• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රාජිනී තිරණාගම නිවෙස අසලදී ඝාතනය කරයි! Sri Lanka Latest News

November 3, 2025
in Exclusive
Reading Time: 3 mins read
A A
රාජිනී තිරණාගම නිවෙස අසලදී ඝාතනය කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අවුරුදු 36කට පෙර අද වැනි දවසක, එවකට යාපනය විශ්වවිද්‍යාලයේ කාය ව්‍යවච්ඡේදන අධ්‍යයන අංශාධිපතිව සිටි වෛද්‍ය රාජිනී තිරාණගම ඇගේ නිවෙස සමීපයේම ඝාතනය වූවාය.
තිරුනෙල්වේලි මංසන්ධි පසු කර පාපැදියක ගමන් කරන නිරායුධ ආචාර්යවරියකි.Sri Lanka Latest News

පාපැදිවලම පසුපස හඹා විත් ඇගේ නමින් අමතන ත්‍රස්තවාදීන් දෙදෙනෙකි. අවසානයේ වෙඩි පහර වැද අඩපණව රුධිර ගංගාවක වැතිරෙන දෙදරු මවගේ හිස ඉලක්ක කොට තවත් වෙඩි පහර දෙකක් එල්ල කළ ඝාතකයින් පා පැදිවල ම නැග පලා ගියහ. ත්‍රස්තවාදයට එරෙහිව තමාගේ ජාතිය විවේචනය කළ වරදට දඬුවමක් ලෙසින් යාපනයේ උපන් ශාස්ත්‍රවන්තිය, මානව හිමිකම් ක්‍රියාකාරිනිය, ස්ත්‍රීවාදිනිය යාල්පානම් ශාස්ත්‍රාලය පෙනෙන නොපෙනෙන මායිමේදී යාපනයේම උපන් ත්‍රස්තවාදීන් අතින් ජීවිතක්ෂයට පත් විය. නිවසට නුදුරින් නැගෙන වෙඩි හඬ අසන රාජිනීගේ දියණිය නර්මදා තිරාණගම ‘තවත් ඝාතනයක්‘ යැයි සිතූ බවත් එනුමුදු ඒ ඝාතනය වූයේ තම මෑණියන් බව සිහිනෙකින් හෝ නොසිතූ බවත් පසුව සඳහන් විය.

රාජිනීගේ සැමියා වූ දයාපාල තිරාණගම මෙයට පස් වසරකට පෙර අද වැනි දවසක රාජිනී අරභයා මුහුණුපොතට එක් කළ සටහනක මෙසේ සඳහන් කළේය.
‘ඇයට ඝාතකයන් පිස්තෝලය එල්ලකොට කොකා ගැසීමට කලින් සිංහ ධේනුවක් ලෙස ඔවුන්ට‍ අභියෝග කළ බව ඝාතකයන් දෙදෙනාගෙන් කෙනෙක් පසුව ප්‍රකාශ කොට තිබුණි.
රාජිනී මරණයට අභීතව මුහුණ දීමට තරම් චිත්ත ශක්තියක් ලබා ගත්තේ, මූලික මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා කිරීම බොහෝවිට ජීවිත පරිත්‍යාගයකින් තොරව සාක්ෂාත් කර ගැනීමට නොහැකි බව ඇය විශ්වාස කළ බැවිනි. ඇයගේ ශක්තිය මෙන්ම දුර්වලකමද සංයුක්ත වූයේ මේ විශ්වාසය තුළය. එම නිසා මරණය ඇය ලු‍හුබඳින බව දැන දැනත් ඇය යාපනයේම රැඳී සිටියාය.

රාජිනී තිරාණගම ඝාතනය වන්නට සති කිහිපයකට පෙර රාජන් හූල්, දයා සෝමසුන්දරම්, ජේ. ශ්‍රීධරන් නම් විද්‍යාර්ථීන් තිදෙනෙක් සමග එක්ව The Broken Palmyrah නම් සමාජ පර්යේෂණ කෘතියක් එළිදැක්වූවාය. ඊළාම් යුද්ධය සහ එහි පසුබිම පිළිබඳ සමාජ විද්‍යාත්මක ඇසකින් රචිත එම කෘතිය එල්.ටී.ටී.ඊ සංවිධානය ඇතුළු දෙමළ කැරලිකාර කණ්ඩායම්හි ක්‍රියාමාර්ග සහ දේශපාලනික ස්ථාවරය පිළිබඳ සෘජු විවේචනයන්ද ඉදිරිපත් කර තිබිණ. රාජිනීගේ ජීවන ගමන මෙතරම් ඉක්මනින් අවසන් වන්නට එම කෘතියද එක් හේතුවක් වූ බව අදටත් පිළිගැනෙන මතයකි.

