ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හත් වැනි සංවත්සර සැමරුම අදට (03) යෙදී තිබේ.Sri Lanka Latest News
ආගමික වතාවත්වලට මුල්තැන දෙමින් එම පක්ෂයේ සංවත්සර සැමරුම බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි පක්ෂ ප්‍රධාන කාර්යාලයේදී පැවැත්වීමට පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (03) පැවැත්වේ.
එමෙන්ම අද රාත්‍රියේ මහා සංඝරත්නය සියක් නමක් සහභාගිත්වයෙන් පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වෙන අතර හෙට (04) මහා සංඝරත්නය විෂයෙහි දානමය පින්කමක් පැවැත්වේ.
මේ අවස්ථාවට මැති ඇමැතිවරු, පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයන් ඇතුළු විශාල පිරිසකට ආරාධනා කර තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.