• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විල්පත්තුව ආයෙත් පත්තු වෙයි! කැලෑව මැද දේවස්ථානයේ අඟහරුවාදා පූජාවට අවසරය දීලා! වාහන 18කින් පුද්ගලයන් අවසරයක් නැතිව ඇතුළු වෙලා! Sri Lanka Latest News

August 10, 2025
in Exclusive
Reading Time: 4 mins read
A A
විල්පත්තුව ආයෙත් පත්තු වෙයි! කැලෑව මැද දේවස්ථානයේ අඟහරුවාදා පූජාවට අවසරය දීලා! වාහන 18කින් පුද්ගලයන් අවසරයක් නැතිව ඇතුළු වෙලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

විල්පත්තුව කියන්නෙම මෙරට පාරිසරික පද්ධතියේ එක් සුවිශේෂ කලාපයක්. විල්පත්තුවට එක් එක් කාලසීමාවන්වලදී දේශපාලකයන් හා කැලෑ මංකොල්ලකරුවන් නිසා ඇතිවන ඉරණම ඉතාම ශෝචනීයයි. ඊට හොඳම උදාහරණය පසුගිය කාලවකවානුවේ සිදුවූ විල්පත්තු වන සංහාරය. ඊට චෝදනා එල්ල වුණේ බදුර්දීන් අමාත්‍යවරයා ඇතුළු පිරිසකට. පරිසර යුක්ති කේන්ද්‍රය හා අනෙකුත් පාරිසරික සංවිධාන මෙරට අධිකරණයෙන් විල්පත්තුවට යුක්තිය ඉල්ලා ගොනුකරන ලද නඩුවෙන් පරිසරයට ඉල්ලූ යුක්තිය ඉටුවුණද, නඩු තීන්දුව නිසි ලෙස ක්‍රියාත්මක වූවාදැයි අදටත් උභතෝකෝටිකයක්. ඊට වගකිය යුත්තේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවද, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවද යන්න අදටත් නොවිසඳී ඇති ප්‍රශ්නයක් බව මෙරට පරිසරයට ආදරය කරන මිනිසුන් නොදන්නවා නොවේ.

මෙරට පරිසරය රැකගැනීමට අටෝරාශියක් පොරොන්දු දී බලයට පැමිණි වර්තමාන රජයද පරිසරය හා සැබැඳි ප්‍රශ්නවලදී යන්නේ පෙර උන්දැලා ගිය සුපුරුදු පාරේය. ඊට හොඳම උදාහරණය විල්පත්තුවට දැඩි බලපෑම් එල්ල කරමින් පල්ලේකණ්ඩල් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය හා මාසික දේව මෙහෙයන් පැවැත්වීමට අවසර දීමයි. එය මෙරට නිලධාරීන්ගේ නොනවතින අමනෝඥ වැඩ අතර තවත් එකකි. කිසියම් ජන කොට්ඨාසයක් තමන්ගේ ආගම ඇදහීමට අපි විරුද්ධ නොවන අතර එහෙත් එකී ජන කොට්ඨාසය හා එහි නායකයන් පරිසර පද්ධති විනාශ කරමින් එසේ කරන්නේ නම් අපි ඊට ඉඳුරාම විරුද්ධ වන්නෙමු.

විල්පත්තුවේ පාරිසරික සමතුලිතතාවට තර්ජනයක් වන මෙම පල්ලේකණ්ඩල් සිද්ධස්ථානය පිළිබඳ ගැටලුව අද උච්චස්ථානයටම පැමිණ ඇත.
ලංකාවේ විශාලතම ජාතික වනෝද්‍යානය වන, වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසයේ දෙවැනුවට ප්‍රකාශයට පත්කරන ලද විල්පත්තු ජාතික වන උද්‍යානයට එල්ලවන විශාල පාරිසරික බලපෑම් නොසලකා මෙකී සිද්ධස්ථානයේ මාසික දේව මෙහෙයන් පැවැත්වීමට එහි පාලනාධිකාරියට සහ බැතිමතුන්ට අවසර දීම ප්‍රශ්නසහගතය.

