• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘උන් කොන්දේසි දානවා-අපි එකඟ වෙනවා-ගිවිසුම ගහනවා-මම ගිවිසුම ගැන දන්නේ නෑ!’ පෙරේදා බ්ලූම්බර්ග් අඩවියට ගිවිසුම හොඳයි කී ගම්මන්පිල අද ගිවිසුමට පහර දෙයි!

September 29, 2021
in Exclusive
Reading Time: 4 mins read
A A
ඔව්.. දැන් මණ්ඩලේ කචල්.. ආණ්ඩුව යන්නේ ජනවරමට පිටින්: ගම්මන්පිල පිළිගනී (VIDEO)
Share on WhatsAppShare on Facebook

මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීමට අදාළව රටට අවාසිදායක කිසිදු ගිවිසුමකට ඛනිජ තෙල් අමාත්‍යවරයා ලෙස තමන් අත්සන් නොතබන බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

බලශක්ති අමාත්‍යාංශයේ අද (29) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, මෙරට විදුලි බලාගාරවලට ගෑස් සැපයීම 2028 වසර දක්වා අමෙරිකානු සමාගමකට ලබාදීම ශ්‍රී ලංකාවේ ගෑස් නිධි කැනීමට බාධාවක් වන බවය.

මාධ්‍යවේදියා – ඔබතුමා මන්නාරම් ද්‍රෝණියෙන් ගෑස් ලබාගැනීම සම්බන්ධයෙන් වැඩපිළිවෙලක් දියත් කරලා තියෙනවා. මේ අතර ගෑස් සැපයීම අමෙරිකානු සමාගමකට පැවරීම තුළ ඔබතුමාගේ වැඩපිළිවෙලට මොනවගේ බාධාවන් ඇතිවෙන්න පුළුවන්ද ?

“නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගම ට ගෑස් සැපයීම ආරම්භ වෙන්නේ 2023 සිට වසර පහකට. ඒ කියන්නේ 2023 – 2028 දක්වා තමයි ඒ අය ගෑස් සපයන්නේ. අපි හිතනවා මේ අවුරුද්දේ අග වෙද්දි වෙන්දේසිය පැවැත්වුවහොත් එතැන සිට වසර 3ක දී අපේ රටේ ගෑස් නිෂ්පාදනය ආරම්භ කරන්න පුළුවන්. ඒ කියන්නේ 2022 සිට ගත්තොත් 2025 සිට අපිට ගෑස් නිෂ්පාදනය ආරම්භ කරන්න පුළුවන්. හැබැයි අපේ විදුලි බලාගාරවලට ගෑස් සැපයීම 2028 දක්වා අමෙරිකානු සමාගමකට ලබාදීම ශ්‍රී ලංකාවේ ගෑස් නිධි කැණීමට විදේශ ආයෝජකයින් ගෙන්වා ගැනීමට බාධකයක් ලෙස බලශක්ති අමාත්‍යවරයා ලෙස මම දකිනවා. ඒ සම්බන්ධයෙන් සාකච්ඡා වුණ සෑම අවස්ථාවක දීම අපේ අමාත්‍යාංශයට එය බලපාන ආකාරය පිළිබඳ අපි ලිඛිතව අමාත්‍ය මණ්ඩලයට දැනුම් දීලා තියෙන්නේ. අපිට ප්‍රශ්නේ තියෙන්නේ යුගදනවි බලාගාරයේ සියයට 40ක් නිව් ෆෝට්‍රස් එනර්ජි සමාගමට දීම නෙමෙයි. ශ්‍රී ලංකාවේ ගෑස් සැපයිමේ ඒකාධිකාරය 2023 සිට වසර 5කට අමෙරිකානු සමාගමකට හිමිවීම, ඒ වගේම ටෙන්ඩරයක් ක්‍රියාත්මක වෙමින් තිබිය දී ගෑස් විෂය ගැන දන්න අය ඉන්නේ අපේ අමාත්‍යාංශයේ නමුත් නමුත් ගිවිසුම්වලට එළඹුණු කිසිම කමිටුවක අපේ අමාත්‍යාංශ නියෝජිතයෝ සිටියේ නෑ. අපි අමාත්‍යාංශය පැත්තෙන් විෂය දන්න අය හැටියට මේ පිළිබඳ අමාත්‍ය මණ්ඩලයට නිරීක්ෂණ දෙකක් ලබාදීලා තියෙනවා. තව නිරීක්ෂණයක් ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. මම දන්නේ නෑ ගෑස් ගිවිසුම කොච්චර කල් සාකච්ඡා කරා ද කියලා. දවසින් දෙකින් බොහෝ ජාත්‍යන්තර ගිවිසුම් අත්සන් වෙනවා. උන් කොන්දේසි ඉදිරිපත් කරනවා, අපි එකඟ වෙනවා, ගිවිසුම ගහනවා. අපේ රටට අවාසිදායක ගිවිසුමකට මම නම් අත්සන් කරන්නේ නෑ.” යනුවෙන් ගම්මන්පිල අමාත්‍යවරයා සදහන් කර සිටියේය.

