ජනතාව පීඩාවට පත්කරන යෝජනා තවදුරටත් ගෙන එන්නේ මෙවර අයවැයේදී තීරණයක් ගැනීමට සිදුවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන පවසනවා.Sri Lanka Latest News
ඔහු මේ බව කියා සිටියේ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දක්වමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා.
ආණ්ඩුවට ඕන ඕන විදිහට තීරණ ගන්න බෑ. අපි පැහැදිලිව තීරණාත්මක වශයෙන් කියනවා දරාගන්න බැරිවෙන්න බඩු මිල වැඩි කරනවා නම් අයවැය යෝජනාව ගැන අපිට තීන්දුවක් ගන්න සිද්ධ වෙනවා. අපි කියන දේ අහන්නේ නැතිනම් අපි මොකටද මේකට අත උස්සන්නේ? අපි පක්ෂයක් හැටියට කෙළින් ඉන්නවා.
හිරු










