• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

හාල් කෑලි ගොඩක් අතර එකම විකල්පය සහ එකම නායකයා කව්ද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

June 18, 2022
in Exclusive, Gurudawa
Reading Time: 4 mins read
A A
හාල් කෑලි ගොඩක් අතර එකම විකල්පය සහ එකම නායකයා කව්ද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

පොදුජන පෙරමුණ හදපු වෙලාවේ එවක ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පොදුජන පෙරමුණ ගැන වෛරයෙන් අපූරු කතා ටිකක් කීවේය. වරක් ඔහු කීවේ පොදුජන පෙරමුණ හදපු අයම මහ පාරේ පිස්සො වගේ ඇවිදින දවස වැඩි ඈතක නොවේ කියාය. ඔහු එහෙම කීවේ 2018 පළාත් පාලන ඡන්ද වේදිකාවේය. පළාත් පාලන ඡන්ද ප්‍රතිඵලයෙන් පෙනුණේ මෛත්‍රිපාලට පිස්සු කියාය. හැමෝම කීවේ පොදුජන පෙරමුණ යන ගමන දිහා බලන විට මෛත්‍රිපාල පිස්සෙක් වගේ මහ පාරේ ඇවිදින දවස වැඩි ඈතක නොවේ කියාය. 2019 ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් 2020 මහ මැතිවරණ ප්‍රතිඵලයෙන් ඒ කතාව නම් ඇත්ත වෙන බව පෙනෙන්නට තිබිණි. ගතවූයේ වසර කිහිපයකි. එදා මෛත්‍රිපාල කී දේ ඇත්ත වී ඇත. පොදුජන පෙරමුණ අද එකම පිස්සන්කොටුවකි. පිස්සන් කොටුවෙන් පැනලා යනවා වාගේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු අද එක එක කල්ලි හදාගෙන තිබේ.

ලොකුම කල්ලිය හදාගෙන තිබෙන්නේ පොදුජන පෙරමුණට එක්වී තරග කළ මෛත්‍රිපාලගේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුය.

දෙවැනි කල්ලිය විමල්, උදය ගම්මන්පිල සහ වාසු කල්ලියය.

තෙවැනි කල්ලිය පසුගියදා මැතිවරණ කොමසාරිස් හමුවෙන්න ගිය ඩලස්ගේ කල්ලියය.

ඊයේ පෙරේදා අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්නත් කල්ලියක් හදාගෙන මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.

මීට අමතරව විජයදාස රාජපක්ෂ තනි පුද්ගල කල්ලියක් හදාගෙන තිබේ. නිමල් ලන්සා තවත් තනි පුද්ගල කල්ලියක් හදාගෙන තිබේ. මේ ඔක්කොම කියන්නේ තමන් ස්වාධීනයි කියලාය. ඒ දවස්වල අපි ඔක්කොම පොහොට්ටුවේ කියලා උජාරුවට කියපු අයම අද අනේ අපි පොහොට්ටුවේ නෙමේ. අපි වෙනම ස්වාධීන කණ්ඩායමක් යැයි කියන්න පටන්ගෙන තිබේ. ඒ, ගෝල්ෆේස් අරගලයට බයෙන්ය. 1988-89 භීෂණ කාලයේ ජේ.වී.පී. ටී-56 තුවක්කුවට බයේ යූ.ඇන්.පී.කාරයෝ අපි යූ.ඇන්.පී. සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වුණා යැයි ගෙවල් ඉස්සරහා බැනර් ගහගත්හ. මේ ස්වාධීන කණ්ඩායම් අද කරන්නේත් ඒ වැඩේය.

ස්වාධීනයි කියන්නේ අපි සුදනෝ කියන එකය. දැන් මේ හැමෝම බලන්නේ අපි සුදනෝ කියාගෙන ඊළඟ ඡන්දෙ දිනන්නටය. හැබැයි දැන් ඡන්දයක් තියනවාට පණ බයය. හේතුව ස්වාධීන කණ්ඩායම් තවම පක්ෂයක් හදාගෙන නැති නිසාය. පක්ෂයක් හදාගත්තත් මිනිස්සු තමන්ට ඡන්දය දෙයිද නැද්ද කියන බය නිසාය.

