කර්මාන්ත සංවර්ධන අමාත්‍ය විමල් වීරවංශ මහතාට මූල්‍ය විනයක් නොමැති බවත්, අමාත්‍යවරයා විසින් තමා වෙත ලබාදෙන නීති විරෝධී නියෝග පිළිපැදීමට නොහැකි බවත් සඳහන් කරමින් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට මහතා, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවා තිබේ.
ඒ අනුව තවදුරටත් තමා රාජ්‍ය පරිපාලන සේවයේ නිරත නොවීමට තීරණය කර ඇති හෙයින් තමාට විශ‍්‍රාම යෑම සඳහා අවස්ථාව ලබාදෙන ලෙස ද අනුෂ පැල්පිට මහතා සිය ලිපියෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.
අමාත්‍යාංශ ලේකම්වරයාගේ මෙම විශ‍්‍රාම යෑමත් සමග කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස ජෙනරල් දයා රත්නායක මහතා ද වරාය අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු හාබර් මාස්ටර්වරයකු වන කපිතාන් නිහාල් කැප්පෙටිපොළ මහතා ද පත් කර තිබේ.