රාජිනී තිරාණගමගේ සොහොයුරිය ආචාර්ය සුමදි සිවමෝහන් 2019 වසරේදී ‘පුත්තු සහ පියවරු’(Sons and Fathers) නමින් සිනමා පටයක් අධ්‍යක්ෂණය කරමින් යුද්ධය නිසා අපට අහිමි වූ අගනාකම් බොහොමයක් සිහිකැඳවමින් සිත පාරවන්නට සමත් වූහ.

එහි දෙතැනක ගැයෙන ගීතයකි. ආචාර්ය සුමදි සිවමෝහන් විසින් ඉංග්‍රීසියෙන් රචිත ගීතය මහාචාර්ය ලියනගේ අමරකීර්ති විසින් සිංහලයට නගයි. ඇන්තනි සුරේන්ද්‍රගේ තනුවට ගායනය බිම්සරා ප්‍රේමරත්නගෙනි.
‘තාරුකා හංගා තිබේ බැබළුම්
චන්ද්‍රයා හංගා ගනී මුහුණත්
තනිවී හිඳිම් මම්
මේ හුදකලාවේ පාළුවේ
කෝ මාගේ ආලෝකේ
කෝ මාගේ මැණිකේ
කෝ මාගේ – මගේම වූ – ආදරේ
කවුදෝ – මට බොරු කළේ
ජලාශය නිසලයි
කැට පහණකින්, ගැඹරේ රැළි නගයි
ඝණ අඳුර නැවතත් වටකරයි
මුළු හදම සෝකෙන් පිරී යයි
කෝ මාගේ ආලෝකේ
කෝ මාගේ මැණිකේ
කෝ මාගේ – මගේම වූ – ආදරේ
කවුදෝ – මට බොරු කළේ‘

එම ගීතයේ පිරිමි ගැයුම දයාපාල තිරාණගමගේ ද කාන්තා ගැයුම නිර්මලා රාජසිංහම්, සුමදි සිවමෝහන් සහ වාසුකී රාජසිංහම් යන සොහොයුරියන් තිදෙනාගේද යැයි සිතූ විට ඔබට රාජනී තිරාණගම නම් මානව හිතවාදිනිය දකින්නටද ඇය කිසියම් දිනෙක දකින්නට අපේක්ෂා කළ ලෝකය ආසන්නයට හෝ සමීපවන්නටද හැකිවනු ඇත. අයර්ලන්තයේ මුහුදුබඩ ප්‍රදේශ වැසියන්ට මෙන් අනාගතය දැකීමේ හැකියාවක් තිබූ රාජිනි තිරාණගම, සමාජ විද්‍යාඥයන්ගේ සංගමය විසින් ‘බිඳුණු තල් රුක‘ නමින් පසුකලෙක සිංහල බසට නැගූ The Broken Palmyrah කෘතියේ එක් තැනෙක මෙසේ සඳහන් කර තිබිණි.

‘කවදා හෝ දවසක තුවක්කුවක් විසින් මාව නිහඬ බවට පත් කරනු ඇත. නමුත් ඒ තුවක්කුව අන්‍ය පුද්ගලයෙකු විසින් ක්‍රියාත්මක කරන එකක් නොවිය හැකිය. මගේ ඉතිහාසයම බෙදා හදා ගන්නා වූත් මේ සමාජයෙහිම වාසය කරන්නා වූත් කාන්තාවකගේ ගර්භාෂයෙහි වැඩී උපත ලැබූ පුත්‍රයෙකු විසින් ක්‍රියාත්මක කරන ලද තුවක්කුවක් වනු ඇත එය…‘
● රාජිනී තිරාණගම
● උපත සිදුවීම : 23.02.1954
● විපත පැමිණවීම : 21.09.1989
රාජනී ! උතුරේ ඔබගේ මරණය හරහා දකුණේ බොහෝ දෙනෙකුගේද නුවණැස විවර වූ බව වරදකාරී හැඟීමෙන් පිළිගනිමි.

සහන් කසීර වික්‍රමසිංහ

SendShareShare
Previous Post

ඉන්දීය පාතාල නායකයා එක්ක නටපු ජනප්‍රිය නළු නිළියන්! Sri Lanka Latest News

Next Post

දුප්පත් මිනිස්සුන්ට උදව් කරන්න හදපු ජනාධිපති අරමුදලෙන් ණයත් දීලා! අගමැති කෙනෙකුයි මන්ත්‍රී කෙනෙකුයි කෝටි ගාණක පොලුත් තියලා! පුදුම රටක්නේ මේක! I Sri Lanka Latest News

MORE NEWS

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

විවිධ වගාවන් පෙන්වමින් කිසිදු ආයතනයකට මහජනතාවගෙන් මුදල් එකතු කිරීම කළ නොහැකි බවත්, එය නීති විරෝධී බවත් මහබැංකුව පවසයි.Sri Lanka Latest...

Read more
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.