍රහණය ස්ථාවර ජයග්‍රහණයක් බවට පරිවර්තනය කරන්න නම් නොවැම්බර් මාසේ 14 වැනිදා ශක්තිමත් බලවත් පාර්ලිමේන්තුවක් ජාතික ජන බලවේගය විසින් ලබාගත යුතුයි.

මොකද හම්බන්තොට තත්ත්වය? හරි පැහැදිලියි. හැමදාමත් අපිට බොහෝ ජයග්‍රහණ ගෙනත් දුන්නේ මේ හම්බන්තොට දිස්ත්‍රික්කය. අපි අසීරුතම අවස්ථාවල අපේ දේශපාලනයේ කොඩි අත් නොහැර ඉදිරියට අරගෙන යන්න විශාල දායකත්වයක් දුන්නේ මේ හම්බන්තොට ජනතාව. ඒ නිසා අපි විශ්වාස කරනවා හම්බන්තොට දිස්ත්‍රික්කය නම් සැකයකින් තොරව ශක්තිමත්ම බලයක් නොවැම්බර් මාසේ 14 වැනිදා ජාතික ජන බලවේගයට අරගෙන දෙන එක හරි පැහැදිලියි.

අපි එකින් එක ක්‍රමානුකූලව පියවරෙන් පියවර එහෙත් ස්ථාවර සහ ශක්තිමත්ව මේ රට අපි සහතික වශයෙන් ජයග්‍රහණය සඳහා මෙහෙයවනවා. එක පැත්තකින් ඒගොල්ලන්ට අපිව කලබල කරන්න ඕනේ වෙලා තිබෙනවා. අපි කලබල වෙන්නේ නෑ. අපේ රටට පළමු කොටම අවශ්‍යයි නව දේශපාලන සංස්කෘතියක්. ඒ නව දේශපාලන සංස්කෘතිය නිර්මාණය කිරීමේදී ප්‍රධානම කැපවීම තිබෙන්නේ අපිට දේශපාලකයන් හැටියට, ආණ්ඩුවේ නායකයන් හැටියට අපිට යහපත් දේශපාලන සංස්කෘතියක් නිර්මාණය කිරීම සඳහා අපේ කැපවීම අපි පෙන්නන්න ඕනේ. ජනාධිපතිවරණ ජයග්‍රහණයෙන් පසුව අපි මේ රටේ ජනතාවට ඔප්පු කරලා දීලා තිබෙනවා දේශපාලනය කියන්නේ කුමක්ද, ජයග්‍රහණය සමරන්නේ කොහොමද කියන එක. අපි ස්තුතිවන්ත වෙනවා ජාතික ජන බලවේගයේ අපි ලබාදෙන ලද නායකත්වයට අනුරූපී වෙමින් ඔබ ඒ ජයග්‍රහණය ඉතාම සාමකාමීව රතිඤ්ඤයක්වත් පත්තු කරන්නේ නැතුව, අනෙකාට කිසිදු හිංසාවක්, පීඩාවක් ගෙන දෙන්නේ නැතුව ජයග්‍රහණය සමරන ආකාරය මේ රටේ ජනතාවට අපි ඔප්පු කරලා තියෙනවා.

දැන් මැතිවරණ ව්‍යාපාරයක් දියත් වෙලා තිබෙනවා. වෙනදා මහ ඡන්දේ තියන්නේ කොහොමද? එකිනෙකාට එරෙහිව ප්‍රහාර එල්ල කරන, කාර්යාල ගිනිතබන, ගැටුම් ඇතිවෙන, සමහර විට බයෙන් ඡන්ද කරන්න වෙන තත්ත්වයක් ඇතිවෙලා තිබුණා. විශේෂයෙන්ම මේ හම්බන්තොට. හැබැයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව අද මැතිවරණ ව්‍යාපාරයක් මැතිවරණ කාලයක් ප්‍රජාතන්ත්‍රවාදීව සාමකාමීව කොහොමද ගෙන යන්නේ කොහොමද කියලා මේ රටේ ජනතාවට අලුත් අත්දැකීමක් අරන්දීලා තිබෙනවා.

