• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විපක්ෂනායක සජිත්ගේ ‘ගමින් ගමට-දොරින් දොරට’ ජංගම සේවය කැබිතිගොල්ලෑවේ ජනතාව අතරට එයි! ජනතා ප්‍රශ්න සොයා බලා විසඳුම් ගැන කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

September 16, 2025
in Exclusive
Reading Time: 17 mins read
A A
විපක්ෂනායක සජිත්ගේ ‘ගමින් ගමට-දොරින් දොරට’ ජංගම සේවය කැබිතිගොල්ලෑවේ ජනතාව අතරට එයි! ජනතා ප්‍රශ්න සොයා බලා විසඳුම් ගැන කතාකරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වර්තමානය වන විට පාර්ලිමේන්තුවේ ජනතා ගැටලු ඉදිරිපත් කරන්න ඇති අවස්ථාව අවම කර ඇති බවත් ජනතා ගැටලු පෙන්වා දෙන විට මයික්‍රෆෝන් විසන්ධි කරන තැනට රජය පත්වී ඇති බවත් විපක්ෂ නායකවරයා ලෙස තමාත් විපක්ෂයේ සෙසු මන්ත්‍රීවරුනුත් නැගී සිටින්නේ පෞද්ගලික දේවල් පැවසීමට නොව ජනතා ගැටලු ඉදිරිපත් කිරීමට නිසා ඒ අවස්ථාවේ එයට බාධා කරන එක, අදහස් ප්‍රකාශනයට බාධා පැමිණවීම බාල, පහත් ක්‍රියාවක් බවත් විය යුත්තේ මයික්‍රෆෝන විසන්ධි කිරිම හෝ බාධා කිරිම නොව විපක්ෂය ඉදිරිපත් කරන ජනතාවගේ ගැටලුවලට සවන්දී ප්‍රායෝගික පිළිතුරු ලබා දීම බවත් අද ඇත්තේ විසඳුම් ලබා දීම නොව බොරු කතා ඉදිරිපත් කර විපක්ෂයේ කටවල් වහන යුගයක් බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ ගමින් ගමට දොරින් දොරට විපක්ෂ නායක ජංගම සේවය යටතේ මැදවච්චිය, කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ගොවි ගැටලු සොයා බැලීම සඳහා මැදවච්චිය ප්‍රදේශයට ගිය අවස්ථාවේදීය.

මෙය දේශපාලන නාට්‍යයක් නොව ජනතාවගේ ගැටලු රජය හමුවේ ඉදිරිපත් කර ජනතා ගැටලුවලට විසඳුම් ලබා දීමට අවශ්‍ය මග පෙන්වීම සිදු කිරීමක් බවත් 2020 වසරේ සිට මෙය ක්‍රියාත්මක වූ බැවින් මෙය දේශපාලන රංගන නොවන බවත් ජනතාව ආණ්ඩු පාර්ශ්වයේ විවිධ රංගනයන්ට හසුවී බලා සිටියත් විපක්ෂයක් ලෙස සමගි ජන බලවේගය රගපෑම්වලින් තොරව සැබෑ ලෙසම ජනතා ගැටලුවලට විසඳුම් ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ජනතා ගැටලුවලට අද රජයෙන් විසඳුම් නැහැ

අද පොදු ජනතාව මුහුණ දෙන්නේ බරපතල ගැටලුවලට වුවත් ඒවාට රජයට විසඳුම් නොමැති බවත් රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ ඇගලුම් කම්හල් අද වැසී ගොස් ඇති බවත් දහස් ගණනකගේ රැකියා නැති වී තරුණ තරුණියන් පවා අනාථ වී ඇති බවත් ඊට අමතරව අලි මිනිස් ගැටුමට පවා විසඳුම් නොමැති බවත් වගා හානියට ජීවිත හානියට දේපල හානියට විධිමත් රක්ෂණ වැඩපිළිවෙළක් නොමැති බවත් මැතිවරණ කාලයේ විදුලි වැට සකස් කරනවා කියූ අය දේශපාලන රංගනවල නිරත වෙමින් කුප්‍රකට නළුවන් වී ඇති බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දෙනවැයි කියූ සහතික මිලත් අද නෑ

වීවලට ලබා දෙනවා කියූ සහතික මිල අද නොමැති බවත් රු. 120ට වී ගන්නවා කියූවත් අද රු.105ටත් තෙත වී රු. 90ත් 95ටත් මිලදී ගෙන ගොවියා සදාකාලිකව දුප්පතුන් බවට පත් කරවන බොරුකාර රැවටිලිකාර වංචාකාර ක්‍රමවේදය පරාජය කළ යුතු බවත් එදා පොහොර මිටිය රු. 5000ට එපා කියා තමා ප්‍රතික්ෂේප කර රු.25000ක සහනාධාරය ඕනෑ යැයි කියා වත්මන් රජයට ඡන්දය දුන්නත් අද ඒ රු. 25000 ප්‍රමාණවත් නොවන බවත් අද වන විට කෘෂි රසායන ගුණාත්මක නොවන බවත් මේ ගැටලුවලට තිරසර විසඳුම් ලබා දී ගොවි ජනතාව රජයන යුගයක් සමගි ජන බලවේගය බලයට පත් වූ පසු නිර්මාණය වන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

රජයට නැති විසඳුම් සමගි ජන බලවේගයට නම් තිබෙනවා

අද වන විට රජය පාරම්පරික හේන් ගොවිතැන් පවා තහනම් කරමින් යන බවත් රක්ෂිත යැයි කියමින් හේන් ගොවියන්ගේ ඉඩම් පවරා ගන්නා බවත් මොවුන්ට ගොවියාගේ දුක නොතේරෙන බවත් වී, බඩඉරිගු, අල ගොවියාට සාධාරණ මිලක් නොමැති නිසා නිෂ්පාදන අලෙවි කර ගත නොහැකි වී ඇති බවත් රජයට මේවාට විසඳුම් නොමැති වුවත් සමගි ජන බලවේගයට විසඳුම් ඇති බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

නිදහස් සෞඛ්‍යත් නමට විතරයි. අනික් හැමදේම මුදලට

වකුගඩු රෝගය බරපතල ලෙස ක්‍රියාත්මක වන කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ රෝහලට ප්‍රමාණවත් තරම් රුධිර කාන්දුකරන උපකරණ නොමැති බවත් රජයට මේවා සම්පූර්ණ කළ නොහැකි වුවහොත් එය සම්පූර්ණ කරන්න කටයුතු කරන බවත් මේ වන විට රටේ බරපත ඖෂධ හිගයක් ඇති බවත් නිදහස් සෞඛ්‍ය වුවත් ප්‍රමාණවත් තරම් බෙහෙත් නොමැති බවත් නිදහස් සෞඛ්‍ය යනු මූලික හා මානව අයිතිවාසිකමක් බැවින් එය ආරක්ෂා කළ යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ රජයේ බොරුවලට තවදුරටත් මංමුලා නොවන ලෙසයි.

SendShareShare
Previous Post

විජේවීරගෙ දකුණු අත..! අනුරගෙ වම් අත..! සේපාල ලියනගේ..! PHOTOS I Sri Lanka Latest News

Next Post

15 පැන්නා! විදුලි ඉංජිනේරුවෝ අද බාහිර රාජකාරීවලින් ඉවත් වෙනවා! හෙට-අනිද්දා සේවකයන් 21800ක් ලෙඩ නිවාඩු! මණ්ඩලය ඉදිරිපිට උද්ඝෝෂණ! හෑල්ලුවට ගන්න එපා! කළුවරේ ඉන්නද වෙන්නේ? Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.