ප්‍රබලයකුගේ පුතකු මෙරටට කාබනික පොහොර මෙට්‍රික් ටොන් 99,000ක් චීනයෙන් ආනයනය කිරීමට අදාළ ටෙන්ඩරය ගෙන ඇති බව වාර්තා වේ.
කෙසේවෙතත් මෙම පොහොර තොගය ලංකාවේ නියම කරන ලද පරීක්ෂණවලින් අසමත් ඒවා බවද දැනගන්නට ඇත.
එම තොගයෙහි පසට, මිනිසුන්ට සහ සත්වයන්ට අහිතකර කොටස් විශාල වශයෙන් ඇති බව මේ වනවිට අනාවරණය කොට ඇති බවද පැවසේ.
මෙම පොහොර තොගයේ වටිනාකම ඩොලර් මිලියන 63ක් බවද දැනගන්නට තිබේ.










