වයඹ විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසර සිසුන් දසදෙනෙකු ඊයේ (09) දින කෑගල්ල අලගල්ල කන්දේ රාත්‍රී කඳවුරු බැඳ ආපසු එමින් සිටිය දී එක් සිසුවෙක් ප්‍රපාතයකට ඇද වැටී අනතුරකට ලක්ව ඇත. (Sri Lanka Latest News)
ඒ පිළිබදව ශ්‍රී ලංකා යුද්ධ හමුදා මූලස්ථානයට ලැබුණු තොරතුරකට අනුව සිද්දිය සැබැදිව 611 බලස්නාවේ 8 ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට දැනුම් දී ඇති අතර ඔවුන් වහාම ක්‍රියාත්මක වී යුද්ධ හමුදා භට පිරිස් කඩිනමින් එම ස්ථානයට ළඟා වී ඇත.
ඉන් අනතුරුව වහාම ක්‍රියාත්මක වූ යුද්ධ හමුදා භට පිරිස් අනතුරට පත් කල්මුණේ ප්‍රදේශයේ පදිංචි ඔරින්ටන් අංඩ්‍රාඩෝ නම් විශ්වවිද්‍යාල සිසුවා ප්‍රපාතයෙන් ගොඩට ගෙන ප්‍රථමාධාර ලබාදීමෙන් අනතුරුව ඔහුව කදුපාමුලට ගෙනවිත් වැඩිදුර ප්‍රතිකාර සඳහා මාවනැල්ල රෝහලට ඇතුළත් කර ඇත.





දිලංක ගුණතිලක









