ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ වැඩබලන සභාපති ලෙස ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ පත්කර තිබෙනවා. Sri Lanka Latest News
ඒ නීතීඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ කෞෂල්‍ය නවරත්න ඉල්ලා අස්වීමත් සමගයි.
ජපාන අන්තර්ජාතික සහයෝගිතා නියෝජිතායතනය සමඟ ඇති කර ගත් ගිවිසුමට අදාළව නීතීඥ සංගමයේ සභාපතිවරයා ලෙස විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට ඔහු අපොහොසත් වූ බවත්, එම ගිවිසුම කඩ කළ බවත් අනාවරණය වීමෙන් පසුව ඔහුට ඉල්ලා අස්වන ලෙස නීතීඥ මණ්ඩලය ඒකමතිකව දැනුම් දී තිබුණා.










