ගෝඨා ගෝ ගමට පහර දී මාසයක් ගෙවුණු දිනයේ එනම්, පසුගිය ජූනි නම වන දා කොළඹ පැවැති විරෝධතාවයන්ට සහ ඊට පසුදා එනම් ජූනි 10 වන දා පැවැති විරෝධතාවයන්ට සම්බන්ධ වූ අරගලකරුවන් 09 දෙනෙකු අත් අඩංගුවට ගන්නා ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
අත් අඩංගුවට ගන්නා ලෙස නම් කළ සැකකරුවන් 09 දෙනා වන්නේ,
අන්තරේ කැදවුම්කරු වසන්ත මුදලිගේ.
ළහිරු වීරසේකර.
රතිදු සේනාරත්න – රැට්ටා.
ජගත් මනුවර්ණ.
ධම්මික මුණසිංහ.
රත්කරව්වේ ජිනරතන හිමි.
ADVERTISEMENT
එරංග ගුණසේකර.
ජෙහාන් අප්පුහාමි.
ගල්වැව සිරිධම්ම හිමි යන අයයි.