අද සාමාන්‍ය කාර්යයන් සියල්ල ඒ විදියටම සිද්ධ වෙනවා. ඡන්දයක් තියෙනවද නැද්ද කියන තරමේ හොයාගන්න බැරි තරමට සාමකාමී බවක් අපි ඇතිකරලා තිබෙනවා. අපිට ඕනේ එහෙම රටක්. මේ දේශපාලන සංස්කෘතියේ අතිශය පිරිහීමට භාජනය වුණු රාජ්‍යයක් අපි යළි ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී හැම කෙනාගෙම අදහස්වලට ගරු කිරීම්, ඒ අදහස් නිදහසේ ප්‍රකාශයට පත්කරන්න තියෙන අයිතිය, ඕනෑම දේශපාලන ව්‍යාපාරයකට තමන් කැමැති දේශපාලන ව්‍යාපාරයකට වැඩකරන්න තියෙන අයිතිය අද ජාතික ජන බලවේගයේ ආණ්ඩුව පළමු වතාවට මේ රටේ ස්ථාපිත කරලා තිබෙනවා. වෙනස්කම්.
ඒ විතරක් නෙවෙයි, මම හිතන්නේ දැන් පවතින අපේ ආණ්ඩුව ගත්තොත් ලෝක වාර්තාවක් සහිත ආණ්ඩුවක්. ජනාධිපතිවරයයි, ඇමැතිවරු දෙන්නයි. පොඩි ආණ්ඩුවක්. හැබැයි රටේ එදිනෙදා කාර්යයන් කිසිවක් බිඳවැටෙන්න ඉඩ නොදී අනාගත සැලසුම්, ඒ සඳහා ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය පදනම් සකස් කරමින් අපි ස්ථාවරව වැඩ කරමින් තිබෙනවා, අපි පෙන්නුම් කරලා තිබෙනවා ශක්තිමත්, ධෛර්යවන්ත, විශ්වාසවන්ත මිනිස්සුන්ට කරන්න බැරි දෙයක් නැති බව අපි ඔප්පු කරලා තිබෙනවා. ඒ වගේම රාජ්‍ය වියදම් නාස්ති කිරීම නතර කිරීම අපි අපේ භාවිතාවෙන් තහවුරු කරලා තිබෙනවා. ඒවා සාමාන්‍ය දේශපාලනය නෙවෙයි. මේ රටේ ජනතාව කවදාවත් අත් නොවිඳපු දේශපාලන සංස්කෘතියක් අපි පියවරෙන් පියවර ස්ථාපිත කරලා තිබෙනවා. ජයග්‍රණය සමරන්නේ කොහොමද, මැතිවරණ ව්‍යාපාර දියත් කරන්නේ කොහොමද, ආණ්ඩුවක් කරන්නේ කොහොමද, ඇමැතිවරු, රාජ්‍ය යාන්ත්‍රණය, නාස්තිය නතර කරන්නේ කොහොමද කියන මේ සියල්ල අපි ඔප්පු කරමින් තිබෙනවා. ඒ නිසා මම හිතනවා අපි මැතිවරණ ව්‍යාපාරයේදී කිව්වා වගේම ශ්‍රී ලංකාව යළි පුනරුද යුගයක් කරා අපි මෙහෙයවමින් තිබෙනවා.

