ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා බවට පත් කිරීමටත්, ජනාධිපතිවරණයේ ජයග්‍රහණය ලබා දීමටත් දිලිත් ජයවීර මහතාගේ මාධ්‍ය ජාලය විශාල වැඩ කොටසක් කළ බව මේ රටේ කිසිවකුටත් රහසක් නොවේ.
එම ජයග්‍රහණය කරා යන ගමනේදී ඒ මහතාගේ මාධ්‍ය ජාලය බුදුන් වැඩි පුද බිමක් වූ කැළණිය විහාරස්ථානයද ඒ සදහා යොදා ගත්තේය.
සියලු මාධ්‍ය ආචාර ධර්ම බිද දමමින් කැළණි ගග දෙබෑ කරගෙන නාග ලොවින් නාගරාජයකු මතු වී ආ බවට දැවැන්ත ප්‍රබන්ධයක් නිර්මාණය කරමින් එය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් යෙදවූවේය.
කෙසේවෙතත් මේ වනවිට ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාවය ශීඝ්‍ර ලෙස පහළ බැස ඇතිවා පමණක් නොව ජනතා විරෝධතා හමුවේ ජනාධිපතිවරයා සිටින්නේ ජනපති මන්දිරයට කොටුවය.
මේ අතර පසුගිය දිනෙක රටේ පවතින තත්ත්වය සමනය කිරීම සදහා ක්‍රමෝපායික සැලැස්මක් සැකසීම යන මැයෙන් යම් සංවිධානයක් විසින් සාකච්ජාවක් සංවිධාන කොට තිබිණ.
ඊට දිලිත් ජයවීර මහතාද එක්ව සිටි අතර එහි සිටි එක් සමාජ මාධ්‍ය ක්‍රියාකාරියකු ප්‍රසිද්ධියේම දිලිත් ජයවීර මහතාට අභියෝග කරමින් ජනපතිවරණ සමයේ නයි පෙන්වීම හේතුවෙන් ප්‍රසිද්ධියේ සමාව ගත යුතු බව කියා සිටියේය.
නමුත් ඊට දිලිත් ජයවීර මහතා කිසිදු ප්‍රතිචාරයක් දත්වා තිබුණේ නැත.
එසේ වුවත් ගාල්ලේ පැවැති වැඩසටහනකට එක්වෙමින් දිලිත් ජයවීර මහතා කියා සිටියේ සිය ජීවිත කාලය තුළ මේ තරම් පසුතැවිල්ලක් කිසිම දිනෙක තමන්ට දැනී නැති බවයි. වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, ජනාධිපති ධූරය සදහා තරගවැදීමට සිතන්නටවත් පෙර සිටම තමන් ඔහු සන්නාමයක් ලෙස ගොඩ නැගූ නමුත් ජනාධිපතිධූරයට පත් වීමෙන් පසුව ජනතා අභිලාෂයන් ඉටු කිරීමට ජනාධිපතිවරයා අපොහොසත් වීම සිය කණස්සල්ලට හේතුව බව දිලිත් ජයවීර පවසා තිබිණ. තමන් කළ වැරැද්ද නිවැරදි කළ යුතුව ඇති බවද දිලිත් ජයවීර මහතා එහිදී පවසා තිබිණ.
නමුත් මෙම ප්‍රකාශය හරහා වත්මන් තත්ත්වය පිළීබදව පසුතැවිලි වන බව දිලිත් ජයවීර මහතා ප්‍රකාශ කළද එම පසුතැවිල්ලට පමණක් නොව රටේම අර්බූදයට මග පෑදු ජනාධිපතිවරයා ඉවත් කළ යුතු බව දිලිත් ජයවීර මහතා විසින් ප්‍රකාශ නොකිරීම විශේෂ තත්ත්වයකි.
නයි පෙන්නුවාට දිලිත්ට එල්ල වූ අභියෝගය
පිරිපුන් දේශයක් සංවිධානයේ නිවේදනය











