ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ මහතා ඉදිරිපත් කර ඇති මහ නගර සභා පනත් කෙටුම්පතෙහි ඇතැම් වගන්තීන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව සඳහන් කරමින් එම පනත් කෙටුම්පත බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් සහ ජනමත විචාරණයකට යොමු කරන ලෙස ඉල්ලා පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂක රොහාන් හෙට්ටිආරච්චි මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර ඇත.Sri Lanka Latest News
මෙම පනත් කෙටුම්පතෙහි 155 වගන්තිය අනුව දැනට විසිරුවා හැර ඇති පළාත් පාලන ආයතනවල නව මැතිවරණයක් නොපවත්වා එහි මහජන නියෝජිතයන් යළි කැඳවීමේ බලය විෂය භාර අමාත්‍යවරයාට පවරා ඇති බවද පෙත්සමේ සඳහන් වේ.
ඊට හේතු වශයෙන් සඳහන් කර ඇත්තේ වතමන් ආර්ථික අර්බුදය හේතුවෙන් නව මැතිවරණයක් පැවැත්වීම වියදම් අධික කටයුත්තක් වන බැවින්ය.
මේ හේතුවෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන බවත් සර්වජන අයිතිය උල්ලංඝනය වන බවත් පෙත්සමේ සඳහන් වේ.
එබැවින් මෙම පනත් කෙටුම්පත විශේෂ බහුතර මන්ත්‍රී සංඛ්‍යාවකින් හෝ ජනමත විචාරණයකින් සම්මත කරන ලෙස නියෝග කරන්නැයි පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.