• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස් ඇමැති ටිරාන් කියපු කතාවලට W15 හෝටල් කළමනාකාරීත්වය උත්තර දෙයි! I Sri Lanka Latest News

February 5, 2024
in Exclusive
Reading Time: 5 mins read
A A
පොලිස් ඇමැති ටිරාන් කියපු කතාවලට W15 හෝටල් කළමනාකාරීත්වය උත්තර දෙයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

W15 සන්නාමය යටතේ ක්‍රියාත්මක වන වැලිගම බුටික් හෝටලය පිළිබඳව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා සිදු කළ ප්‍රකාශයන් කිහිපයක් සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකාරීත්වය දරන සමාගම විසින් සිය අප්‍රසාදය පළ කර තිබෙනවා. Sri Lanka Latest News

Lanka Realty Investments PLC නමැති මෙම සමාගම අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා වෙත සහ ශ්‍රී ලංකා හෝටල් සංගමයේ සභාපති වෙත යොමු කර ඇති ලිපියකින් පෙන්වා දෙන්නේ යුක්තිය මෙහෙයුම සම්බන්ධයෙන් පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ‘W 15 වැලිගම’ හෝටලය ආශ්‍රිතව හට ගත් සිදුවීමක් සම්බන්ධයෙන් අමාත්‍යවරයා අසත්‍ය මෙන්ම වගකීම් විරහිත ප්‍රකාශ කිහිපයක් නිකුත් කර ඇති බවයි.

2024 ජනවාරි 18 දින ටිරාන් අලස් මහතාගේ සහ වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද මෙම ප්‍රවෘත්ති සාක්ච්ඡාවේදී ටිරාන් අලස් අමාත්‍යවරයා W 15 වැලිගම හෝටල් පරිශ්‍රයේ සිදු කළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයින් 15 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවට අසත්‍ය ප්‍රකාශයක් සිදු කර ඇති බව Lanka Realty Investments PLC සමාගම පවසනවා.

එමෙන්ම, මෙම හෝටලය සමඟ හරක් කටා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සම්බන්ධ බව සඳහන් කරමින් ටිරාන් අලස් මහතා විසින් එහිදී අසත්‍ය චෝදනා එල්ල කර ඇති බවද අදාළ ලිපියේ සඳහන්.

එම සමාගම මෙහිදී අවධාරණය කර ඇත්තේ වැලිගම වෙරළ පොදු ස්ථානයක් බැවින් එහි සිදුවන සිදුවීම් ඔවුන්ගේ හෝටලයේ පාලනයෙන් තොර බවයි.

එමෙන්ම, Lanka Realty Investments PLC හි කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ටිරාන් අලස් මහතා අතර ඇති වූ හමුවකදී “මෙම හෝටලය බේරා දෙන්න යයි” වැලිගම W 15 හෝටලයේ හිමිකාරීත්වය විසින් අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ බවට ටිරාන් අලස් මහතා නිකුත් කර ඇති ප්‍රකාශයද අසත්‍ය බව මෙම ලිපියෙන් පෙන්වා දෙනවා.

එමෙන්ම, මෙම සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා පවසන්නේ ඔහු ටිරාන් අලස් මහතා හමු වූයේ පොලිස් නිලධාරියෙකුට පවා මියයෑමට සිදුවූ වැලිගම වෙඩි තැබීමේ සිදුවීමේදී, දේශීය සහ විදේශීය සංචාරකයින්ගේ ආරක්ෂාව ගැන කිසිදු තැකීමක් නොකර අපරාධ විමර්ශන කොට්ඨාශය එලෙස ක්‍රියා කළේ ඇයිද යන්න සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් අපේක්ෂාවෙන් බවයි.

ඒ අනුව, මහජන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් තමා සතු බලතල භාවිත කරමින් මෙලෙස අසත්‍ය සහ තර්ජනාත්මක ප්‍රකාශ නිකුත් කිරීම කණගාටුවට කරුණක් බවත් ඉදිරියේදී එවැනි ප්‍රකාශයන් සිදු කිරීමෙන් වළකින ලෙසත් Lanka Realty Investments PLC සමාගම මෙම ලිපියෙන් දන්වා තිබෙනවා.

එමෙන්ම, එසේ අසත්‍ය ප්‍රකාශ සිදු කිරීමෙන් තම සමාගමේ කීර්ති නාමයට සිදු වන හානිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට පසුබට නොවන බවද Lanka Realty Investments PLC සමාගම අවධාරණය කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන්, ජනාධිපතිවරයාගේ සහ සංචාරක අමාත්‍යවරයාගේ අවධානය යොමු කරවන ලෙසත් රජයේ වගකීම් දරන අමාත්‍යවරුන් විසින් අසත්‍ය හා වගකීම් විරහිත ප්‍රකාශයන් විසින් මෙවැනි අසත්‍ය සහ නොමඟ යවන සුළු ප්‍රකාශයන් සිදු කිරීම ඉදිරියේදී ඉඩ නොතබන ලෙසත් Lanka Realty Investments PLC සමාගම ශ්‍රී ලංකා හෝටල් සංගමයෙන් ඉල්ලා සිටිනවා.

Letter-to-THASLDownload

SendShareShare
Previous Post

ජාත්‍යන්තර පාසලක ගසක් කඩා වැටී දරුවෙක් මරුට! තවත් 3කට තුවාල! I Sri Lanka Latest News

Next Post

කරපු විදිහ වැරදියි! විපක්ෂය එකමුතු වෙයි! කතානායකට එරෙහි විශ්වාසභංගය ස්ථිරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News
Astrology

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News
Exclusive

දාහත් දාහෙන් මාසයක් ඉන්න එකද අලුත් ආණ්ඩුවකින් ඉල්ලුව වෙනස…? Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

Load More
හරි කාලේ ආවම ආපහු එනවා…! ලංකාවේ පොලිටික්ස් තවම හරි ට්‍රැක් එකට වැටිලා නැහැ…! මගේ පක්ෂේ ඇතුළෙන්ම මට මඩ ගැහුවා…! කකුලෙන් ඇද්දා…! ලොකු ගමනක් යන්න හීන මැව්වේ නැහැ…! ඕෂධී හේවාමද්දුම I Sri Lanka Latest News
Heart

ඕෂධී හේවාමද්දුම. ඈ ගැන අලුතෙන් හඳුන්වා දිය යුතු නැහැ. කෙටි සටහනක් කියනවා නම්, නිළියක වන ඉලක්කයක හෝ හීනයක හිටපු නැති...

Read more
දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අජිත් බණ්ඩාරගේ දුව කිව්වම තමයි හැමෝම දන්නේ…! උඹ මරු බං… උඹව එහෙම දකින්න අපි මාරම ආසයි…! මම ගිය ආත්මෙ කරපු ලොකු පිනක්…! සත්සරණි බණ්ඩාර I Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

අපල පිරිපත – දුරැර සුවසෙත – උදාකරවන ‘සෙත් කවිය’ ! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

‘ඒක තමයි මේක’ ජුනි 19 එනවා…! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.