ඡන්දයකට බය නැති පක්ෂ තුනක් තිබේ. සමගි ජන බලවේගය, ජනතා විමුක්ති පෙරමුණ සහ ශ්‍රීලනිපයය. මේ පක්ෂවලට බේස් වෝට් එකක් තිබේ. පොදුජන පෙරමුණටත් බේස් වෝට් එකක් තිබේ. හැබැයි මේ වෙලාවේ පොදුජන පෙරමුණ වැටිලා තියෙන වළ දිහා බලන විට පොදුජන පෙරමුණ ඡන්දයකට සූදානම් කියා හිතන්න බැරිය. ඒ නිසා ඔවුන්ද ඡන්දයකට බයය. පොදුජන පෙරමුණ සහ ස්වාධීන කණ්ඩායම් රනිල්ගේ ආණ්ඩුව ආරක්ෂා කරන්නේ ඡන්දයකට ගියොත් වාසිය යන්නේ සමගි ජන බලවේගයට සහ ජවිපෙට බව දන්නා නිසාය. ශ්‍රීලනිපය ඡන්දයකට බය නොවිය යුතු වුණත් මේ ස්වාධීන කණ්ඩායම් ශ්‍රීලනිපයත් බය කරගෙන තිබේ. මොවුන් රනිල්ටයි, රනිල්ගේ ආණ්ඩුවටයි දීලා තියෙන ජොබ් එක ඡන්දයකට නොයන තැනට වැඩේ හරි කරගැනීමය. මොවුන් ඡන්දයට බය එකම හේතුව පක්ෂයක් තවම රෙඩි නැති නිසාම නොවේ. රාජපක්ෂලාගේ පවුවලින් තමන් නිදොස් යැයි කොයි තරම් කිව්වත් මිනිස්සු ඒක පිළිගනීද නැද්ද යන්න ගැන ඔවුන්ට තියෙන බය සහ සැකයය. රාජපක්ෂලා කරේ තියාගෙන ආවේ මොවුන්ය. අරගලයට පෙර මොවුන් කිහිප දෙනෙක් ඇරෙන්න අනෙක් ඔක්කොම රාජපක්ෂලා නිසා ඉර පායනවා යැයි කියපු අයය. රාජපක්ෂලාට රෙදි නැතුව කඩේ ගියපු අයය.

මිනිස්සු මේවා නොදන්නවා නොවේ. රාජපක්ෂලාට ඡන්දය දෙන්න එපා, රාජපක්ෂලා පරද්දන්න, රාජපක්ෂලා ආයෙ ඇවිත් රට විනාශ කරනවා කීවේ පක්ෂ දෙකක් පමණි. ඒ, සමගි ජන බලවේගය සහ ජවිපෙය. එයිනුත් රාජපක්ෂලාට එරෙහිව මිනිස්සු වැඩිය විශ්වාසය තැබුවේ සමගි ජන බලවේගයටය.

සජිත් ප්‍රේමදාස 2019 ජනාධිපතිවරණයේදී රාජපක්ෂලාට එරෙහිව සටන් කළ ප්‍රධාන නායකයාය. එදා විමල්ලාගේ කණ්ඩායම, ශ්‍රීලනිපය, විජයදාසලා, අනුර ප්‍රියදර්ශන යාපාලා, ඩලස්ලා ඔක්කොම හිටියේ රාජපක්ෂ කරේ තියාගෙනය. 2020 මහ ඡන්දයේදී සජිත් සහ සමග ජන බලවේගය, ජවිපෙ රාජපක්ෂලාව පරද්දන්න යැයි කියන විට ඔය ඔක්කොම රාජපක්ෂලා ශක්තිමත් කරන්න අපිව පාර්ලිමේන්තු යවන්න කීහ.

2020 පොදුජන පෙරමුණ තුනෙන් දෙකේ ආණ්ඩුවක් පිහිටුවපු විට 20 සම්මත කරන්න දෙන්න එපා යැයි කෑමොර දුන්නේ සජිත්ගේ සමගි ජන බලවේගය සහ ජවිපෙ විතරය. මොනවා වුණත් මෛත්‍රිපාල 20ට අත ඉස්සුවේ නැත. කොවිඩ්වලට මුහුණු ආවරණ ඕනා, එන්නත් ඕනා යැයි සජිත් කියන විට රාජපක්ෂලා සජිත්ට පිස්සෙක් කියන විට ඔය ස්වාධීන කණ්ඩායම් ඔක්කොම අත්පොළසන් දුන්හ. සුපිරි ධනවතුන්ට ගහපු බද්ද ඉවත් කරන විට සජිත් ඒ ගැන ප්‍රශ්න කරද්දී ඔය හැමෝම රාජපක්ෂළා ෂෝක් කිය කියා සිටියහ. ජාත්‍යන්තර රේටින් ආයතන ලංකාව ආර්ථික වශයෙන් පහළ දමද්දී සජිත් ඒ ගැන ප්‍රශ්න කරන විට සජිත් තේරෙන්නේ නැති ඉංග්‍රීසි කියනවා යැයි රාජපක්ෂලා අපහාස උපහාස කරද්දී ඔය ස්වාධීන කණ්ඩායම් මහ හයියෙන් සිනාසුණහ.

