ඌව පරණගම අග්ගාකැලේ ගම්මානයේ දිවි ගෙවූ පවුලකට අයත් නිවෙසක් ඊයේ හදිසියේම ගිනිගෙන විනාශවී තිබුණා.
නිවෙසේ කිසිවකුත් නොසිටි අවස්ථාවේ මෙම ගිනිගැනීම සිදුව ඇති අතර නිවෙස් හිමියන් පවසන්නේ මෙම ගින්න සැකසහිත බවයි.
දුක් මහන්සියෙන් උපයාගත් සියලු දේ ගින්නෙන් විනාශවී ඇති බවත්. මේ පිළිබඳ විමර්ශනයක් සිදුකර තමන්ට සහනයක් සලසන ලෙසත් ඔවුන් වගකිව යුත්තන්ගෙන් ඉල්ලා සිටිනවා.
එම අවස්ථාවේ වීඩියෝව පහතින්.










