ගුරු දිනය යෙදෙන ඔක්තෝබර් 6 වන දින දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ලංකා ගුරු සංගමය පවසයි.
එහි ප්‍රධාන ලේකම් ජෝසෆ් ස්ටාලින් මහතා පෙන්වාදෙන්නේ කුමන බාධක පැමිණියද සිය වෘත්තීය සමිති ක්‍රියාමාර්ග අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවය.
“මේ වෙනකොට දින 84ක් අපේ වර්ජනයට. ගුරුවරු සහ විදුහල්පතිවරු පාසලට ගෙන්වා ගැනීමට නම් මේ ප්‍රශ්නයට විසඳුමක් දෙන්න. අපි බලාපොරොත්තු වෙනවා කොට්ඨාස අධ්‍යාපන කාර්යාල 312 පදනම් කරගෙන විශාල උද්ඝෝෂණ මාලාවක් කරන්න.” යැයි ස්ටාලින් මහතා පැවසීය.
කෙසේවෙතත් ඊයේ දිනයේදී මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා පවසා සිටියේ උද්ඝෝෂකයන් සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට තමන් කටයුතු කරන බවකි.










