බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි, පොහොර සංස්ථාවේ සේවය කරමින් සිටිය දී සිදුව ඇති බව කියන වංචාවක් සම්බන්ධයෙන්, ඔහුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලැබී ඇති පැමිණිල්ල, කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා විසින් නීති අංශය වෙත යොමුකර තිබෙන බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.Sri Lanka Latest News
අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා විසින් මේ දක්වා නීති අංශයට යොමු කර තිබෙන නඩු ලිපිගොනු ගණන 69 ක් බවත්, බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාගේ ලිපිගොනුව අංක 49 බවත් පුවත්පත වැඩි දුරටත් වාර්තා කරයි.
නීති අංශයට යොමුකර තිබෙන ලිපිගොනු 49 න් මේ වන විටත් ලිපිගොනු 25 කට අදාලව අධිචෝදනා ගොනු කර තිබෙන බව පැවසේ.
මෙම ප්‍රවෘත්තිය වාර්තා කර තිබෙන්නේ, කොමිසමේ ජ්‍යේෂ්ඨ නිළධාරියෙකුගෙන් ලැබුණු තොරතුරු මත පදනම්ව බව සන්ඩේ ටයිම්ස් පුවත්පත පවසයි.










