• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මම ටැක්සිකාරයා… මම ඇල්ලෙ හාදයා… ඉල්ලගෙන කන්න හරිම සූරයා…! Sri Lanka Latest News

December 28, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
මම ටැක්සිකාරයා… මම ඇල්ලෙ හාදයා… ඉල්ලගෙන කන්න හරිම සූරයා…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘ඇල්ලට වැල්ලවායෙ
පාරට දැම්මා වගේ
සීතල වෙනස් වෙලා
ලොකු අම්මා හන්සියි….’

මේක නිකන් කිව්වේ. මොකද ඒකට හේතුව මේ දවස්වල ඇල්ල වැල්ලවාය පැත්තෙන් මාර කතා ගොඩක් කියැවෙනවා. ඇල්ල කියලා කියන්නේ ලංකාවේ සංචාරක ආකර්ෂණය දිනාගත්ත අතිශය සුවිශේෂ තැනක්. ඇල්ලේ සිද්ධ වෙන සමහර දේවල් අපේ රටේද කියලා හිතාගන්න බැරි තරම් අමුතු දේවල්. ඇල්ල නගරයේ තියෙන සමහර ගොඩනැගිලි, සමහර කඩ සාප්පු, ඒගොල්ලන්ගේ ව්‍යාපාරික ස්වභාවයන් සාමාන්‍ය ව්‍යාපාරික ස්වභාවයන්ටත් වඩා වෙනස්.Sri Lanka Latest News

ඒත් ඉනින් ඇල්ල කියලා කියන්නේ ලංකාවට විශාල වශයෙන් මුදල් හම්බකරලා දෙන තැනක්. ඒ නිසා අපිට ඇල්ලේ සිද්ධ වෙන දේවල්වලට චෝදනා කරන්න ඇඟිල්ල දික්කරන්න බෑ. ඇල්ල ලංකාවේ සංචාරක ආකර්ෂණය වඩාත්ම වැඩියෙන් දිනාගත්ත තැන කියලා කිව්වොත් මම හිතනවා නිවැරදියි කියලා. ඒක මේ පහුගිය අවුරුදු කීපය ඇතුළේ වඩාත්ම වර්ධනය වුණා කියලත් අපිට පේන්න තියෙනවා.

මේ වෙලාවේ කතාබහට ලක්වෙන්නේ ඇල්ලේ සිද්ධ වෙච්ච වෙන සිද්ධියක්. හැබැයි ඒ සිද්ධිය ගැන කතාකරන්න කලින් මට තව එකක් මතක් වුණා. ඒ තමයි ඇල්ලේ ඉන්න රියැදුරන්ට තමයි මේ චෝදනා එල්ල වුණේ. ඇල්ලේ රියැදුරෝ පිටින් ආපු පික්මී-ඌබර් රියැදුරන්ට චෝදනා කළා, තර්ජනය කළා, ඒකට පොලිසියත් උදවු වුණා කියලා බරපතළ කතාවක් කියැවෙන්න ගත්තා. හැබැයි මට මතකයි ඇල්ල රොක් හරියේදී ඇල්ලේ මහ වංගුව ප්‍රදේශයේදී සිද්ධ වෙච්ච රිය අනතුර. ඒ අනතුර වෙලාවෙම මම දැක්කා ඇල්ලේ රියැදුරෝ දාලා තියෙනවා ‘ඇල්ලේ ඉන්න සියලුම රියැදුරෝ තමන්ගේ වාහන අරන් මෙතෙන්ට එන්න, පුළුවන් විදිහට අපි ලෙඩ්ඩු ටික අරගෙන යමු’ කියලා. දැන් ඒගොල්ලෝ තමයි ඇල්ලේ ඉන්න ස්ථීර රියැදුරෝ. ඒගොල්ලන්ට තමයි මේ චෝදනා එල්ල වුණේ. ඒගොල්ලෝ තමයි මේ පික්මී රියැදුරන්ට එන්න නොදී ඉන්නවා කියලා චෝදනාවට පාත්‍ර වෙච්ච කට්ටිය. ඒක මම නිකන් කිව්වේ. මේ ඇල්ලේ රියැදුරන්ට හැමෝම බණින අස්සේ ඇල්ලේ රියැදුරොත් නරකම මිනිස්සුද කියන එක ගැන අපි දැනගෙන ඉන්න ඕනෙනේ. කියන තරම් නරකද කියලා. මොකද යකා සමහර වෙලාවට අපි හිතන තරම් කළු නෑ. ගොරවන තරමටම වහින්නේ නෑ.

