කැනඩාවේ මාර්කම් ප්‍රදේශයේ නිවසක සිදු වූ වෙඩි තැබීමකින් එම නිවසේ සිටි යාපනයේ පදිංචි 20 හැවිරිදි තරුණියක 9 දා මියගොස් තිබේ.Sri Lanka Latest News
මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ යාපනයේ හිටපු නගරාධිපතිවරයකු වූ ඇල්ෆ්‍රඩ් දොරේඅප්පාගේ මිණිබිරියක වන රගුදාස් නිලක්ෂි නමැත්තිය බවට හඳුනා ගෙන තිබේ. වෙඩි තැබීම සිදු වූ මෙම නිවස කැනඩාවේ මාර්කම් නගරයේ කාසල්මෝර් මාවතේ පිහිටා ඇති අතර යාපනයේ කොණ්ඩාවිල් ප්‍රදේශයේ සිට කැනඩාවට ගිය තරුණිය වසර දෙකක්ම ජීවත් වී ඇත්තේ එම නිවසේය.
එම නිවසට මීට පෙර අවස්ථා දෙකකදීම වෙඩි තැබීම් සිදුව ඇති අතර මෙවර වෙඩි තැබීමෙන් යාපනයේ පදිංචි තරුණිය සමග තවත් අයකු මියගොස් තවත් අයකුට තුවාල සිදුව තිබේ. තුවක්කුකරුවන් විසින් නිවසේ ආරක්ෂාවට සිටි සුනඛයකු ද වෙඩි තබා මරා දමා තිබේ.
වෙඩි තැබීමෙන් පසුව ඊට සම්බන්ධ හතරදෙනකු නවීන පන්නයේ කැබ් රථයකින් පලා යන අයුරු සී.සී.ටී.වී කැමරා පද්ධතියක සටහන් වී ඇති බව කැනේඩියානු පොලිසිය සඳහන් කොට තිබේ.
මේ දක්වාම කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගෙන නොමැති අතර කැනඩාවේ පොලීසිය පරීක්ෂණ පවත්වා ගෙන යයි.
කොටි ඝාතනය කළ දොරේඅප්පා!











