15% සේවා අපනයන බද්ද සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය x ගිණුමේ විශේෂ සටහනක් තබා තිබේ.Sri Lanka Latest News
එහි කරුණු 4ක් සදහන්ය.
🔴 15% සේවා අපනයන බද්ද ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකය අඩපණ කර එම ක්ෂේත්‍රයේ නියුතු නිපුණයන් සිය රට අත්හැර යාමට හේතුවක් වනු ඇත.
🔴 තොරතුරු තාක්ෂණ අංශයේ නිදහස් සේවකයන් සහ සේවා අපනයනකරුවන් විසින් අත්‍යවශ්‍ය විදේශ විනිමය ගෙන එනු ලැබේ. ඔවුන්ට බදු පැනවීම හරහා ආර්ථික වර්ධනය, ආයෝජන සහ නවෝත්පාදනය අධෛර්යමත් කිරිම සිදු වේ.
🔴 ශ්‍රී ලංකාව තුළින් සිදු කෙරෙන අපනයන වර්ධනය කළ යුතුව පවත්නා අවස්ථාවක, දිගු කාලීනව අප රටේ ආර්ථිකයට හානි සිදු කරමින් ගෙන ඇති මෙම පියවර හරහා නිපුණ පිරිස් විදේශගත කරවනු ඇත.
🔴 ඩොලර් උපයන්නන්ට බදු පැනවීම වෙනුවට, රජය දිගු කාලීන ආදායම, ආයෝජන, නිපුණතා සහ කර්මාන්ත සංවර්ධනය වැඩි වර්ධනය කරනු පිණිස ඔවුන්ට දිරිගැන්වීම් ලබා දී සහාය විය යුතුය.
A 15% Services Export Tax will cripple Sri Lanka’s digital economy & drive talent away.
— Sajith Premadasa (@sajithpremadasa) February 26, 2025
🔴 IT freelancers & service exporters bring in much-needed forex. Taxing them discourages growth, investment & innovation.
🔴 At a time when 🇱🇰 needs to boost exports, this move will push… https://t.co/lMTiGrmykw










