අද දින පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්වීමේදී ආණ්ඩු පක්ෂයේ බොහෝ පිරිස් පාර්ලිමේන්තුවට නොපැමිණීමට තීරණය කොට ඇත.
ආණ්ඩුව ගෙන යන වැඩපිළිවෙළට විරෝධය පා මෙසේ පාර්ලිමේන්තුවට නොපැමිණීමට ඔවුන් තීරණය කොට ඇති බව වාර්තා වේ.
ඊයේ රාත්‍රියේදී මෙවර අමාත්‍ය මණ්ඩලය පත්කිරීමේදී ඇමැතිකම් නොලැබුණු ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨයන් කණ්ඩායම සහ මන්ත්‍රීීවරුන් අතර සාකච්ජාවක් පැවැත්වී තිබිණ.
එහිදී මෙම තීරණයට එළඹී ඇති බව දැනගන්නට ඇත.










