සමගි ජනබල වේගයෙන් පාරිලිමෙන්තුවට තේරී පත්වී විපක්ෂයේ අසුන්ගත් කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්. තව්ෆික්ගේ නිවෙසට ඊයේ (22) ගම්වාසීන් විසින් ප්‍රහාරයක් එල්ලකොට ඇත.
කින්යා ප්‍රදේශයේ පාරුවක් පෙරලී සිසුන් 6ක් මියයාමේ සිද්ධියෙන් කෝපයට පත්වූ ප්‍රදේශවාසීන් මෙම ප්‍රහාරය එල්ල කොට ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි.
කෙසේවෙතත් මුස්ලිම් කොංග්‍රසයෙන් ඡන්දය ඉල්ලා පාර්ලිමේන්තුවට තේරී පත්වී ආණ්ඩුව සමඟ ඡන්දය පාවිච්චි කළ මන්ත්‍රීවරුන්ට තම ගම්වලට නොපැමිණෙන ලෙස ඡන්දය දුන් ජනතාව දැනුම් දී ඇතැයි මීට දින කිහිපයකට ඉහතදී පුවතක් ද අප විසින් පළකරන ලදි.