අපි හමුවේ තිබෙන බැරෑරුම්ම අභියෝගය තමයි අපි ආණ්ඩුව භාරගත්ත වහාම ආර්ථිකයේ ස්ථාවරත්වයක් නිර්මාණය කිරීම. ඔබට මතක ඇති ජනාධිපතිවරණ වේදිකාවේ තිබුණු කතා. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළොත් ගෑස් සිලින්ඩරය පුපුරනවා. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළොත් ඩොලරය 400ට යනවා. ජාතික ජන බලවේගය ජයග්‍රහණය කළොත් ගෑස් හිඟයක් නිර්මාණය වෙනවා. තෙල් හිඟයක් නිර්මාණය වෙනවා. ජාත්‍යන්තර සබඳතා නැතුව ආර්ථිකය විශාල කඩාවැටීමකට භාජනය වෙනවා කියලා අපේ ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයන් අපට චෝදනා එල්ල කළා. හැබැයි අපි මොකද කළේ? ආරම්භක වශයෙන් අපේ ප්‍රබලතම අභියෝගය බවට පත්වෙලා තිබුණේ ආර්ථිකයේ ස්ථාවරත්වය නිර්මාණය කිරීම. අපි ඉතා කෙටි දවසක් ඇතුළත කොටස් වෙළෙඳපළත් එක්ක සම්බන්ධ වී තිබෙන ආයෝජකයන්ට අපේ විශ්වාසය තහවුරු කළා. අපේ රටේ කර්මාන්තය, ව්‍යාපාරවල යෙදෙන කර්මාන්තකරුවන්ට, ව්‍යාපාරිකයන්ට අපේ ආර්ථිකය පිළිබඳ විශ්වාසය තහවුරු කළා. අපි ජාත්‍යන්තර සංවිධානත් එක්ක ඉතා හොඳින් රටට හිතකර වෙන පරිදි ගනුදෙනු කරමින් රට පිළිබඳ විශ්වාසවන්ත ආර්ථිකයක් අපි නිර්මාණය කළා. දැන් මොකද වෙලා තිබෙන්නේ? දැන් අපි ආර්ථිකය පිළිබඳ ව්‍යාපාරිකයන් පිළිබඳ ජනතාවට ආයෝජකයන්ට ජාත්‍යන්තර ප්‍රජාවන්ට යම් සැකයක් තිබුණා නම් අපේ ආර්ථිකය පිළිබඳ, අපි ඒ සැකය මුළුමනින්ම තුරන් කරලා යළි ස්ථාවර ආර්ථිකයකට අවශ්‍ය වෙන පදනම් සකස් කරලා අවසන්. ආණ්ඩුවක් කරන්නේ එහෙමයි.

ඒ නිසා අපි මේ වනවිටත් රුපියල් 15,000ට හෙක්ටයාරයක් සඳහා තිබුණු පොහොර සහනාධාරය රුපියල් 25,000 දක්වා අපි වැඩිකළා. මේ මාසේ ඉඳන් ලබාදෙන්න අපි කටයුතු කරනවා. විශ්‍රාමිකයන් සඳහා ගෙවන දීමනාව මේ ඔක්තෝබර් මාසේ ඉඳන් රුපියල් 3000කින් වැඩිකරන්න අපි කටයුතු කළා. මේ ඔක්තෝබර් මාසේ සෑම විශ්‍රාමිකයෙකුටම අතිරේක වශයෙන් රුපියල් 3000ක් ලැබෙනවා. අපි දෙසැම්බර් මාසේ අතුරු සම්මත ගිණුමක් ඉදිරිපත් කරනවා. පෙබරවාරි මාර්තු වෙනකොට අපි අයවැය ලේඛනය ඉදිරිපත් කරන්න සැලසුම් කරලා තිබෙනවා. ඒ අයවැය ලේඛනයෙන් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම් පිළිබඳ අපි අවධානය යොමුකරලා තිබෙනවා. ඒ අයවැය ලේඛනයෙන් පාසල් දරුවන්ට ලබාදිය යුතු දීමනාවක් පිළිබඳ අපි අවධානය යොමුකරලා තිබෙනවා. ඔබට සහතික වශයෙන් කියන්නම් ඒ අයවැය ලේඛනයේදී දිලිඳු ජනතාවට, ආබාධයන්ට ලක්වූ පුරවැසියන්ට ලබාදෙන දීමනාව වැඩිකරනවා. ඒ වගේම අලුතෙන් රැකී රක්ෂා උත්පාදනය කිරීමට අවශ්‍ය වෙන ආර්ථික පදනම නිර්මාණය කරනවා. අපේ අපේක්ෂාව ලෝකයේත්, රට ඇතුළෙත් සංචාරක ව්‍යාපාරයට අහිතකර බලපෑමක් වෙන සිදුවීමක් ඇති නොවුණොත් ලංකාවට වැඩිම සංචාරකයන් පිරිසක් එන වසර බවට 2025 වසර අපි පත්කරනවා.

