• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව‌ ඉල්ලුවේවත් නැති තුනෙන් දෙකක් ජනතාව දුන්නේ ඉතිහාසය වෙනස් කරන්න! දැන් අලුත් ව්‍යවස්ථාවක් ගේන්න! IMF ගිවිසුම වෙනස් කරන්න! උතුරු නැගෙනහිර ජාතික ගැටලුව විසඳන්න! ජනඅරගල සන්ධානය මාධ්‍ය හමුවක! I Sri Lanka Latest News

November 17, 2024
in Exclusive
Reading Time: 4 mins read
A A
ආණ්ඩුව‌ ඉල්ලුවේවත් නැති තුනෙන් දෙකක් ජනතාව දුන්නේ ඉතිහාසය වෙනස් කරන්න! දැන් අලුත් ව්‍යවස්ථාවක් ගේන්න! IMF ගිවිසුම වෙනස් කරන්න! උතුරු නැගෙනහිර ජාතික ගැටලුව විසඳන්න! ජනඅරගල සන්ධානය මාධ්‍ය හමුවක! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහ මැතිවරණ ප්‍රතිඵල සහ ජන අරගල සන්ධානයේ ඉදිරි දේශපාලන වැඩපිළිවෙළ පැහැදිලි කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් කොළඹ ලයන්ස් ක්ල්බ් හිදී පවත්වන ලදී.

එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව.

” පසුගිය ජනාධිපතිවරණයට වඩා වැඩි යම් ගුණාත්මක වර්ධනයක් ජනතාව තුළ ඇතිවෙලා තියනවා. මහමැතිවරණ ප්‍රතිඵලයේ වෙනස් වීමට බලපෑවේ ඒ තත්වය. අරගලය විසින් රටේ ජනතාව තුළ ඇති කරපු දේශපාලන පරිවර්තනයේම දිගුවක් තමයි මේ ලියවෙමින් යන්නේ. විශේෂයෙන් ආණ්ඩුව ඉදිරිපත් කරපු දියවන්නාව සුද්ධ කරමු කියන තේමාවට විශාල ජනප්‍රියත්වයක් ලැබෙන්න හේතුව උනේම අරගලයෙන් ගෙනාව ” 225ම එපා ! ” සටන් පාඨය.

ආණ්ඩුව යම් විදිහකින් දේශපාලන ආර්ථික පරිවර්තනයක් ඇති කරයි කියන බලාපොරොත්තුව එක්ක තමයි ජනතාව තමන්ගේ ඡන්දය භාවිතා කලේ. උතුරු නැගෙනහිර ඡන්ද ප්‍රමාණයේ පවා යම් ගුණාත්මක වර්ධනයක් දකින්න ලැබෙන්නේ ඒ තත්වය එක්ක. හැබැයි ප්‍රශ්නෙ තමයි උතුරේ ප්‍රශ්නය හෝ ලංකාවේ ජාතික ගැටලුව සම්බන්ධ පැහැදිලි ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ආණ්ඩුව ඉදිරිපත් නොකිරීම. ඒක නිසා අපි හිතනවා දෙමළ මුස්ලිම් සහ කඳුකර දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් තහවුරු කිරීමේ අභියෝගයක් ආණ්ඩුව ඉස්සරහා තියනවා.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්තිය ඇතුලෙ හැමවෙලාවෙම කතාකලේ අතීත දේශපාලන ක්‍රීයාකාරීත්වයට අදාළ ගැටලුවලට විසඳුම් ඉදිරිපත් කිරීම. පාර්ලිමේන්තුව සුද්ධ කිරීම සොරකම වංචාව දූෂණය නතර කිරීම තමයි ඔවුන්ගේ සටන්පාඨ වුනේ. නමුත් ජන අරගල සන්ධානය විදිහට අපි ස්ථානගත කලේම අනාගතය ඉලක්ක කල ප්‍රතිපත්තියක්. IMF කොන්දේසි එක්ක ජනතාවගේ අයිතිවාසිකම් දිනෙන් දීනම අහිමි වෙමින් යනවා. ඉන්දියානු මැදිහත්වීම් එක්ක රටේ බලශක්ති ස්වාධීනත්වය අහිමි වෙමින් යනවා. ඒ නිසා තමයි අපි හැමවෙලාවෙම IMF වැඩපිළිවෙළට එරෙහි ඉන්දියානු මැදිහත්වීමට එරෙහි විකල්ප දේශපාලන වැඩපිළිවෙළක් යෝජනා කලේ.

