• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් මන්ත්‍රීවරුන්ට කප්පම් විදිහට නීතිවිරෝධීව දුන් බාර් ලයිසන්වලට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් වෙයි! දාලා තියෙන්නේ චාමර සම්පත්! I Sri Lanka Latest News

November 21, 2024
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

ඉකුත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමෙන් පසුව සුරාබදු පනතට පටහැනි ලෙස මත්පැන්හල් බලපත්‍ර නිකුත් කිරීම තුළින් එවක මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු වගඋත්තරකරුවන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් ලබාදන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මහනුවර ප්‍රදේශයේ මත්පැන් අලෙවි ව්‍යාපාරයක නිරත චාමර සම්පත් අබේසේකර සහ එන්. රවිචන්ද්‍රන් යන මහත්වරු විසින් මෙම පෙත්සමක් ඉදිරිපත්කර ඇත.

එහි වගඋත්තරකරුවන් ලෙස හිටපු මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, හිටපු සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි, මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයා, අමාත්‍ය වසන්ත සමරසිංහ, අල්ලස් කොමිසමේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් 39 දෙනෙකු නම්කර තිබේ.

නීතීඥ මංජුල බාලසූරිය මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන මෙම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් කියා සිටින්නේ, ඉකුත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ ජූලි මස 26 වනදා සිට ජනාධිපතිවරණ ඡන්ද විමසීම පැවැති සැප්තැම්බර් මස 21 වනදා අතර කාල සීමාව තුළ වගඋත්තරකරුවන් විසින් සුරා බදු පනතේ විධිවිධානයන්ට පටහැනි ලෙස මත්පැන්හල් බලපත්‍ර ගණනාවක් නිකුත් කර ඇති බවය. 

ජනාධිපතිවරණයේදී සහාය ලබාගැනීමේ යටි දේශපාලනය අරමුණකින් යුක්තව මෙම බලපත්‍ර නිකුත් කර තිබෙන බවත්, ඒවා නිකුත්කිරීමේදී සුරා බදු පනතේ විධිවිධානයන් මගහැර අත්තනෝමතික සහ අයුක්ති සහගත ආකාරයෙන් ඒවා නිකුත් කර තිබෙන බවත් පෙත්සම්කරුවෝ චෝදනා කරයි.

මේ යටතේ ඉකුත් රජයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, ඔවුන්ගේ ඥාති හිතවතුන් හා සමීප ආධාරකරුවන් මෙලෙස මත්පැන්හල් බලපත්‍ර ලබාගෙන තිබෙන බවත්, නිසි පාරදෘශ්‍යභාවයකින් තොරව ඒවා නිකුත්කර තිබෙන බවත් පෙත්සම්කරුවෝ පවසති.

සාමාන්‍ය නීතිමය පටිපාටිය යටතේ මත්පැන්හල් බලපත්‍රයක් නිකුත් කිරීමේදී එක් ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 15ක පමණ මුදලක් රජයට ආදායම් වශයෙන් ලැබෙන නමුත්, මෙම නීති විරෝධී ක්‍රමවේදය හරහා මත්පැන් බලපත්‍ර නිකුත් කිරීම තුළින් රජයට අයවිය යුතු විශාල ආදායමක් අහිමි වී තිබෙන බවත් පෙත්සමෙන් චෝදනා කර තිබේ.

වගඋත්තරකරුවන්ගේ මෙම ක්‍රියාකලාපය තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත්, ඉකුත් ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කළ ඉකුත් ජූලි මස 26 වන දා සිට සැප්තැම්බර් මස 21 වනදා අතර කාලසීමාව තුළ අනීතික ලෙස නිකුත් කළ මත්පැන්හල් බලපත්‍ර පිළිබඳ තොරතුරු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සන්කරුවෝ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටිති.

එසේම අදාළ කාල සීමාව තුළ නිකුත් කළ මත්පැන්හල් බලපත්‍ර පිළිබඳව විමර්ශනයක් පවත්වා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සන්කරුවෝ අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඊට අමතරව මෙම ක්‍රියාවලිය තුළින් සුරාබදු දෙපාර්තමේන්තුව තුළ නීති විරෝධී අක්‍රමිකතාවයන් සිදු වී තිබේදැයි විමර්ශනයක් පවත්වා ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසම වෙත නියෝගයක් නිකුත් කරන ලෙසත් එම පෙත්සම තුළින් පෙත්සම්කරුවන් වැඩිදුරටත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

SendShareShare
Previous Post

ආණ්ඩුව පළමු වැරැද්ද කරයි! නඩු තීන්දුවකටත් ඉහළින් ගිහින්! එදා කියපු දේ නෙමෙයි අද කරලා තියෙන්නේ! VIDEO I Sri Lanka Latest News

Next Post

අදත් උදේම පාතාල වෙඩිල්ලක් දික්වැල්ලේදී ජීවිතයක් බිලිගනී! මේ පාතාල සෙල්ලම් අනුරටවත් නතර කරන්නම බැරිද?  I Sri Lanka Latest News

MORE NEWS

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News
Exclusive

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News
Exclusive

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News
Exclusive

සුළි කුණාටුව ඇවිත් මාස 6යි! ඒ දුම්බර ගමන නම් මාරයි…! යනවා නම් මේ තැන් බලන්න අමතක කරන්න එපා…! Sri Lanka Latest News

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

Load More
චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගේ කාලේ ‘ඔපරේෂන් ක්ලීනප්’! මහින්දගේ කාලේ ‘මතට තිත’! රනිල්ගේ කාලේ ‘යුක්තිය’! අනුරගේ කාලේ ‘රටම එකට’! කුඩු කුඩුද? නඩු විතරද? පොලිස්පති ලකී කොඩිතුවක්කුගේ සිට ප්‍රියන්ත වීරසූරිය දක්වා…! Sri Lanka Latest News

මෙරට තරුණ පරපුර මේ වනවිට ඉතා සීග්‍රයෙන් මත්ද්‍රව්‍ය රකුසා බිලිගනිමින් සිටී. 70 දශකයේ ‍අගභාගයේදී හෙ‍රොයින් ලෙස මෙරටට ඇතුළු වූ මත්...

Read more
එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

එක රැයෙන් අළුව ගිය අහිංසකයන්ගේ ආරාමය! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ජීවිතයක අගය නොදන්න රොටී දන්සලේ මිනීමරුවෝ! Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

ෆස්ට් ටයිම් කොල්ලෙක්ව කරට ගත්තේ…! කොල්ලා මට වඩා කොටයි…! ලොකු වෙනසක් දැනුණා…! චනුෂි දෙව්මිණි I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

අවුරුදු එකහමාරට ආණ්ඩුව මොනවද කළේ? මෙන්න අධිකරණ ඇමැති කියන කතාව! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.