අපි ඔබට කිව්වා ක්‍රමානුකූලව අපේ රටේ ආර්ථිකය ස්ථාවර කරන තෙක් සාමාන්‍ය පුරවැසියන් බලාගැනීම අපේ වගකීමක්. ඒ වගකීම අපි ඉටුකරනවා. ඒ වගේම හැම වෙලාවෙම සහනාධාර මත, හැම වෙලාවෙම දීමනාවන් මත ජීවත් වෙන ජනතාවක් වෙනුවට ඔවුන්ට ආර්ථිකමය හැකියාවක් නිර්මාණය කරන පදනමක් අපි හදනවා. එය අපි අයවැය ලේඛනයේ සිට ක්‍රමානුකූලව දියත් කරන්න අපි සැලසුම් කරනවා. ඒ විතරක් නෙවෙයි අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් අපි ඇතිකරනවා. හැම දරුවෙක්ම පාසලෙන් එළියට එන්න ඕනේ දැනුම මත හෝ වෘත්තීමය පුහුණුව මත අත්දැකීම් සහිත අධ්‍යාපනය සහිත දරුවෙක් බවට පත්වෙලා.

ඒ විතරක් නෙවෙයි. සමහර අය දැන් කියනවා හොරු ඇල්ලුවද කියලා. මම එකක් කියන්නම්. අල්ලනකොට කෙඳිරිගාන්න නම් එපා. අද කියලා යන්නම්. ෆයිල් හාරසිය ගානක් තිබෙනවා. සියල්ල වසාදමා තිබෙන්නේ. අපි අද පරීක්ෂාවට භාජනය කළා සමහර ඒවා නීතිපති දෙපාර්තමේන්තුවේ හිරවෙලා තිබෙනවා. සමහර ඒවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිරවෙලා තිබෙනවා. සමහර ඒවා අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව තුළ හිරවෙලා තිබෙනවා. සමහර ඒවා පැමිණිල්ලකට පමණක් සීමා වී තිබෙනවා. අපි අදාළ ආයතන වෙත උපදෙස් ලබාදී තිබෙනවා සියල්ල යළි විවෘත කරන්නත්, ක්‍රමානුකූලව නඩු පැවරීම සඳහා අවශ්‍ය පරීක්ෂණ දියත් කරන්නත්.

අපිට කිසිවක් ප්‍රදර්ශනාත්මක වැඩ බවට පත්වෙන්නේ නෑ. 2015 මුළුමනින්ම වංචනිකයන් දූෂිතයන්ට එරෙහිව පරීක්ෂණ ප්‍රදර්ශනාත්මක වැඩ බවට පරිවර්තනය වුණා. අල්ලස් කොමිසමට ෆයිල් අරගෙන යනවා, වොයිස් කට් එකක් දෙනවා, එළියට එනවා. ජාතික ජන බලවේගය එහෙම නෙවෙයි, ඉතා සැලසුම්සහගතව සෑම දත්තයක්ම නිසි පරිදි එකතු කරගනිමින් නිසි පරිදි අධිකරණයේදී දඬුවම් ලබාදිය හැකි පරිදි නඩුව ගොනුකිරීම සඳහා අවශ්‍ය වෙන උපදෙස් අපි ලබාදීලා තිබෙනවා. කලබල වෙන්න එපා කවුරුවත්. මේ රටේ ජනතාවගේ ඒ පිළිබඳ අපේක්ෂාවක් තිබුණා. ඒ වංචනිකයන්ට, දූෂිතයන්ට දඬුවම් දීමේ අපේක්ෂාව සහ බලාපොරොත්තුව ඉටුකරන ආණ්ඩුව තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව. අපි ඒක කරනවා. ඒ විතරක් නෙවෙයි. අපේ රටට අහිතකර ගිවිසුම් අස්සන් කරලා තිබෙනවා. අපි ඒ ගිවිසුම්වල අනෙක් පාර්ශ්වයන්ට දැනුම් දී තිබෙනවා අපි මේ ගිවිසුම් යළි සමාලෝචනය කරන්න අවශ්‍ය බව. හැබැයි එම කාර්යයන් කරන්න නම් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට ශක්තිමත් ජන වරමක් තිබෙන බව සියලු අයට අපි ඒත්තුගැන්විය යුතුයි. මොකද මේ ගිවිසුම් යළි සමාලෝචනය කොට රටට හිතකර පරිදි ඒ ව්‍යාපෘති වෙනස් කිරීම සඳහා අපි කිසිසේත්ම පසුබට වෙන්නේ නෑ. එම ගිවිසුම්, ඒ බැඳීම් යළි සංශෝධනය කිරීම සඳහා අවස්ථාව ලැබෙන්නේ මොන තරම් ප්‍රමාණයකින් ජනතාව ඒ සඳහා ජන වරමක් දෙනවද කියන සාධකය මතයි.

අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හමුහුණු වෙලාවෙදිත් අපි ඔවුන්ට ඉතා පැහැදිලිව කිව්වා ජාතික ජන බලවේගයට තිබුණු ජන වරමේ ස්වභාවය මත අපිට සමහර දේවල් පිළිබඳ තීන්දු තීරණ ගන්න වෙයි කියලා. ජන වරම තමයි අපි පිටුපස තිබෙන බලය. අපි පිටුපස තිබෙන හයිය. ඒ නිසා මේ වෙනස්කම් සියල්ල කරන්න එළඹෙන නොවැම්බර් මාසේ 14 වැනිදා ශක්තිමත් ජන වරමක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුවට ලබාදෙන්න තමුන්නාන්සේලා කටයුතු කරන්න.
සමහර අය හීන දකිනවා. අපි ඒ අයගේ සිහින දැකීමේ අයිතියට බාධා කරන්නේ නෑ. හැබැයි දැන් වහසිබස් දොඩවනවා. මාස 3යි, 6යි වැටෙයි කියලා. ජාතික ජන බලවේගය මේ ආරම්භ කරපු ගමන මේ රට ගොඩනගලා, මේ රටේ ජනතාවට හොඳ ජීවිතයක් උරුම කිරීමෙන් තොරව නතර කරන්න බැරි බව හැම දෙනාම තේරුම්ගත යුතුව තිබෙනවා. එහෙම නතර කරන්න බැහැ. ඒක සහතික වශයෙන් මේ කඩාවැටුණු රාජ්‍යය අපි ගොඩනගනවා. සහතික වශයෙන් මේ රටේ දුප්පත්භාවයේ ගිලටීනයට හිරවී තිබෙන ජනතාව එම දුප්පත්භාවයෙන් අපි මුදාගන්නවා. අපි ආරම්භයක් වශයෙන් ධීවර ජනතාව සඳහා ඉන්ධන සහනාධාරය ලබාදෙන්න කටයුතු කරලා තිබෙනවා. ආර්ථිකය නංවන්න, ජනතාවට සහාය දෙන්න, වංචා දූෂණ අවම කරන්න. ඒ විතරක් නෙවෙයි කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අපි නිර්මාණය කරනවා.

