Whatsapp හරහා හුවමාරු වන බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාශය විසින් නිකුත් කළ ලිපිය සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇති කර නොගන්නා ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දුව ජනතාවගෙන් ඉල්ලා සිටී.
මෙලෙස හුවමාරු වන Whatsapp පණිවුඩය සම්බන්ධයෙන් කළ විමසීමකදී ඔහු සදහන් කොට ඇත්තේ මෙම ලිපිය යොමු කිරීමේ අරමුණ වූයේ මේ සම්බන්ධයෙන් අදාළ අංශ වෙත දැනුම් දී අදාළ පණිවුඩය සම්බන්ධයෙන් සොයා බැලීමට බවයි.