වර්ෂ 1938 – 73 කාලවකවානුවේදී ප්‍රකාශයට පත්කරන ලද කලාප පහකින් සමන්විත විල්පත්තු ජාතික උද්‍යානය අනුරාධපුර හා පුත්තලම දිස්ත්‍රික්කවල විහිදී ඇති අතර, මන්නාරම හා වවුනියාව දිස්ත්‍රික්කවලට මායිම්ව පිහිටා ඇත. විල්පත්තුව ජාතික උද්‍යානය වන අලින් ඇතුළු ලොකු කුඩා වනජීවීන් රාශියකට කදිම වාසස්ථාන සපයන අතර, කලාතුරකින් මිනිස් ඇස ගැටෙන වලසුන් හා කොටියන්ගේ තෝතැන්නක්ද වේ. ලංකාව තුළ පිහිටි වෙනත් ජාතික වනෝද්‍යානවල නොමැති ඝන වනාන්තරයකින් වැසී ඇති මෙම භූමිභාගය වියළි කලාපීය වනාන්තර, කටුපඳුරු සහ විශාල විල්ලුවලින් හා වැලිපරවලින් සමන්විත වේ. මෙම උද්‍යානයටම ආවේණික වූ සුවිශේෂ විල්ලු පද්ධතිය ඉතා වැදගත් පාරිසරික කලාපයක් වේ. තවද පෘතුගාල බොක්ක හා ලන්දේසි බොක්ක ආශිත පටු වෙරළ තීරයෙන් වහා නැගෙන රන් පැහැති නග්ග්‍රප්‍රපාතයේ උද්‍යානය තුළ පිහිටි ආකර්ෂණීය භූමිභාගයකි. විල්පත්තු ජාතික වන උද්‍යානයේ ඉපැරණි ඓතිහාසික නගරයක් වූ අනුරාධපුරයට ආසන්නව තිබීමෙන්, මෙහි ඉතිහාසය හා සබැඳි පුරාණ නටබුන් හා මානව නිර්මාණවලින්ද සමන්විත වී ඇත.

ශුද්ධවූ අන්තෝනි මුනිඳුන්ට පුද පූජා පවත්වන කතෝලික පූජනීය ස්ථානයක් ලෙස පිළිගැනෙන පල්ලේකණ්ඩල් සිද්ධස්ථානය කලක් විල්පත්තු ජාතික වනෝද්‍යානයේ පොම්පරිප්පු ප්‍රදේශයේ කුඩා කැලෑබද දේවස්ථානයක් ලෙස පැවැතියේය.

වර්ෂ 1964 අංක 28 දරන ඉඩම් අත්පත් කරගැනීමේ සංශෝධන පනත, 1968.12.20 දින අංක 14886 දරන ගැසට් පත්‍රය යටතේ 1969 දී රජය විසින් එම කුඩා ඉඩම් කොටස රජයේ ඉඩමක් ලෙස අත්පත් කරගන්නා ලද අතර, පසුව විල්පත්තු ජාතික උද්‍යානයේ පස්වැනි කොටස 1973 දී ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කරන ලද අවස්ථාවේ එම කුඩා වනගත දේවස්ථානය ඇතුළු සමස්ත පල්ලේකණ්ඩල් ගම්මානයම උද්‍යානයේ කොටසක් වූ බව දන්නෝ දනිති.

මේ ආකාරයෙන් උද්‍යානයට හානි සිදුවීමට එරෙහිව පරිසර සංවිධාන කීපයක් ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සම් ගොනු කර ඇති අතර නීතිපතිවරයා විසින් උද්‍යානය පිළිබඳ කටයුතු කළ ආකාරය පිළිබඳ අංක CA/CA/82/2018(KDP) හා 2019 නොවැම්බර් 13 වැනි දින බේරුම් කරන නියමයන් ඉදිරිපත් කර ඇත. කෙසේ නමුත් එම කොන්දේසි කිසිවකට අනුගත නොවෙමින් දේවස්ථානයේ වාර්ෂික මංගල්‍ය කටයුතු උද්‍යානයට හානිකර අන්දමින් පවත්වාගෙන යන බවට චෝදනා එල්ල වේ. එසේ තිබියදී මෙම මාසයේ (අගෝස්තු) සිට සෑම මසකම අඟහරුවාදා දිනකම විශාල ජන සහභාගිත්වයෙන් මාසික දේව මෙහෙයන් උද්‍යානය තුළ පැවැත්වීමට කැබිනට් පත්‍රිකාවක් හරහා අවසර ලබාදීමට ආණ්ඩුව කටයුතු කර තිබීම සංරක්ෂණයට ළැදි සියලු දෙනාගේ අවධානයට ලක්විය යුතු ශෝචනීය තත්ත්වයකි.

