පසුගිය දින දෙක තුළ මතුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම හේතුවෙන් පොහොට්ටුවේ හිටපු මැතිඇමැතිවරු බරපතළ අර්බූදයකට මුහුණ දී සිටියද ජනාධිපතිවරයා හෝ හිටපු අගමැතිවරයා හෝ පක්ෂෂයේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා හෝ ඔවුන් සම්බන්ධයෙන් කිසිදු සොයාබැලීමක් සිදු කොට නොමැති බව වාර්තා වේ.
මේ හේතුවෙන් එම මැතිඇමැතිවරු බරපතළ අසීරුතාවයට පත්ව සිටින බවත්, ඔවුන්ගේ තත්ත්වය දැනුම් දීමට කිසිදු වගකිවයුත්තකු සිට නැති බවත් දැනගන්නට ඇත.
මේ වනවිට පොහොට්ටුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් රැසකගේ නිවාස සහ දේපොළ විනාශ කර ඇති අතර මේ හේතුව නිසාම බොහෝ දෙනා ආරක්ෂිත ස්ථානවල රැදී සිටින බව දැනගන්නට තිබේ.
නමුත් කිසිවකුත් ඔවුන් සම්බන්ධයෙන් සොයා නොබැලීමට කටයුතු කිරීම හේතුවෙන් බොහෝ දෙනා දැඩි කලකිරීමෙන් සිටින බවද දැනගන්නට ඇත.










