තෙල් මිල වැඩිකිරීම සම්බන්ධයෙන් තම අත්සනින් යුතුව නිකුත් කළ ලිපියේ මතය සමග තමාත් පක්ෂයත් තවදුරටත් සිටින බවත්, මෙරට තෙල් මිල වැඩිකිරීමට ගත් තීරණය සම්බන්ධයෙන් තම මතයේ වෙනසක් නැති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම් සාගර කාරියවසම් මහතා පවසයි.
ඔහු අද (16) පක්ෂ කාර්යාලයට පැමිණි අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ බව සඳහන් කළේය.
“රහස් සාකච්ඡා නෑ. අපි කරන දේවල් ඔක්කොම එළිපිට. මේ රටේ ජනතාව බිහිකරපු ජනතාවගේ පක්ෂය තමයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කියන්නේ. අපි ජනතාව වෙනුවෙන් ගන්න ඕන තීරණ සියල්ල ගන්නවා. නිර්භයව ප්‍රකාශ කරනවා. ඉදිරියටත් එහෙම්මම තමයි. ඒ නිකුත් කරපු ලිපිය සම්බන්ධයෙන් ඒ මතයේ මම අදටත් ඉන්නවා, පක්ෂයත් ඉන්නවා.”
ඉන්ධන මිල පසුගිය 11වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට බලශක්ති අමාත්‍යාංශය පියවර ගෙන තිබුණි.
එය මේ වනවිට දැඩි ආන්දෝලනයකට තුඩු දී ඇත්තේ ආණ්ඩුව ගත් තීන්දුවක් ආණ්ඩුව නියෝජනය කරන ප්‍රධාන පක්ෂය විසින්ම විවේචනය කර තිබීම හේතුවෙනි.