පිටින් පේන රූපය, පිටින් පේන චිත්‍රය නිවැරදි නොවිය හැකියි. අන්තර්ජාලය, සමාජ ජාල නිවැරදිම දේවල් එළිකරන්නේ නෑ. සමාජ මාධ්‍ය ඇතුළේ පළමුවැනි කතාව එළියට යන්නේ කොයි විදිහටද, වඩාත් ආකර්ෂණීය කතාව මොකක්ද, වඩාත් තර්ජනාත්මක කතාව මොකක්ද අන්න ඒකට හුරේ දාන සිරිතක් අපි හැමෝගෙම තියෙනවා. ඒ නිසා මේකෙත් අපි දන්නේ නෑ මුල මැද අග කොහොමද ගැළපෙන්නේ කියලා. කොහොම වුණත් ඇල්ල ප්‍රදේශයේ මේ සිදුවීමේදී පොලිස් නිලධාරීන්, ත්‍රිරෝද රථ රියැදුරන්ගේ සහ ඇල්ලේ රියැදුරන්ගේ පැත්ත අරගෙන එතැනට එන අයට තර්ජනය කරනවා, බණිනවා, එළවන්න උත්සාහ කරනවා වීඩියෝගත වෙලා තිබුණා. දැන් මේ වෙද්දි ඒ පොලිස් නිලධාරීන් බණ්ඩාරවෙලට හෝ වෙනත් ප්‍රදේශයකට මාරුකරලා ඉවරයි කියලත් ආරංචියි.

කොහොම වුණත් ඇල්ලේ මේ සිද්ධියත් එක්ක එකපාරටම සිද්ධ වෙන දේ තමයි රාත්‍රිය නිමාවෙලා අලුත් දවසක් උදාවෙන කොට ලංකාවෙම ඉන්න පික්මී රියැදුරන් විශාල ප්‍රමාණයක් ඇල්ලට යනවා. ඒගොල්ලෝ ගිහිල්ලා ඇල්ලේ පාර දෙපැත්තේ වාහන නවත්තනවා. ඇල්ලට පික්මී-ඌබර් ඩ්‍රයිවර්ස්ලාට එන්න දෙන්නේ නෑ කියලා චෝදනා කරපු අයට කටඋත්තර නැති වෙනවා. ඇත්තටම ඒගොල්ලෝ හැංගෙනවා. ඒගොල්ලෝ හැංගුණා කියලා සමාජ මාධ්‍ය ඇතුළේ කියනවා. අපි දන්නේ නෑ හැංගුණාද ඒගොල්ලෝ කොහෙට හරි ගිහිල්ලා හිටියාද මොකක්ද කියලා. කොහොම වෙතත් මේ ත්‍රිරෝද රථ සහ වාහන සම්බන්ධව තියෙන මාෆියාව ගැන අපිට මෙහෙම ලේසියෙන් ඇඟ බේරගන්න බෑ. අපි දැක්කා පිදුරංගලදී මේ වගේම සිදුවීමක් සිද්ධ වෙනවා. සීගිරියට යමින් හිටපු විදේශිකයන් පික්මීවලින් යන්න හදපුවාම ඒගොල්ලන්ට තර්ජනය කරලා, ඊට පස්සේ වෙනත් රියැදුරෙක් මේ අය පයින් යනවා දැකලා දාගෙන යන්න හදද්දී ඔහුටත් තර්ජනය කරනවා. මෙන්න මේ මාෆියාව ඉවත් වෙන්න ඕනේ.

සීගිරිය, අනුරාධපුරය, නුවර, ගාල්ල, දකුණු පළාතේ සමහර තැන්, ඇල්ල මේ වගේ තැන්වලට අරක්ගත්ත රියැදුරන් තමන්ගේ යැයි බලය පවසමින්, තමන්ට ඕනෙ ආකාරයෙන් හැසිරෙමින්, තමන්ට ඕනෙ විදිහට දේවල් පාලනය කරන්න උත්සාහ කිරීම වහාම නවත්වන්න ඕනේ. මොකද මේ පික්මී රියැදුරෙක් කියනවා එක වෙලාවකදි ‘අපිත් ලංකාවේ’ කියලා. ඔව්. ඔවුනුත් ලංකාවේ. ඔවුන්ටත් අයිතියක් තියෙනවා සාධාරණ විදිහට තමන්ගේ ව්‍යාපාරික කටයුතු කරගෙන යන්න. පික්මී කියන්නේ ආයතනයක්, ඌබර් කියන්නේ ආයතනයක්. මේ ආයතන විසින් සිද්ධ කරන ගෙවීම්, මේ ආයතන විසින් ලබාදෙන ලාභ පාඩු ඒ ගැන අපි දන්නේ නෑ. අපි මේ ආයතන ප්‍රවර්ධනය කරනවත් නෙමෙයි. නමුත් මේ ආයතන මුළු රටම දන්නවා. මුළු රටේම අය මේ වාහනවල යනවා එනවා. අපිත් ඒ වාහනවල යනවා එනවා. යම් අකටයුතුකම් අසාධාරණකම් සිද්ධ වෙනවා. හැබැයි ඒවා පෞද්ගලිකයි. සමහර වෙලාවට ඒවා ආයතනගතයි.

