කොරෝනා ආසාදිතයන් හඳුනා ගැනීම සදහා කලින් දිනකට සිදු කරන ලද 25,000ක් පමණ වූ PCR පරීක්ෂණ මේ වන විට දිනකට 15,000 දක්වා අඩු කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.
පෞද්ගලික රූපවාහිනි නාළිකාවක් සමඟ පැවති සාකච්ඡාවකදී එහි සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ මේ වන විට සමාජයේ ගැවසෙන ආසාදිතයන් සොයා සිදු කරන අහඹු PCR පරීක්ෂණ ද මුළුමනින්ම නවතා දමා ඇති බවයි.
කෙසේ වෙතත් සංචාරණ සීමා දැඩිව ක්‍රියාත්මක කිරීම හේතුවෙන් ආසාදිතයන් හඳුනාගැනීම සහ ඔවුන්ගේ ආශ්‍රිතයන් හඳුනාගැනීම පහසු වී ඇතැයිද ඔහු පැවසීය.
සංචාරණ සීමා දැඩි කිරීමේ සුබදායී ප්‍රතිඵල ඉදිරියේ දී රටට ලැබෙනු ඇතැයිද ඔහු තවදුරටත් එහිදී කියා සිටියේය.










