අධිකරණ නියෝග කඩ කරමින් විරෝධතාවයක නිරත වූ මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපතිවරයා ඇතුළු පුද්ගලයින් 12දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News
අද (26) පෙරවරුවේ මෙම පිරිස පෑලියගොඩ පොලිස් ස්ථානය මඟින් අත්අඩංගුවට ගත් බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළේ කඩකාමර ලබා දීමේ දී ඇතිවු ගැටලුවක් මුල් කරගනිමින් එහි වෙළෙඳ සංගමය විරෝධතාවක් ප්‍රකාශයට පත් කර තිබු අතර ඊට අධිකරණය ඊයේ (25) වාරණ නියෝගයක් ද නිකුත් කර තිබුණි.
කෙසේ වෙතත් අද දිනයේ පෑලියගොඩ මැනිං වෙළෙඳපොළේ සියලු වෙළෙඳසැල් වසා දමමින් වෙළඳුන් සිය කටයුතුවලින් වැළකී සිටියේය.










