• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේ පැත්තක් ගංවතුරින් යටවෙලා! අවතැන්වූවෙක්ට සතියකටම ජීවත් වෙන්න දෙන්නේ 1350යි! මේකෙන් වේල් 21ක් පිරිමහගන්න පුලුවන්ද? වහාම චක්‍රලේඛ අයින් කරලා ජනතාවට ජීවත්වෙන්න පුලුවන් දීමනාවක් දෙන්න! විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ඉල්ලයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

June 7, 2024
in Exclusive
Reading Time: 21 mins read
A A
Share on WhatsAppShare on Facebook

මේ වන විට රටේ පැත්තක් ගංවතුරින් ආපදාවට ලක්ව ඇති බවත් නායකයෝ ප්‍රවෘත්ති හරහා උපදෙස් ලබා දෙමින් සිටියත් ආපදාවලදී කටයුතු කිරිමට නිකුත් කර ඇති චක්‍රලේඛය අනුව පිසූ ආහාර සඳහා දිනකට තනි පුද්ගලයකුට ලබා දෙන්නේ රු. 450ක් බවත් වියළි සලාක ලබා ගැනීමට තනි පුද්ගලයකුට සතියකට රු.1350ක් පමණක් ලබා දෙන බවත් දින 7ක් රු.1350කින් මේ පුද්ගලයා වේල් 21ක් පිරිමසා ගත යුතු බවත් සාමාජිකයන් 2ක් සිටින පවුලකට සතියකට රු.1800ක් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

සාමාජිකයන් 4ක් සිටින පවුලකට සතියකට රු.2400ක්, සාමාජිකයන් 5ක් සිටින පවුලකට සතියකට රු. 2700ක් ලබා දෙන බවත් සාමාජිකයන් 2ක් සිටින පවුලක එක් අයකුට ලැබෙන්නේ රුපියල් 800ක් වන විට සාමාජිකයන් 5 දෙනෙක් ඉන්න පවුලක එක් අයකුට සතියකට ලැබෙන්නේ රු. 540ක් බවත් මොවුන් මාධ්‍ය ඉදිරියේ රංගනයේ නියැලුනත් මෙම චක්‍රලේඛය පවා නිකුත් කර ඇත්තේ 2022.5.16 වැනිදා බවත් මේ වන තුරු එය යාවත්කාලීන කරන්න ජනාධිපතිට හෝ රජයට නොහැකි වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ (ජුනි 4) මහරගම කොට්ටාව ආනන්ද මහා විද්‍යාලයට සක්වල සුහුරු පන්ති කාමර වැඩසටහනේ 221 වැනි අදියර යටතේ රුපියල් 1,177,000 වටිනා සුහුරු පන්ති කාමරයක් පරිත්‍යාග කිරීමේ අවස්ථාවට එක්වෙමිනි. මෙහි දී පාසල් සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක් ද පරිත්‍යාග කළේය. උසස්පෙළ විභාගය ඉහළින් සමත් වූ වේනුක තිවර්ෂණට සහ සතිල රෙහාන් පෙරේරා නම් නව නිර්මාණ සිදුකරන සිසුන් දෙදෙනාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා රු. 25000 බැගින් පරිත්‍යාග කළේය.

මෙය රටට කරන බොරුවක් බවත් මෙය වෙනස් විය යුතු බවත් සමගි ජන බලවේගය මේ වන විට බලයේ සිටියා නම් මින් ඔබ්බට ගොස් ස්වාභාවික ව්‍යසනයන් වලදී නව තාක්ෂණය උපයෝගී කර ගෙන එය තරමක් දුරට හෝ වළක්වා ගැනීමට කටයුතු කරනා බවත් ලෝකයේ මේ වන විට එවැනි තාක්ෂණ පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