නමුත් මේ රට ඇතුළට එන විදේශිකයන්ට මේ විදිහට අපහසුවක් ඇතිවන ආකාරයෙන් වැඩකටයුතු වෙනවා නම් ඒක හරි භයානකයි. විශේෂයෙන්ම මේ ප්‍රශ්න අපි දෙගොල්ලෝ අතර ඇති කරගෙන ඒවා දකින්නෙත් පිටින් එන විදේශිකයෝ. ඒගොල්ලෝ ආස නෑ අපිත් එක්ක රණ්ඩු වෙවී ප්‍රශ්න විසඳ විසඳ ඉන්න. ඒගොල්ලන්ට ඕනේ සාමකාමීව නිදහසේ ඇවිදලා කරලා රටේ තොටේ සිද්ධ වෙන දේවල් බලලා නිදහසේ ගෙදර යන්න ආපහු. දැන් ඒ මිනිස්සුන්ට බලන්න වෙලා තියෙන්නේ අපේ එවුන් ගහගන්නවා, අපේ එවුන් රණ්ඩු වෙනවා, අපේ එවුන් කුණුහරුප කියාගන්නවා. ඒ නිසා එහෙම නැතුව පිටරට ඉඳන් එන එකෙක්ගෙන් කීයක් හරි අරගෙන, අපේ ආර්ථිකය හදාගෙන යන්තම් ගොඩයන්න හැමෝම එකතු වෙමු. අපි දන්නවානේ නන්නත්තාර වෙච්ච රටක්. දැන් මේ ඩොලර් බිලියන ගණන් අපිට අවශ්‍ය වෙලා තියෙනවා මේ රට ගොඩදාගන්න. රටේ හෝටල්, ගෙවල්, යාන වාහන විශාල ප්‍රමාණයක් කැඩිලා බිඳිලා විනාශ වෙලා ගියපු රටක අපි මේ ඉන්නේ.

ජාති ආගම් කුල මල දේශපාලන භේද, ආයතන භේද, උඩරට පහතරට භේද අරවා මේවා හදාගෙන වෙන් වෙන්න කොටස්වලට කැඩෙන්න කාලයක් නෙමෙයි මේක. මිනිස්සු වගේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න ඕනෙ කාලයක්. අපි දන්නවා කරදරයක් වුණොත්, අනතුරක් වුණොත්, ප්‍රශ්නයක් වුණොත් පිදුරංගලද අනුරාධපුරේද කොළඹද යාපනයේද ගාල්ලේද කියලා නෑ ඉස්සෙල්ලම එන්නේ ත්‍රිරෝද රථ රියැදුරෝ. අසාධාරණයකදී ඉස්සෙල්ලම එළියට බහින්නේ ඒ මිනිස්සු. අනතුරක් වුණොත් අපි ගිහිල්ලා කියන්නේ ඒ මිනිස්සුන්ට. කොන්දේසි විරහිතව ඇවිල්ලා මිනිස්සුන්ව බේරගන්න ඔය හැම ත්‍රිරෝද රථ රියැදුරෙක්ම එනවා. ඒ නිසා අපි දන්නවා ඔයාලගේ හිත හොඳයි. ඔයාලගේ හිත හොඳයි වගේම ඔයාලා සමහර ප්‍රශ්නවලදි කලබලකාරීව වැඩකරනවා. ඒ නිසා එහෙම නැතුව හෘද සාක්ෂියක් ඇති මිනිස්සු විදිහට මේ ප්‍රශ්නය විසඳගමු.

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ගංජා යායයි – මන්ත්‍රි හාමුයි – පොලිසියෙ වැඩ තිතට බේරයි! Sri Lanka Latest News

Next Post

අපේ රාජ්‍යයේ රැජිනගේ අවසන් කටයුතු බදාදා නිදහස් චතුරශ්‍රයේදී! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.