අගමැති මහින්ද රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය මීට සුලු මොහොතකට පෙර ජනාධිපතිවරයා වෙත යොමු කර ඇති බව නිල නොවන ආරංචි මාර්ග අනාවරණය කරයි.
අද පෙරවරුවේ අනුරාධපුරයට ගොස් ශ්‍රී මහා බෝධිය සහ රුවන්මැලිසෑය වැද පුදාගෙන කොළඹ පැමිණි අගමැතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කළ බව එම නිල නොවන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
හෙට දිනයේදී අරලිය ගහ මැදුරට පැමිණීමට නියමිත දහස් ගණන් පාක්ෂිකයන් හමුවේ එය ප්‍රකාශයට පත් කිරීමට අගමැතිවරයා සැලසුම් කර ඇති බවද දැනගන්නට ඇත.