තුනෙන් දෙකක බහුතර බලයක් එක්ක ජනතාව ආණ්ඩුවට පණිවිඩයක් දීලා තියනවා දැන් කරන්න කියලා. හැබැයි ඒ සීමිත ක්ෂේත්‍රයකට විතරක් නෙමෙයි. මොකද ඔවුන් හොරකම වංචාව දූෂණය ගැන විතරක් කිව්වට ජනතාව තුළ ඊට වඩා වැඩි බලාපොරොත්තු ප්‍රමාණයක් ජනතාව සතුව තියනවා. ජනතාව පීඩාවට පත් කරන ආර්ථික ප්‍රතිපත්තිය වෙනුවට විකල්ප ආර්ථික වැඩපිළිවෙළක් ජනතාවට අවශ්‍යයි.

අපි දන්නවා රනිල් වික්‍රමසිංහ ගියේ 2028 දී පුපුරන ණය කාලබෝම්බයක් අටවලා. මේ ආණ්ඩුවට අපි දිගින් දිගටම අනතුරු හඟවනවා මේ ණය උගුලේ හිරවෙන්න එපා. ජාතික ජන බලවේගය ජනාධිපතිවරණ වේදිකාවේදි කිව්වෙ විකල්ප ණය තිරසරකරණ සැලැස්මක් ( DSA ) ගේනවා කියලා. රනිල් ඉදිරිපත් කරපු ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ සැලැස්ම ප්‍රතික්ෂේප කරලා තමන්ගේම සැලැස්මක් ඉදිරිපත් කරන්න ආණ්ඩුවට හැකියාවක් තියනවා. ජනතාව අනුමැතිය දුන්නේ ඒ සඳහා.

දැන් මේ ආණ්ඩුවට තුනෙන් දෙකක බහුතර බලයක් සහිත ආණ්ඩුවක්. අපි දන්නවා මීට පෙර එවැනි බලයක් සහිතව පැවති ආණ්ඩුවලට ජනතාව ඒ බලය දුන්නේ පාලකයෝ ඉල්ලපු නිසා. නමුත් ජාතික ජන බලවේග ආණ්ඩුවට එවැනි බලයක් ලැබුනේ ඉල්ලලා නෙවෙයි. ඒ නිසා මේ ආණ්ඩුවට විශාල දේශපාලන ඉඩක් තියනවා නව ව්‍යවස්ථාවක් සඳහා යන්න. JR ජයවර්ධන ආණ්ඩුව ගෙනාව විධායක ජනාධිපති ක්‍රමය සහිත ව්‍යවස්ථාව නිසා රටට විශාල හානියක් වුනා. දැන් අවස්ථාව ලැබිලා තියනවා ඒ වරද නිවැරදි කරන්න. අපි ජන අරගල සන්ධානය විදිහට ඉදිරියේදීත් ජනතාවගේ ඒ අභිලාෂයන් ඉටු කරගැනීම වෙනුවෙන් ආණ්ඩුවට බලපෑම් කරන්න සූදානම් “

එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, ආචාර්ය කල්ප රාජපක්ෂ.