අපි එළඹෙන වසර 5 ඇතුළත ඉතා වැදගත් පරිවර්තනයක් අපේ රටට ගේනවා. ලංකාවේ මේ වෙලාවේ එම ක්ෂේත්‍රයේ බිහිවී තිබෙන ප්‍රබලතම විද්වතා අත්දැකීම් තිබෙන කෙනා, එයා තමන්ගේ රැකියාව අතහැරලා ස්වේච්ඡාවෙන් අපේ රටේ සමස්තය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියට නායකත්වය දෙන්න තව සතියකින් දෙකකින් ආරම්භ කරනවා. අපි අපේ ආණ්ඩුවේ පළමු කාලය නිමාවෙන්න පෙර අපේ රටේ සියලු පුරවැසියන්ට කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ලබාගන්න, රජය වෙතින් තමන්ගේ කාර්යය පහසුවෙන් ඉටුකරන්න, බදු ගෙවන්නේ කොහොමද, බදු එකතු කරන්නේ කොහොමද, පාසල් දරුවට යම් ආධාරයක් ලබාදෙන්නේ කොහොමද කියන මේ සියල්ල තාක්ෂණය හරහා කිරීම සඳහා අවශ්‍ය වෙන පසුබිම අපි මේ පළමු ආණ්ඩු කාලය ඇතුළත ස්ථාපිත කරනවා අපේ රටේ. නව යුගයකට, නව තලයකට අපේ රට අවතීරණ කරනවා. ෆයිල් ගොඩගහන රාජ්‍ය සේවයක් වෙනුවට, ජනතාව රස්තියාදු වෙන රාජ්‍ය සේවයක් වෙනුවට ගෙදර ඉඳන් රාජ්‍යයෙන් තමන්ගේ කාර්යය කරගන්න පුළුවන් තත්ත්වයක්, ඉතාමත් පහසුවෙන් කාර්යක්ෂමව රජය වෙතින් ලබාගත යුතු සේවාවන් ලබාගත හැකි තත්ත්වයක්, පෝලිමේ ඉන්නේ නැතුව පොහොර සහනාධාරය ගන්න, පෝලිමේ ඉන්නේ නැතුව අස්වැසුම ගන්න, පෝලිමේ ඉන්නේ නැතුව තමන්ගේ දරුවන්ට අවශ්‍ය මෙවලම් ටික මිලදී ගන්න මේ සියල්ල ඉතා ශක්තිමත් ඩිජිටල් ආර්ථිකයක් බවටත්, රාජ්‍ය සේවයක් බවටත් ශ්‍රී ලංකාව පරිවර්තනය කරනවා. නූතන සියවසට ගැළපෙන ශ්‍රී ලංකාව මේ අවුරුදු 5 ඇතුළත ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ගොඩනගනවා. ඒකට අපි අලුත් අමාත්‍යාංශයක් ගොඩනගනවා. ඒ සඳහා විශාලම අත්දැකීම් සහිත කණ්ඩායම් ස්වේච්ඡාවෙන් අපි සමග එකතු වෙලා ඉන්නවා. සමහර අයගේ වැටුප ගැන හිතුවොත් ඔබ පුදුම වෙයි. මිලියන ගණන් වැටුප් ලබන අය ඒ ඔක්කොම අතහැරලා ස්වේච්ඡාවෙන් මේ රට ගොඩනැගීමේ කාර්යභාරයට පණපොවන්න සූදානමින් ඉන්නවා.

අපි අපේ ශ්‍රී ලංකාව පිරිසිදු ශ්‍රී ලංකාවක් බවට පරිවර්තනය කරනවා. හැම පුරවැසියෙකුගෙම මනෝභාවය පරිසර පද්ධතියට ආදරය කරන, පරිසිදුභාවය තියෙන, කැලිකසළ තැනින් තැන දාන්නේ නැති, තමන්ගේ ගමේ තියෙන දිය ඇල්ල ආරක්ෂා කරගන්න, තමන්ගේ ආර්ථිකයට විශාල හයියක් ගෙනත් දෙන වෙරළ තීරය ආරක්ෂා කරගන්න, මංසන්ධි, කඩපොළ ඉතා පිරිසිදු කරන ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහන අපි ආරම්භ කරලා ලංකාව ලෝකයේ පිරිසිදුභාවයේ සංකේතය බවට ශ්‍රී ලංකාව පත්කරනවා මේ වසර කීපය ඇතුළත. ඒ සඳහා විශාල සැලසුම් ප්‍රමාණයක් අපි සකස් කරලා තිබෙනවා. අපි හිතනවා මේ රටේ පරිවර්තනීය යුගයකට තමයි අපි මේ පය තබලා තිබෙන්නේ.

