බෞද්ධාගමට හා ආගමික සහ ජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල ව සිටින ජෙරම් ප්‍රනාන්දු දේවගැතිවරයා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත. Sri Lanka Latest News
දේවගැති ජෙරොම් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපා.ර්තමේන්තුව හමුවේ දෙවන දිනටත් ප්‍රකාශ ලබාදීමට අද (1) අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවට පැමිණ ඇති අතර ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
ඊයේ (30) දිනයේ ද මෙම සිද්ධිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව. එනම් ප්‍රනාන්දු දේවගැතිවරයාගේ පැය 10 ට අධික කාලයක් ප්‍රකාශ ලබා ගත්තේය.
. දිවයිනට පැමිණ පැය 48ක් තුළ ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව හමුවේ පෙනී සිට ප්‍රකාශයක් ලබා දෙන ලෙසට අධිකරණ කර තිබු නියොගයකට අනුව ඔහු ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.
බෞද්ධාගමට හා ආගමික සහ ජීවනයට අපහාස වන අයුරින් ප්‍රකාශයක් සිදු කළ බවට චෝදනා එල්ල ව ඔහු සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබියදි ඔහු ඉකුත් මැයි මස 16 දින පවුලේ අය සමග දිවයින්නේ පිටත් ව ගොස් .තිබුණි.
එසේ ගොස් මාස 6 පසුව ඔහු ඉකුත් (29) අලුයම යළිත් දිවයිනට පැමිණියේය.










