අභියෝගවලට මුහුණ දී බුද්ධිමත්ව ජයගනිමු !
2026 නව වසර අපගේ මාතෘ භූමියට අභියෝගාත්මක වසරක් වනු නොඅනුමාන ය. එය මැනවින් හඳුනා ගෙන හැඟීම්වලට නොව බුද්ධියට අවකාශය සලසා දී කටයුතු කිරීමට අප සියලු දෙනා අදිටන් කර ගත යුතු ය.Sri Lanka Latest News
අනපේක්ෂිත ව්‍යවසනකාරී තත්ත්වය හමුවේ අප මුහුණ දී සිටි ආර්ථික, සාමාජීය සහ දේශපාලනික අභියෝග නව මානයකට විතැන් වී තිබේ. මෙම අභියෝග දිනන්නට හුදෙක් ඒකපාර්ශවීය ක්‍රියාකාරකම් හෝ සැලසුම් තුළින් අපහසු වේ. එබැවින් සහයෝගීතාව මේ අවස්ථාවේ ජාත්‍යන්තර සහ ජාතික මට්ටමෙන් අන් කවර කලකටත් වඩා වැදගත් අවශ්‍යතාව බව පෙන්වා දෙනු කැමැත්තෙමි.
අපේක්ෂා භංගත්වය නිසාත් අසරණභාවයෙන් තැවෙන නිසාත් යමක් නොකර සිටීමෙන් තත්ත්වය යහපත් අතට වෙනස් නොවේ. වෙනසක් සඳහා කළ යුත්තේ සියල්ලෝම සියලු දෙනා වෙනුවෙන් එකට එක්ව කටයුතු කිරීම යි. එබැවින් එකඟ විය හැකි තැන එකඟ වන්නටත් එකඟත්වය තුළ කටයුතු කරන්නටත් අප නිහතමානී විය යුතුය. ඇල්බට් අයින්ස්ටයින් පැවසූ ආකාරයට සත්‍ය සහ යුක්තිය පිළිබඳ කරුණුවල දී විශාල සහ කුඩා ගැටළු අතර වෙනසක් නොමැත. මන්ද මිනිසුන්ට සැලකීම පිළිබඳව ගැටලු සියල්ලම එක හා සමාන වන බැවිනි.
මේ අභියෝගාත්මක වසරේ දී අප ක්‍රියා කළ යුත්තේ අපේ සහෝදර ජනතාව මුහුණ දී ඇති සෑම ගැටළුවක්ම එක හා සමාන ලෙස සලකා පිළිතුරු සොයා ගැනීමට යි. එවැනි දැක්මක් හා දර්ශනයක් ඇතිව ක්‍රියා කරන්නට සියලු ආගමික නායකයින් දේශපාලන හා සමාජ ක්‍රියාකාරීන් මෙන්ම රටේ සමස්ත ජනතාවට ධෛර්යය ශක්තිය ලැබෙන නව වසරකට සුබ පැතුම් එක් කරමි.
සජිත් ප්‍රේමදාස,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක සහ
සමගි ජන බලවේගයේ නායක.