කෘතීම බුද්ධිය හරහා ආපදා කළමනාකරණය සත්‍ය වශයෙන්ම කළමානාකරණය කළ හැකි බවත් මේ ජනතාව රවට්ටන චක්‍රලේඛ, ඇස්බැන්දුම් චක්‍රලේඛ, ප්‍රවෘත්ති හරහා නිර්මාණය කරන බොරු රඟපෑම් ආදිය නතර කර ජනතාවගේ දුකට පිහිටවන වැඩසටහනක් නිර්මාණය කළ යුතු බවත් ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය කැපවෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

කුහකයන්ගේ හඬට මේ වැඩසටහන් යටපත් වෙන්න දෙන්නේ නැහැ

බස් එකක් දෙනකොට බස් මෑන් කියා බනින බවත් පාසල්වලට යමක් නොමැති වෙන කොට ඒ අඩුව පුරවන්න දෙයක් දෙන එක වරැද්දක් වෙන්නේ කොහොමද කියා සිතා ගත නොහැකි බවත් අපේ රට අකාර්යක්ෂම රාජ්‍ය පාලනයෙන් මෙන්ම සමහර පුද්ගලයන්ගේ සිතුවිලි හා න්‍යායන් පවා බංකොලොත් වී ඇති බවත් එම නිසා බෙදන එක වැරදියි කියන කුහකයන්ගේ හඬට මේ වැඩසටහන් යටපත් කිරීමට ඉඩ නොදෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රටේ නායකයෝ දන්නෙත් නෑ රට ගොඩ ගන්න ආකාරය

අප රට මේ වන විට ඇ. ඩොලර් බිලියන 100ක දේශීය හා විදේශීය ණය බරකින් පෙළෙන බවත් මේ ණය බරතාවෙන් ගොඩ එන්න නම් අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක්, තොරතුරු තාක්ෂණ කේන්ද්‍රීය සංවර්ධන රටාවක් නිර්මාණය කළ යුතු බවත් නායකයෝ ඩිජිටල් ශ්‍රී ලංකාවක් ගොඩ ගන්නවා කිව්වට එය සිදු කරන ආකාරය මේ නායකයෝ නොදන්නා බවත් එහි දී තොරතුරු තාක්ෂණය ඉගැන්විය යුත්තේ 1-13 විෂයක් ලෙස ඉංග්‍රීසි භාෂාවෙන් බවත් මෙම විෂය අනිවාර්ය විෂයක් විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

සමගි ජන බලවේගය විසින් ක්‍රියාත්මක කරන හුස්ම වැඩසටහන යටතේ මේ වන විට රෝහල් 60කට රුපියල් ලක්ෂ 1832ක් වටිනා ඖෂධ සහ රෝහල් උපකරණත්, සක්වල බස් රථ වැඩසටහන යටතේ පාසල් 87 ක් සඳහා රුපියල් ලක්ෂ 50ක් වටිනා බස් රථ 87ක් ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 4242ක් ද සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන යටතේ පාසල් 221ක් සඳහා සුහුරු පන්ති කාමර උපකරණ ලබා දී ඇති අතර ඒ සඳහා රුපියල් ලක්ෂ 2467ක් වැය කර තිබේ.

SendShareShare
Previous Post

රනිල් ජනාධිපතිවරණයට එනවද නැද්ද? ජූලි මුල මත විමසුමක්! මෙන්න විශේෂ පුවතක්! VIDEO I Sri Lanka Latest News

Next Post

අද සජිත් සක්වලින් ස්මාර්ට් පන්ති කාමරයක් අරන් හෝකන්දර විද්‍යාරාජ මහා විද්‍යාලයට එයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO
Exclusive

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?
Exclusive

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

මීවද කඩන්න ගිහින් වලහෙක් ගහලා ! තිදෙනෙක් රෝහලට ! Sri Lanka Latest News
Exclusive

වලස්සුන්ගෙන් ළමයි බේරගන්න ඉස්කෝල 94ක් වසා දමයි! I Sri Lanka Latest News

Load More
නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන්ගේ ගොන් කතාවට කිරිඇල්ලගේ බුද්ධිමත් උත්තරය..! චමින්ද්‍රාණි කොච්චර ඉදිරියෙන්ද ඉන්නේ..! VIDEO I Sri Lanka Latest News

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතු වීමේදී සියලු දෙනාම පක්ෂ දෙකේ නායකයන්ට ගරු කරමින් අදහස් දැක්විය යුතු බව...