අරගලකරුවන් ජනාධිපති ලේකම් කාර්යාලයට එන්න කලින් ජනාධිපති ලේකම් කාර්යාලය වට කළේ සජිත්ගේ සජබයය. අරගලකරුවන් ගෝඨාගේ මිරිහානේ ගේ වටලන්න කලින් ගෝඨාගේ මිරිහානේ ගේ වැටලුවේ හිරුණිකා ඇතුළු සජබ කාන්තා බළකායය. ස ෆේල් කියලා රටටම ඇහෙන්න කිව්වේ සජබයය. අද වීරයා වගේ කෑගහන ස්වාධීන කණ්ඩායම එදා රාජපක්ෂලාගේ තුරුලට වෙලා රාජපක්ෂ නැති කරන්න කාටවත් බැහැ යැයි අනාවැකි කීහ.

අද මේ ඔක්කොම පොදුජන පෙරමුණෙන් එළියට ඇවිත් කියන්නේ සජිත් හරි කියා නොව අපි කිව්වා හරි කියාය. ඔවුන් හිතන්නේ පොදුජන පෙරමුණෙන් ආණ්ඩුව ගලවා මිනිස්සු ඔවුන්ට දෙයි කියාය.

මිනිස්සු ඒ තරම් මෝඩ නැත. 1977 මහ ඡන්දයේදී ඇන්.ඇම්.ලා, කොල්වින්ලා, බණ්ඩාරනායකලාගේ කරේ සියලු පවු ගහලා අපි සුදනෝ කියාගෙන එළියට ආහ. එවක ප්‍රධාන විපක්ෂය වූ යූ.ඇන්.පී.යත් පසුපසට වෙලා ඔවුන්ට ඉස්සර වෙන්න දුන්නේය. ඒ වෙලාවේ ජේ.ආර්.ලා පුංචි විය. ඇන්.ඇම්.ලා, කොල්වින්ලා විපක්ෂයේ ජනප්‍රිය තාරකා විය. ඡන්දය ආවේය. ඇන්.ඇම්.ලා, කොල්වින්ලා හෝදාගෙන ගියහ. ජේ.ආර්.ගේ යූ.ඇන්.පී.ය අති විශිෂ්ට ජයක් ලැබුවේය. හේතුව ඇන්.ඇම්.ලා, කොල්වින්ලා, බණ්ඩාරනායකලාට කඩේ ගිහිල්ලා ඔක්කොම පවු කරලා දැන් අත හෝදාගෙන සුදනෝ වෙන්න බැරිය කියන පණිවුඩය මිනිස්සු දුන්න නිසාය. ඇන්.ඇම්.ලා, කොල්වින්ලා හැදුවේ වාමාංශික එක්සත් පෙරමුණක්ය. ඒ ලංකා ඉතිහාසයේ වමේ පක්ෂ එකතු වෙලා හදපු ඓතිහාසික පෙරමුණකි.

‘උඹලයි බණ්ඩාරනායකලයි එකතු වෙලා තමයි අපිව කෑවේ…’

මිනිස්සු 1977 ඡන්දෙදි කිව්වේ ඒ කතාවය. ඊළඟ ඡන්දයකදී ස්වාධීන කණ්ඩායම්වලට අහන්න වෙනනෙත් ඔය කතාවමය. හැබැයි මේ ස්වාධීන කණ්ඩායම්වල ඉන්න මන්ත්‍රීවරුන්ට පවු සමාකර ගෙන තමන්ගේ මන්ත්‍රීකම බේරාගන්න ඕනෑ නම් සමගි ජන බලවේගයට හෝ ජවිපෙට එකතු විය යුතුය. රොනී ඩි මෙල් 1970 පාර්ලිමේන්තු ආවේ බණ්ඩාරනායකලාට කඩේ ගිහින්ය. හැබැයි ඔහු වෙලාවට යූ.ඇන්.පී.යට එක්වී 1977 දින්නේය.