වනජීවී දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් මෙම උද්‍යානය රැකගැනීම සඳහා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කර ඇති අතර, මෙරට වන සංරක්ෂණ දෙපාර්තමේන්තු ඉතිහාසයේ නිලධාරියකු මුල්වරට රාජකාරි අතරතුර මරණයට පත්වූයේද විල්පත්තුවේදීය. ඒ, 1957 ජූලි මස 04 වැනි දින වනජීවී නියාමක කේ. මැණික්රාළ මහතා වලසකුගේ ප්‍රහාරයට ලක්වීමෙන්ය.

1985 මැයි 14 වැනි දින විල්පත්තු ජාතික උද්‍යාන මූලස්ථානයේදී කොටි ත්‍රස්තවාදීන් විසින් වනජීවී නිලධාරීන් 24 දෙනකු ඝාතනය කරන ලද අවස්ථාව, එක් ස්ථානයකදී වැඩිම වනජීවී නිලධාරීන් ප්‍රමාණයකගේ දිවි අහිමි වූ අවස්ථාව ලෙසද ඉතිහාසයට එක් වී තිබේ. ඊට අමතරව තව අවස්ථා කීපයකදීම ත්‍රස්තවාදී විසින් වෙඩිතබා බෝම්බ පුපුරුවා වනජීවී නිලධාරීන් සත්දෙනකු ඝාතනය කර ඇත. තවද දඩයක්කරුවන් විසින් වනජීවී නිලධාරීන් තිදෙනකු මරාදමා තිබේ. මෙම රාජකාරි අතරතුරදී අලි පහර දීමෙන් හා වෙනත් සතුන්ගේ පහරදීමකින් එක් නිලධාරියකු මරණයට පත්වී තිබේ. ඒ අනුව මෙරට එක් වනජීවී රක්ෂිතයක් රැකගැනීම සඳහා වැඩිම වනජීවී නිලධාරීන් පිරිසක් දිවි පූජාකර ඇත්තේ විල්පත්තුවේදීය. එම සංඛ්‍යාව 36කි.

එසේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය දිවි පුදා රැකගත් විල්පත්තු ජාතික උද්‍යානයට කිසිදු පාලනයකින් තොරව මාසිකව මිනිසුන් දහස් ගණනකට ඇතුළු විය හැකි ආකාරයෙන් කැබිනට් පත්‍රිකාවක් මගින් අවසර ලබාදී වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට පැවරීම දෛවයේ සරදමකි.
මෙසේ මේ සිද්ධිදාමය සිදුවෙමින් පවතිද්දී සියලු අණපනත්, ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගය නොසලකා පල්ලෙකණ්ඩල් දේවස්ථානයේ මාසික දේව මෙහෙය සඳහා මීට දින දෙකකට පෙර වාහන 18කින් පුද්ගලයන් අනවසරයෙන් විල්පත්තු ජාතික උද්‍යානයට ඇතුළු වී තිබේ. ඒ අනුව එදින මෙරට වනජීවී සංරක්ෂණ ඉතිහාසයට කළු පැල්ලමක් එක් කරමින්, යළි නිවැරදි කළ නොහැකි වරදක් සිදු වූ දිනයක් බවට පත්වූ බව මෙසේ ලියා තබන අතර, මෙවන් අකටයුතු සම්බන්ධයෙන් පොදු ජනතාව දැනුවත් කරමින් පරිසරය සුරැකීම සඳහා නිරන්තරයෙන්ම කැලෑ කොලමේ අපි අපේ ඒ පෑන මෙහෙවන බවද ඉඳුරාම සඳහන් කර සිටිමු.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

වලස් කටා පොලිසියෙන් පනින්න හදලා! කකුල් දෙකයි අතකුයි කැඩිලා! I Sri Lanka Latest News

Next Post

ලංකාවට එරෙහිව ජිනීවාවලට අලුත් යෝජනාවක් ගේනවා! බ්‍රිතාන්‍ය සහ කැනඩාව ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.