සමහර අය කියනවා අපි ඒ අයගෙන් පළිගන්නවා කියලා. අපි කිසිවකුගෙන් පළිගන්නේ නෑ. නමුත් මහජනයාගේ දේපළ කෝටි ප්‍රකෝටි ගණන් නාස්ති කරන දේශපාලනයකට නම් අපි ඉඩ දෙන්නේ නෑ. හිටපු ජනාධිපතිවරු දෙදෙනකුට ලබාදීලා තිබුණා වාහන 16 බැගින් සහ ඇම්බියුලන්ස් රථ දෙකක්. ඒ ඔක්කොම ඉතා ඉක්මනින් භාරදෙන්න කියලා අපි කිව්වා. දැනට තියෙන චක්‍රලේඛය අනුව වාහන 3ක් හිමියි. ඒ වාහන 3 ලබාදෙනවා. හැබැයි අපි කමිටුවක් පත්කරලා තිබෙනවා. ඒ චක්‍රලේඛය සංශෝධනය කරලා හිටපු ජනාධිපතිවරු බලාගන්න එක ආණ්ඩුව නතර කරනවා. කවුරුවත් කෙඳිරි ගාන්න එපා. කවුරුවත් කලබල වෙන්න එපා. කවර හෝ කෙනකුට ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් තියෙනවා නම් අපි ආරක්ෂාව ලබාදෙන්නම්. හැබැයි ආරක්ෂාව කියන ලේබලයට මුවාවෙලා ජනතාවගේ දේපළ නාස්ති කරන්න කිසිවෙකුට ඉඩ දෙන්නේ නෑ. ආසන්නම හිටපු ජනාධිපතිවරයා අපිට ලියුමක් එවලා තිබෙනවා, එතුමාට අවශ්‍යයි කෝකියෝ 16 දෙනෙක්, ආරක්ෂාවට 163ක්, වාහන විසි ගණනක්, කුඩ 30ක්. දෙන්න ඕනෙද? දෙන්නේ නෑ. මේ රටේ මහජනයාගේ ධනයෙන් ඒ විදියට නාස්තිකාර ජීවිත ගතකරලා ඒගොල්ලෝ දැන් හිතාගෙන ඉන්නවා ඒවා අයිතියක් ලෙස. ඒවා පාවිච්චි කරලම දැන් හිතනවා ඒක අයිතියක් කියලා. ඒක අයිතියක් නෙවෙයි. ඇම්බියුලන්ස් ගෙදර තියාගෙන ඉන්න. දෙන්නේ නෑ. බොරුවට නිවේදන දාන්න එපා ආරක්ෂාවට තර්ජනයක් කියලා. නෑ. මේ ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි තිබෙන්නේ. මේ තිබෙන්නේ මහජනයාගේ දේපළ තමන්ගේ අයිතියක් ලෙස නාස්ති කිරීම සඳහා දරන ප්‍රයන්තය නතර කිරීම සඳහා මේ රටේ ජනතාවගෙන් අපට ජන වරමක් ලැබී තිබෙනවා. ඒ ජන වරමට අනුව කටයුතු කිරීම තමයි ජාතික ජන බලවේගයේ ආණ්ඩුව කරන්නේ.
ඒ විතරක් නෙවෙයි පහුගියදා අපි නිවේදනයක් නිකුත් කළා බලපත්‍ර දීලා තිබෙනවා විශාල ප්‍රමාණයක් පිස්තෝල සහ ආයුධ තියාගන්න. අපි ඒ සියල්ල නැවත ලබාදෙන්න කිව්වා. නැවත සමාලෝචනයක් කරලා ආරක්ෂාව පිළිබඳ තර්ජනයක් තිබෙනවා නම් අපි දෙන්නම්. ඒ වෙනමොකවක් නිසා නෙවෙයි. අපේ රටේ තැන තැන ඝාතන සිදුවෙනවා. විශාල අවි ආයුධ ප්‍රමාණයක් නිකන් සංසරණය වෙනවා මේ රටේ. ජොන්ස්ටන් ප්‍රනාන්දුට ආයුධ 6ක් 7ක් දීලා තිබෙනවා. යෝෂිතට දීලා තිබෙනවා. ඇවන්ට් ගාඩ්ට ආයුධ 8ක් දීලා තිබෙනවා. ආණ්ඩුවේ ආයුධ තියාගෙන එහෙම කරන්න පුළුවන්ද කාටවත්? ඒ ඔක්කොම ආපහු ආණ්ඩුවට භාරදෙන්න ඕනේ.

