රසායන පොහොර සහ කෘමිනාශක ගෙන්වීමට රජය ඊයේ (26) තීරණයක් ගත් බව කෘෂිකර්ම හා වාරිමාර්ග අමාත්‍ය ජානක වක්කුඹුර පවසයි.
රසායනික ද්‍රව්‍ය ගොවීන්ට කඩිනමින් ලබා දීමට වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි කියන අමාත්‍යවරයා වහාම ගොවිතැන් කටයුතු අරඹන්නයි කෘෂිකර්ම අමාත්‍යවරයා සියලුම ගොවීන්ගෙන් ඉල්ලීමක්ද කරයි.
කෙසේවෙතත් කාබනික වගාව ප්‍රචලිත කිරීම සදහා ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගත් තීරණය හේතු කොටගෙන පසුගිය කාලයේ විඝාල ගොවි විරෝධයක් ආණ්ඩුවට එල්ල විය. ඒ හරහා ගොවිතැන විනාශ වූ අතර කන්න දෙකක් අපතේ ගිය ආකාරයක්ද දැකගන්නට ලැබිණ.
මේ සදහා ආණ්ඩුවට උපදෙස් දුන්නේ ව්‍යාපාරකියන් සහ දොස්තරවරු කිහිප දෙනෙකි.
ඔවුන්ගේ නම් ගම් සහ ඔවුන් ඒ දිනවල කී කතා ඉදිරියේදී රටට හෙළිදරව් කිරීමට මව්රට මේ වනවිට සූදානමින් සිටිමු.
මේ අපරාධය කිසිවිටකත් රටට අමතක වීමට ඉඩ නොතැබිය යුතුය. අපගේ මාධ්‍යකරණය සහ මාධ්‍ය වගකීම එය බව අපගේ විශ්වාසයය.