” ඉතාම පැහැදිලිව රට දේශපාලනයේ නිශ්චිත සහ තීරණාත්මක වර්ධනයක් අත්පත් කරගනිමින් ඉන්න කාලයක තමයි අපි ඉන්නේ. හැබැයි අපි විස්වාස කරනවා ජනතාවගේ අභිලාෂයන් මැතිවරණය තුලින් පිළිඹිබු වෙන තත්වයට වඩා බෙහෙවින් වෙනස්. අපි ජන අරගල සන්ධානය විදිහට ඉදිරිපත් කලේ රටේ අනාගතය සම්බන්ධයෙන් ඉතාමත් ඵලදායී ප්‍රතිපත්තියක්. අපේ ප්‍රතිපත්තිය හැමවෙලාවෙම විද්‍යාත්මක පසුබිමක් සහ භූමියේ පවතින තත්ත්වය ගැඹුරින් අධ්‍යනය කරමින් තමයි සැකසුනේ.

අපි මේ මැතිවරණය තුළට ගෙනාවේ පවතින ක්‍රමයට විරුද්ධ දේශපාලන මතයක්. හැබැයි මැතිවරණය තුළ ඒක ජනප්‍රිය කරගන්න හැකියාවක් අපිට ලැබුනේ නෑ. වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් විදිහට අපිට තිබුණු සීමිත හැකියාවනුත් මේ තත්වයට බලපෑවා. නමුත් මැතිවරණයෙන් පස්සේ අපේ ප්‍රතිපත්තිය හකුලගන්න අපි සූදානම් නෑ. පාර්ලිමේන්තුව තුළ නැත්තත් පාර්ලිමේන්තුවෙන් එලියේ ජනතාවගේ විපක්ෂ බවට පත් වෙන්න අපිට පුලුවන්. ජන අරගල සන්ධානය දැනටමත් ඒ දේශපාලන අවකාශ අත්පත් කරගෙන අවසන්.

රනිල් වික්‍රමසිංහ යනකොට ගියේ ඉතාම විනාශකාරී පනත් දෙකක් සම්මත කරලා. එකක් තමයි මහ බැංකුව ස්වාධීන කිරීමේ පනත. අනිත් එක ආර්ථික පරිවර්තන පනත. මේ පනත් සකස් වෙලා තියෙන්නෙම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි අනුව යමින්. හැබැයි දැන් ප්‍රශ්නය තියෙන්නේ මේ ආණ්ඩුව සඳහන් කරල තියනවා ඉදිරි අයවැයෙන් ජනතාවට යම් සහන ප්‍රමාණයක් දෙන බව. නමුත් එවැනි යෝජනාවක් ක්‍රියාත්මක කරන්න හැකියාවක් ආණ්ඩුවට නෑ ආර්ථික පරිවර්තන පනත නීතියක් වශයෙන් තියෙන තත්වයක් ඇතුලේ. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන කොන්දේසිය වන සුබසාධන කප්පාදු කිරීම සඳහා වන යෝජනාවන් එක්ක තමයි මේ පනත ක්‍රියාත්මක වෙන්නේ. ඒ නිසා අපි හිතනවා ආණ්ඩුව ජනතාවගේ පැත්තෙ හිටගන්නවනං මේ විනාශකාරී පනත අනිවාර්යයෙන් අහෝසි කළ යුතුයි. ජනතාව ආණ්ඩුවට මෙවැනි විශාල ජන වරමක් ලබා දුන්නෙත් ඒ බලාපොරොත්තුව ඇතුව.

එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික නිරෝෂා ගුරුගේ.

” රටේ පීඩාවට පත් වුණු ජනතාවගේ බලාපොරොත්තු තමයි මේ මැතිවරණ ප්‍රතිඵලය තුළ නිරූපණය වෙන්නේ. බදු බර, ණය බර එක්ක ජනතාව තුළ ඇතිකල පීඩනය මන්දපෝෂණය විරැකියාව වගේ උග්‍ර අර්බුදවලින් පීඩිත ජනතාවක් තමයි ආණ්ඩුවට ඡන්දය දුන්නේ. ඒක නිසා ආණ්ඩුවට මගහැරිය නොහැකි වගකීමක් තියනවා ඒ ජනතාව මුහුණ ඉන්න අර්බුද වලට විසඳුම් ලබා දීමට.

