රෝඩ් සේෆ්ටි ක්‍රිකට් තරගාවලියේ ඊයේ රාත්‍රී පැවැති දෙවන අවසන් පූර්ව තරගයෙන් ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පිල කොදෙව් ලෙජන්ඩ්ස් පිල පරාජයට පත් කරමින් අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගත්හ.
තරගයේ පළමුව පන්දුවට පහර දුන් ලංකා පිල කඩුලු 5කට ලකුණු 172ක් රැස් කළේය.
ADVERTISEMENT
පිළිතුරු වශයෙන් කොදෙව්වන්ට ලබා ගත හැකි වූයේ කඩුලු 7ක් දැවී ලකුණු 158ක් පමණි.
ඒ අනුව අවසන් තරගය සදහා සුදුසුකම් ලබා ගත් ශ්‍රී ලංකා පිල අද රාත්‍රියේදී ඉන්දියාව සමග තරග වැදීමට නියමිතය.