මේ අවස්ථාවේ කළ යුත්තේ අන්තර්වාර ආණ්ඩු සකස් කොට දේශපාලන පක්ෂ එකතුව ඇමැතිකම් බෙදාගැනීම නොව සියලු පක්ෂ එකතු වී තරුණයන් ඉල්ලන දේශපාලන ප්‍රතිසංස්කරණ පාර්ලිමේන්තුවේ සම්මත කිරීම බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා කීය.
ඒ මහතා කියා සිටියේ එසේ නොමැතිව මුදල් විසි කොට 18 වැනිදා බහුතර බලය ආරක්ෂා කරගැනීමට කටයුතු කරන්නේ නම් මෙම අරගලය 18 වැනි දිනට පසු තවත් භයානක තත්ත්වයකට පත්විය හැකි බවකි.