Read more
අලුත් ත්‍රස්ත පනත භයානක බවට මල්වතු මහනාහිමියන්ගෙන් ප්‍රකාශයක්! VIDEO

මම 2006 ඉඳන් කියපු දේ තිබ්බ ආණ්ඩු කළා නම් අද මේ වගේ ශාසනික පරිහානියක් වෙන්නේ නෑ! අන්තිමේදී මම ඒ අදහස අත්හැරලා දැම්මා! මල්වතු මහනාහිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

පෙළපාලියක් යන්න බෑ! වෘත්තීය සමිති නිශ්ශබ්ද කරලා! මාධ්‍යවේදීන්ටත් ලියන්න බෑ! අධිකරණයටත් බලපෑම් එල්ල කරලා! ව්‍යවස්ථාදායක සභාව පිළිගන්නෙත් නෑ! ආණ්ඩුව යන්නේ Shut Up and Sit Down පාරේ! ජනතා අයිතීන් විනාශ කරන මේ මර්දන අණපනත්වලට අත උස්සන මන්ත්‍රීවරු මතක තියාගන්න ඕන මේ නීති කවදාහරි ඒ අයටම විරුද්ධව පාවිච්චි වෙනවා කියලා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් අලුත් සටනක් අරඹයි! VIDEO I Sri Lanka Latest News

ත්‍රස්ත පනත ක්‍රියාත්මක කරපු සමහරුන්ම අද ත්‍රස්ත පනතේ බලපෑමට ලක්වෙලා! කාලයක් තිස්සේ ත්‍රස්ත පනත අහෝසි කරනු කියපු සමහරුන්ම අද ඒ පනත ක්‍රියාත්මක කරමින් ඉන්නවා! ජනාධිපති නීතීඥ සාලිය පීරිස් හැමදාම වගේ අදත් ත්‍රස්ත පනතට එරෙහිව කතාකරයි! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව හර්ෂට විරුද්ධව ගේම් ගහන්නේ කාගේ වුවමනාවටද?

මහාභාණ්ඩාගාරයෙන් ඩොලර් මිලියන 2.5ක් අතුරුදන් වීම මහා හොරකමක්! මේ සල්ලි හොයන්න වෙන්නේ නෑ! ගෙවන්න වෙන්නේ ජනතාවට! මුදල් අමාත්‍යංශය සිද්ධිය ඉහළට වාර්තා නොකර හංගගෙන ඉඳලා! සල්ලි යවලා තියෙන්නේ අවුරුදු 5ක් පරණ ‘ඊමේල් සර්වර්’ එකකින්! අලුත් කරන්න උපදෙස් දුන්නත් කරලා නෑ! මහබැංකුවට වාර්තාව මේ දක්වා යවලත් නෑ! හර්ෂණගේ වාර්තාවේ ඇතැම් කරුණු මහබැංකුව පිළිඅරන් නෑ! නන්දලාලුත් වෙනම වාර්තාවක් දෙන්න ලෑස්තියි! මුදල් කමිටු සභාපති හර්ෂ සියල්ල හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

තවත් කුඩා ප්‍රමාණයකින් තෙල් මිල ඉහළ දාන්න සිද්ධ වෙයි! VIDEO I Sri Lanka Latest News

නීතීඥ සංගමයත් විරුද්ධයි! මහාධිකරණ නීතීඥ සංගමයත් විරුද්ධයි! දැන් කොළඹ මහේස්ත්‍රාත් නීතීඥ සංගමයත් විරුද්ධයි! විරෝධය මැද අනුර අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස දීර්ඝ කරයිද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.