මේ වනවිට හෙළිදරව් කර ඇති පැන්‌ඩෝරා රහස් ගනුදෙනු පත්‍රිකාවල ආන්ඩු පක්ෂයේ ඥාතියකුගේ නමක් සදහන් වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී සදහන් කර සිටියේය.
එහිදී කිරිඇල්ල මහතා කියා සිටියේ ඩොලර් මිලියන 163ක වත්කම් හෙළිදරව් කර ඇති බවත්, ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවත්ය.