ඊළඟ ඡන්දෙදී රාජපක්ෂ කෙනෙක් ආවත් නැතත් ඉර බෙදෙන්නේත් රාජපක්ෂලා සහ රාජපක්ෂ විරෝධී කණ්ඩායම කියාය. හොඳම නිදසුන 1994 මහ ඡන්දයය. 1993 ප්‍රේමදාස ඝාතනයවී විජේතුංග ජනාධිපති වූ විට ප්‍රේමදාස විරෝධය අවසන්වී මිනිස්සු තමන්ට ඡන්දය දෙනු ඇතැයි විජේතුංග හිතුවේය. ප්‍රේමදාස විරෝධය අවුලපු ගාමිණීගේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ යූ.ඇන්.පී.යට එකතුවී සිටියහ. ඒත් මිනිස්සු ගණන් හැදුවේ යූ.ඇන්.පී. සහ යූ.ඇන්.පී. විරෝධී පිල් දෙකටය. මිනිස්සු යූ.ඇන්.පී.යයි ප්‍රේමදාසයි එකම ගොඩකට දැම්මා මිසක් ගොඩවල් දෙකක් කළේ නැත. 1977 සිට යූ.ඇන්.පී. විරෝධී පිලෙහි සිටි ශ්‍රීලනිපයට මිනිස්සු ඡන්දය දුන්හ. ඊළඟ ඡන්දෙදි වෙන්නෙත් මේකමය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අරගලකරුවන් 9 දෙනෙක් අත්අඩංගුවට ගන්න නියෝග!

Next Post

තෙල් ඉල්ලපු මිනිස්සුන්ට අමානුෂික පහරදීම් කරමින් පිස්තෝල ඔළුවට තියමින් හැසිරීමට එරෙහිව මිනිස්සු නැගී සිටී! කුරුණෑගල පොලිසිය ඉස්සරහා විරෝධතා! (VIDEO & PHOTOS)

MORE NEWS

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

ට්‍රම්ප් කියපු මහා යුද්ධය ඇරඹේ! මුලින්ම ඊශ්‍රායලය ඉරානයට මිසයිල ගහන්න පටන් ගනී! හදිසි තත්ත්වයක් ප්‍රකාශයක් කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඊශ්‍රායලය රිටර්න් එක දෙයි! ඉරානයට බැලස්ටික් මිසයිල වරුසාවක් එල්ල කරයි! ටෙහෙරාන් ගුවන්තොටුපොළත් වසා දමයි! VIDEO I Sri Lanka Latest News

Load More
සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය...

Read more
අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

අපි දැන් වැඩ කරන්නේ මහාචාර්ය ජී.එල්. පීරිස් මහත්තයාගේ උපදෙස්වලට අනුවයි! UNP මහලේකම් තලතා අතුකෝරල ප්‍රසිද්ධියේම කියයි! VIDEO I Sri Lanka Latest News

මාලිමාවට ඡන්දෙ දීපු කැකිරාවේ සුදස්සන හිමියො මාස 9කට පස්සෙ අද කියන කතාව! VIDEO I Sri Lanka Latest News

යූටියුබ් එකෙන් ජනප්‍රිය වූ කැකිරාවේ සුදස්සන හිමිට සියල්ල එපා වෙයි! සටහනක් තබා නිහඬ වෙයි! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

සුදු වෑන් සංස්කෘතිය ආපහු ඇවිත්ද? කඩේට ආපු සෙට් එකක් අම්මාට තර්ජනය කොට දුවව පැහැරගෙන යයි! පොලිසියට පැමිණිලි කරලා දැන් දවස් 2ක්! තාම තොරතුරක් නෑ! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

මාර බුද්ධි අංශ නිලධාරියා කියපු සලේ සතියක් ඇතුළෙ ඉද්දී කෙදිරි ගෑවිලා..! අරගලය කළා කියලා මාව ඇතුළට දැම්මෙත් ඔය පනතෙන්මයි! අපිට සැලකුවේ මීටත් අන්ත විදිහට! එතකොට කොහෙද සලේලා හිටියේ..? ගෝඨාව එළවන්න පාරට බැස්ස මුදලිගේ යළි එළියට! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.