ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කුලියාපිටියේ අද පැවති මහජන රැළියේ කතික ලයිස්තුවෙන් තමාගේ නම කපා දැමීම පිළිබදව, නවීන් දිසානායක සිය අප්‍රසාදය පල කර තිබේ.Sri Lanka Latest News
නවීන් දිසානායක, සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ජනාධිපති විසින් පත් කරන ලද එජාපයේ ප්‍රබලයෙකි.
ට්වීටර් පණිවිඩයක් නිකුත් කරමින් නවීන් දිසානායක, තමන් රැළියට සහභාගී නොවීම පිළිබදව, එකී මහජන රැළියට සහභාගී වූ ජනතාවගෙන් සමාව අයැදියි. තමාගේ නොපැමිණීමට හේතුව කතික ලයිස්තුවෙන් තමාගේ නම කපා දමා තිබීම යැයි ඔහු පවසයි. තමන් පක්ෂය සමග දිගටම රැදී සිටින බව පවසන නවීන් දිසානායක, කෙසේ වෙතත්, පුද්ගලයෙකුගේ ගෞරවයට කිසිදු හේතුවක් නිසා හානි නොකළ යුතුව ඇතැයි අවධාරණය කරයි.











