• About us
  • Contact us
Saturday, June 13, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජබ කොළඹ විරෝධය නවත්වන්න ‌පොලිසිය උසාවියෙන් කළ ඉල්ලීම හැමතැනින්ම ‘රිජෙක්ට්’!

November 15, 2021
in Exclusive
Reading Time: 2 mins read
A A
ලලිත්-කූගන් නඩුවට ජනපතිට යාපන උසාවියෙන් නිකුත් කළ සිතාසිය අභියාචනාධිකරණයෙන් බලරහිත කරයි
Share on WhatsAppShare on Facebook

හෙට (16) දින කෙසෙල්වත්ත ප්‍රදේශයේ පැවැත්වීමට නියමිත බව කියන උද්ඝෝෂණය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන උපමානවලට අනුකූලව පවත්වන ලෙස සමගි ජන බලවේගය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා පොලීසිය විසින් කරනු ලැබූ ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික සී. රාගල මහතා අද (15) ප්‍රතික්ෂේප කළේය.

කෙසේ වෙතත් එම නියෝගයට එරෙහිව ප්‍රතිශෝධන අයදුම්පතක් ඉදිරිපත් කිරීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා මෙම නඩු තීන්දුවේ සහතික පිටපතක් ලබා දෙන ලෙසත් මෙහිදී පොලීසිය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අදාළ උද්ඝෝෂණය ට එරෙහිව අධිකරණය හමුවේ කරුණු වාර්තා කළ කෙසෙල්වත්ත, වේල්ලවීදිය, ආදුරුප්පුවීදිය ඇතුළු කොළඹ මධ්‍යම කොට්ඨාසයේ පොලිස් ස්ථාන වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, එහි ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර සහ එහි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් ඇතුළු පිරිසක් විසින් හෙට දින කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ උද්ඝෝෂණයක් පැවැත්වීමට සූදානම් වන බවට බුද්ධි තොරතුරු ලැබී ඇතැයි සඳහන් කළේය.

කොරෝනා වසංගත ව්‍යාප්තීය හේතුවෙන්  රට වසා දමා විවෘත කොට සංචරණ සීමා ද ඉවත් කර පාසල් ද විවෘත කර තිබෙන මෙම අවස්ථාවේදී සෞඛ්‍යය නීතිරීති උල්ලංඝනය කරමින් පවත්වනු ලබන මෙවැනි රැස්වීම හරහා කොරෝනා ව්‍යාප්තිය තීව්‍ර වීමට ඉඩකඩ තිබෙන බව නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

තමා කිසිදු අවස්ථාවක මෙම උද්ඝෝෂණය තහනම් කරන ලෙස ඉල්ලා නොසිටින බව කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා එය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශවලට අනුකූලව පවත්වන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් එම උද්ඝෝෂණයට සහභාගිවීමට නියමිත ගුණරත්න වන්නිනායක සහ අතුල එස් රණගල යන නීතිඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන්නයි අයැද සිටියේය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ එම උද්ඝෝෂණය කෙසෙල්වත්ත පොලිස් බලප්‍රදේශය තුළ පැවැත්වෙන බවට නිශ්චිත ව කරුණු ඉදිරිපත් වී නොමැති බවය.

එමෙන්ම සෞඛ්‍යය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශවල මහජන රැස්වීම්වලට සහභාගී වීය හැකි පුද්ගල සංඛ්‍යාව හෝ ප්‍රතිශතයක් පිළිබඳව කරුණු දක්වා නොමැති බවද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

ඒ අනුව පොලීසිය විසින් ඉදිරිපත් කරන ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

SendShareShare
Previous Post

ප්‍රභාකරන්ගේ උපන්දිනය සමරන්න උතුරේ උත්සව සතියක්!

Next Post

අපි කොළඹට එනවා…! පුළුවන්නම් නවත්තපල්ලා…! (VIDEO)

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.