අලුත් පාර්ලිමේන්තුවට නව කාන්තා නියෝජනයක් ලැබිලා තියනවා. ඒක හොඳ තත්වයක්. මේ රටේ ලක්ෂ 20ක් පමණ කාන්තාවන් ක්ෂුද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නය නිසා පීඩාවට පත් වෙලා ඉන්නවා. ඒක නිසා මේ කාන්තාවන්ට දැන් අවස්ථාවක් ලැබිලා තියනව ක්ෂ්ද්‍ර මූල්‍ය ණය වින්දිත කාන්තාවන් වෙනුවෙන් හඬ නගන්න. ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වා ක්ෂ්ද්‍ර මූල්‍ය ණය ප්‍රශ්නය විසඳනවා කියලා. අපි ආණ්ඩුවට කියනව දැන් ඔබට අවස්ථාව තියනවා මේ අසාධාරණ ණය අහෝසි කරන්න.

මේ මැතිවරණයේ දී කඳුකර දෙමළ ජනතාවගේ විශාල ආකර්ෂණයක් ආණ්ඩුවට ලැබුණ බව පේනවා. කඳුකර ජනතාව කියන්නේ ජීවත් වෙන්න නිවසක් පවා අහිමි අධ්‍යාපනය සෞඛ්‍ය වැනි මූලික අයිතිවාසිකම් පවා අහිමි ජනතාවක්. ඒ ජනතාව වෙනම ජාතික අනන්‍යතාවයක් වශයෙන් පිළි අරගෙන ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු කිරීම වෙනුවෙන් වන දේශපාලන වැඩපිළිවෙළක් ජන අරගල සන්ධානයේ ප්‍රතිපත්තිය තුළ අපි යෝජනා කලා. අපි ආණ්ඩුවට කියනවා මේ කඳුකර දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විසඳන්න මැදිහත් වෙන්න කියලා.

ජන අරගල සන්ධානය විදිහට අපේ දේශපාලනය මැතිවරණයට පමණක් සීමා වෙන්නෙ නෑ. අපි හැමවෙලාවෙම මේ රටේ ජනතාව එක්ක මහපාරේ අරගල කලා. ජනතාවට ජයග්‍රහණ අත්පත් කර දුන්නා. ඉදිරියේදීත් ජනතාවගේ අභිලාෂයන් ජයග්‍රහණය කරවන්න මැදිහත් වීම කරන්න අපි සූදානම්. “

SendShareShare
Previous Post

ඡන්දය දවසේ අහස පොළොව නුහුලන අපරාධයකුත් වෙලා! ගුරුවරියන් දෙදෙනෙක් කරපු පහර දීමකින් වෙන්නප්පුවේ 10 වසර සිසුවියක් මැරිලා! දැන් ගුරුවරියන් දෙන්නම රිමාන්ඩ්! VIDEO I Sri Lanka Latest News

Next Post

පාර්ලිමේන්තුවට මාලිමාවෙන් තේරී පත්වුණු මන්ත්‍රීවරු සියලු දෙනා ඉදිරියේ අනුර විනාඩි 12ක සුපිරි කතාවක් කරයි! හිටපු කතානායකගේ ඉඳන් මන්ත්‍රීවරු රටට කරපු විනාශය ගැන මතක් කරයි! අලුත් රටක් හදද්දී මන්ත්‍රීවරු හැසිරෙන්න ඕන විදිහ-වැඩ කරන්න ඕන විදිහ-ජනතා විශ්වාසය රකින විදිහ ගැන මරු පාඩමක් කියලා දෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News
Exclusive

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

Load More
පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

තමන් අත්අඩංගුවට ගැනීම සහ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ...

Read more
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.