ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට (25) දිනයේ ජාතිය ඇමතීමට නියමිතය.
එම විශේෂ ප්‍රකාශය හෙට (25) රාත්‍රී 8.30ට විකාශය වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එම ප්‍රකාශය සියලු රූපවාහිනි සහ ගුවන් විදුලි නාලිකා ඔස්සේ එකම වේලාවකදී විකාශය කිරීමට අපේක්ෂා කරන බවද ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කරයි.