කෙසේවෙතත් අප වෙබ් අඩවිය මීට පෙර අමාත්‍යවරයා ගිවිසුමේ වාසි දැක්වූ පුවත වාර්තා කළ අයුරු!

ගම්මන්පිල බ්ලූම්බර්ග්ට අමෙරිකන් ගිවිසුමේ වාසි කියයි!

එක්සත් ජනපද සමාගමක් වන නිව් ෆෝට්‍රස් බලශක්ති සමාගම විසින් ළඟදීම එල්එන්ජී පහසුකම් ආරම්භ කිරීමෙන් පසු අඩුම මිල ගණන් යටතේ බලශක්තිය ලබා ගත හැකි බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඔහු මේ අදහස ප්‍රකාශ කළේ බ්ලූම්බර්ග් සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමිනි.

2023 දී එල්එන්ජී බලාගාරය ආරම්භ කරන විට වාර්තාගත ලෙස ගෑස් මිල පහත වැටෙනු ඇතැයි තමන් බලාපොරොත්තු වූ බව ගම්මන්පිල පැවසීය.

බ්ලූම්බර්ග් වාර්තාවකින් කියැවුණේ ආසියානු රටවල් බොහොමයක් ප්‍රථම වතාවට එල්එන්ජී වෙත හැරීම හෝ මිලදී ගැනීම් වේගවත් කරන නවතම රට ශ්‍රී ලංකාව බවයි.

ගල් අඟුරු සහ තෙල් වැනි අපිරිසිදු පොසිල ඉන්ධන භාවිතය අඩු කිරීමට රජයන් උත්සාහ කිරීම හේතුවෙන් මහාද්වීපයේ ඉල්ලුම වෙනත් ඕනෑම තැනකට වඩා වේගයෙන් ඉහළ යමින් පවතී.

පර්යන්තය ක්‍රියාත්මක කරන නිව් ෆෝර්ට්‍රෙස්, ද්‍රව ඉන්ධන නැවත වායුව බවට පත් කිරීම සඳහා 15% ක අතිරේක මුදලක් අය කරන බව ඔහු පැවසීය.

බ්ලූම්බර්ග් ලිපිය මෙතැනින්…

https://www.bloomberg.com/news/articles/2021-09-27/sri-lanka-vows-to-push-on-with-lng-imports-even-as-gas-surges

SendShareShare
Previous Post

සුනිල් අයියා නැති ජිප්සීස් විසුරුවයිද? මල්ලි පියල් පළමු වරට කතා කරයි!

Next Post

චීන පොහොර ගෙන්වීම නැවැත්තුවා! මහින්දානන්ද නිල වශයෙන් කියයි!

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.