විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගියදා විල්ගමුව උඩුවෙල ශ්‍රී ධර්ම විජය බෞද්ධ මධ්‍යස්ථානයේ අවාසගේ විවෘත කිරීමේ අවස්ථාවට එක් වූ අවස්ථාවේ ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන ගැටලු රැසක් සම්බන්ධයෙන් අවධානය යොමු විය. Sri Lanka Latest News
එහි දී පැමිණ සිටි පිරිස් සිය ගැටලු ලිඛිතව විපක්ෂ නායකවරයා හමුවේ ඉදිරිපත් කරන අයුරු දැක ගත හැකි විය.
මේ අවස්ථාවට එක්ව සිටි කාන්තාවෝ පිරිසක් ද තමන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයා දැනුවත් කරන ලදී.










