අල්ලස් කොමිසම විසින් සිදු කරනු ලබන විමර්ශනයකට අදාළව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙස අල්ලස් කොමිසම අද (11) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුනවල හමුවේ ඉල්ලීමක් කළා. Sri Lanka Latest New
රාජිත සේනාරත්න අල්ලස් කොමිසමට පැමිණ විමර්ශනවලට සහාය දැක්වීම මගහරිමින් සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි එම කොමිසමේ නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ.
මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමේ නිලධාරීන්ට පෙන්වා දී ඇත්තේ හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීම සඳහා අල්ලස් කොමිසමට නීතිමය බාධාවක් නොමැති බවයි.
කෙසේ වෙතත් මෙම ඉල්ලීම ලේඛන සහිතව ඉදිරියේදී අධිකරණයට ඉදිරිපත් කරන බවයි එහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන් අධිකරණයට සදහන් කර ඇත්තේ.