ඒ විතරක් නෙවෙයි නීත්‍යනුකූලව ලබාදීලා තියෙන ආයුධ අපි සමාලෝචනය කරලා පසුව අපේ රටේ තියෙන නීති විරෝධී ගිනි අවි අත්පත් කරගැනීම සඳහා රාජ්‍ය මෙහෙයුමක් දියත් කරනවා. මතක තියාගන්න. මේ රටේ තැන තැන ඝාතන සිදුවෙනවා. තැන තැන අපරාධ සිදුවෙන යුගය අපි අවසන් කරන්න ඕනේ. ඒකට තමයි අපිට ජන වරම ලබාදීලා තිබෙන්නේ. ඒ සඳහා අවශ්‍ය පියවරත් අපි ගන්නවා. විශේෂයෙන්ම මත්කුඩුවලින් තොර ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ වගකීම භාරගන්නවා. ඒ සඳහා අවශ්‍ය සැලසුම් අපි සකස් කරමින් තිබෙනවා.

අපිට එරෙහිව අසාර්ථක අවලාද ගහනවා. ඇත්තටම ගත්තොත් අවලාදයක් ගහන්නවත් කෙනෙක් නෑ. බොරුවක් කියන්නවත් දැන් කෙනෙක් නෑ. ජනාධිපති ඡන්දෙ නම් ටිකක් හිටියා. හිටපු අය ගොඩක් නෑ දැන්. මම නැවත සහතික කරනවා පියවරෙන් පියවර ශක්තිමත්ව මේ රට ජයග්‍රහණය සඳහා මෙහෙයවීමේ වගකීම ජාතික ජන බලවේගයේ අපි භාරගන්නවා. අපි ඒ වැඩේ කරනවා.

අපි ඔබෙන් ඉල්ලන්නේ එක දෙයයි. ඔබ ඒ සඳහා අපිට සහාය දෙන්න. ඒ වැඩේ කරන්න ජනතාවගේ සහාය අවශ්‍යයි. මොකද කියන්නේ? මේක මගේ රට පමණක් නොවෙයි. ඔබේ රට. මේක අපේ දරුවන්ගේ අනාගතය පමණක් නොවෙයි. අපේ සියලු දරුවන්ගේ අනාගතය පිළිබඳ ප්‍රශ්නය. මේක විසඳන්න නම් මේ පරම්පරාවේ අපි ඒ සඳහා වැඩ කළ යුතුයි. ඒ සඳහා මෙහෙයවිය යුතුයි. අපේ පරම්පරාවේ අපි වැඩ කරමු. අපේ පරම්පරාවේ අපි මහන්සි වෙමු. අපේ පරම්පරාවේ අපි මේ වෙනුවෙන් කැපවෙමු. අපේ අනාගත පරම්පරාවට හොඳ ශ්‍රී ලංකාවක් නිර්මාණය කරමු. මේක තමයි අවස්ථාව. අනෙක් කිසිවක් ගණන් ගන්න එපා. අනෙක් දේශපාලන පක්ෂවල තිබෙන කුඩා කුඩා කෙඳිරිලි, ඒවා දුකට කියන කතා. දුක නැද්ද? අවුරුදු 88කට පස්සේ ඡන්ද නාමලේඛනයේ නෑනේ… දුක නැද්ද? ඔය ඔක්කොම දුකට කියන කතා. ඒ නිසා අපි ඉතා ස්ථාවරව ශක්තිමත්ව මේ පාලනය ඉදිරියට ගෙනයනවා.

SendShareShare
Previous Post

හයිවේ එකේ ටිකට් කඩන්න මහින්දගේ වාහනය නවත්වලා ජංජාලයක්! ‘අයිසේ මමයි මේවා හැදුවේ… මගෙන් සල්ලි ගන්නේ කොහොමද?’ මහින්දට යකා නැගලා! I Sri Lanka Latest News

Next Post

ආණ්ඩුවේ 110යේ පොල් ලොරිය හෙට දවස පුරා නාරාහේන්පිට! අනිද්දා දෙහිවල! I Sri Lanka Latest News

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.